තරවටු නොකර දරුවන්ට කෑම කවන කලාව හැම මවක්ම දැන ගත යුතුයි

June 11, 2018
16,890
A mom should know how to feed her child
පොඩි දරුවෝ ඉන්න අමමලාට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කෑම ටික කවා ගන්න එක. පොඩි දරුවෝ ඉතින් කෑම කන්න ටිකක් අදිමදි කරනවා තමයි. පැණි රස කෑම කන්න නම් පැනලා කැමති වුනත් ගුණ දෙයක් කවා ගන්න නම් ගේ වටේ දුවලා ලොකු යුද්ධයක් කරන්න වෙනවා. තරවටු කරලා බලෙන්, වදෙන් පොරෙන් කෑම කවන්නේ නැතුව දරුවන්ට කෑම කවන විදිය ගැන පොඩ්ඩක් දැන ගත්ත නම් මින් පස්සේ ඔයාට මහන්සියකුත් නෑ දරුවට කෑම එපා වෙන්නෙත් නෑ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 2-3 අතර දරුවන්ගේ උසේ වර්ධනය අඟල් 2ක් 3ක් පමණ වෙනවා. ඒ වගේම ශරීරයේ වර්ධනය 3kg ක් පමණ සිදු වෙනවා. ඒ වගේම මේ වයසේදී දරුවාගේ බුද්ධි වර්ධනයත් සිදු වන නිසා අනිවාර්යෙන් පෝෂ්‍යදායි ආහාර ලබා දීම අතිශය වැදගත් වෙනවා. ඒ නිසා හැම වෙලාවකම ඔබ දරුවාට ලබා දෙන ආහාර පාන මොනවද හා ඒවායේ ගුණ අගුණ මොනවාද කියන එක ගැනත් අවබෝධයෙන් ඉන්න. 

ඒකාකාරී විදියට දෙන ආහාර පාන වලට කිසිම දරුවෙක් කැමතිවෙන්නේ නැහැ. ඒ නිසා දිනපතා දරුවාගේ ආහාර වේල තුල වෙනසක් කරන්න. ඒ වගේම එකම තැන ඉඳගෙන කෑම කවනවාට වඩා දරුවත් එක්ක ඇවිදමින්, කතාවක් කියමින් කෑම කවන්න. විශේෂයෙන් දරුවා ප්‍රතික්ෂේප කරන ආහාර වල වෙනසක් ඇති කරන්න. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩියෙන් ලබා දෙන්න. එය දරුවාගේ වර්ධනයට ඉතාමත් අවශ්‍යයි. අල, බතල, රතු කැකුළු බත් අඩංගු කරන්න.

ඒ වගේම ප්‍රෝටීන් සහිත අහාර දරුවාගේ ආහාර වේලට එකතු කරන්න. මස්,මාළු, පීකුදු වැනි ආහාර වලින් දරුවාට අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාව සපිරෙනවා. ඒ වගේ තෝර මාළු, පරා මාළු, මෝර මාළු වැනි සුදු පැහැති මාළු වර්ග දරුවන්ට ඉතාමත් ගුණදායකයි. ඒ වගේම ප්‍රෝටීන් අඩංගු බෝංචි, දඹල වැනි ආහාර විවිධ විදියට පිළියෙළ කර දරුවාට ආහාරයට දෙන්න. හැමදාම එකම විදිහට සකස් කරනවා වෙනුවට විවිධ හැඩයෙන් විවිධ රසයෙන් ආහාර පිළියෙල කරන්න. ඒ වෙනසට ඔවුන් කැමති වෙයි. 

දරුවාගේ වර්ධනයට  කැල්සියම් කියන්නේ අත්‍යවශ්‍යම පෝෂ්‍යපදාර්ථයක්. කැල්සියම් අවශ්‍යතාවය සැපිරීම සඳහා කුඩා කිරි වීදුරුවක්, චීස් පෙත්තක්, බ්‍රකෝලි, බණ්ඩක්කා වැනි ආහාර ලබාදෙන්න. ඒ වගේම දවසකට අවම වශයෙන් පලතුරු වර්ග දෙකක්වත් දරුවාට ලබා දෙන්න. 

ඒ වගේම කුඩා වයසේ ඉඳලම දරුවාට වතුර බොන්න පුරුදු කරන්න. ඒ වගේම පලතුරු යුෂ කියන්නත් දරුවන්ට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න තියෙන හොඳ මූලාශ්‍රයක්. විශේෂයෙන් දොඩම් යුෂ දරුවන්ට ගුණදායකයි. දරුවන්ට ස්වාභාවික කිරි ලබාදිය යුත්තේ වයස අවුරුදු දෙක සම්පූර්ණ වීමෙන් පසුව. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබ සැලකිලිමත් වෙන්න. යම් හෙයකින් දරුවාගේ බර අඩු නම් කැලරි ප්‍රමාණය වැඩි ආහාර ලබාදෙන්න. කුඩා දරුවන්ට නම් අල ගෙඩියක් තම්බා එයට බටර් ස්වල්පයක් එක් කර ආහාරයට එක් කරන්න. 

කිසිම වෙලාවක දරුවාගේ කිසිම කෑම වේලක් අතපසු වෙන්න දෙන්න එපා. කායික හා මානසික යන අංශ දෙකෙහිම වර්ධනය කුඩා අවධියේ සිටම හොඳින් සිදුවිය යුතු නිසා සෑම පෝෂ්‍ය පදාර්තයක්ම සම්පූර්ණ වෙන විදියට දරුවාගේ ආහාර වේල සකස් කරන්නටත් ඒ ආහාර වේල තුළ වෙනස්කම් කරලා දරුවාට කෑමට දෙන්නත් කටයුතු කරන්න. එහෙම වුනොත් දරුවන්ට කෑම කවන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 872 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:39:29 AM
Script:/article/872/a-mom-should-know-how-to-feed-her-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:39:30 AM
Script:/article/872/a-mom-should-know-how-to-feed-her-child.html