ලෙමන් එක්ක වතුර බිමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමයටත් පත් වෙයි

November 21, 2018
15,200
You will be surprised to see the benefits of drinking water with lemon
රුව ලස්සන කියන්නේ ගැහැණියකට එහෙමත් නැත්තම් කාන්තාවකට ආභරණයක් හා සමානයි. කාන්තාවක්, යුවතියක් විදිහට කොයි කවුරුත් කැමතියි හැඩට වැඩට ලස්සනට ඉන්න. ලස්සනට ඇඳලා පැළඳලා කාගෙත් සිත් ආකාර්ෂණය කර ගන්න. ලස්සන වෙන්න වගේම නිරෝගීව ඉන්නත් ඔයාට කොතරම් කැමැත්ත තිබුණත් වැඩක් වෙන්නේ නැහැ ඒ වෙනුවෙන් උනන්දුව සහ කැපවීම නැති නම්. ලස්සනට ඉන්න කියලා අමුතුවෙන් දෙයක් කරන්න අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. එදිනෙදා ජීවිතය හරියට කළමණාකරණය කර ගත්තොත් ඔයාට අපූරු සුන්දරත්වයක් ළඟා කර ගන්න පුළුවන්. ඉතිං වෙනදා වගේම ඔන්න අදත් හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා රුව ගුණ වඩවාගෙන නිරෝගීව ඉන්න පුළුවන් පානයක් ගැන.

පානයක් කියලා කිව්වම ඔයාට හිතෙන්න පුළුවන් කවදාවත් අහලා නැති විශ්මිත පානයක්ද කියලා. ලෙමන් කියන්නේ නුහුරු නුපුරුදු පානයක් නෙමෙයිනේ ඔයාට. ඒත් අද හැඩකාරී ඔයාට කියන මේ වාසී ටික අඩුවක් නැතුව ලබා ගන්න නම් ලෙමන් බොන්න ඕන වතුරත් එක්ක. හැමදාම උදේට වතුර වීදුරුවකට ලෙමන් යුෂ එකතු කරලා බොන පුරුද්ද ඇති කර ගත්තොත් මේ කියන වාසී ඔයාට නොමිලයේම ලබාගත හැකියි. මුලින් ලිපිය කියවලාම බලන්නකෝ... එතකොට ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි මේ කියන පානයේ ගුණ කොතරම්ද කියලා.

බර අඩු වෙනවා

ගොඩක් යුවතියන්ට එහෙමත් නැතිනම් කාන්තාවන්ට තියෙන ප්‍රශ්ණයක්නේ පමණට වඩා සිරුරේ බර වැඩි වීම. අවධිමත් ආහාර රටාව, ව්‍යායාමවල නිරත නොවීම, සීනි සහ තෙල් අධික ආහාර වර්ග වගේම පිටි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔයාගේ සිරුර දැඩි ලෙස ස්ථූල බවට පත් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඔයාට මේ ගැටළුවෙන් අත් මිදෙන්න පුළුවන් පානයක් තමයි ලෙමන් පානය කියන්නේ. වතුර හොඳින් පානය කිරීමෙන් සිරුරේ තියෙන අපවිත්‍රකාරක ඉවත් වෙලා යනවා කියලා ඔයා දන්නවානේ. ඉතිං ලෙමන් යුෂ එකතු කරලා වතුර බොනකොට සිරුරේ තියෙන මේදය පිච්චිලා යනවා. ගොඩක් වේලාවට ඔයාගේ සිරුර අධික තරබාරු බවක් ඇති වෙන්නේ මේදය නිසා. ඉතිං ලෙමන්වල අඩංගු ඇසිඩ් අනවශ්‍ය මේදය දහනය කරනවා. රුධිරගත සීනි මට්ටම පාලනය කරනවා විතරක් නෙමෙයි ලෙමන් ජලය තුළ අඩංගු පෙක්ටින් ආහාර රුචිය පාලනය කරනවා. ඉතිං හැමදාම උදේට නිකම් වතුර වීදුරුවක් බොනවා වෙනුවට අද ඉඳන් ලෙමන් යුෂ එකතු කරපු වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. එතකොට මේ කියන තරබාරු බව නැති කර ගන්න පුළුවන්.

කුරුළෑ කරදරයට තිත

ලෙමන් කියන්නේ රූපලාවණ්‍ය සත්කාර රැසකට භාවිත කරන සංඝටකයක් කියලා ඔයා දන්නවානේ. ඉතිං ලෙමන් යුෂ සහ ජලය එකට මිශ්‍ර කර පානය කිරීම මගින් ඔයාගේ මුහුණේ තියෙන කුරුළෑ කරදරයට සදහටම සමු දෙන්න පුළුවන්. ලෙමන් කියන්නේ ඇසිඩ් ගුණයෙන් ඉහළ පිරිසිදු කාරකයක් නිසා ඔයාගේ මුළු සිරුරම පිරිසිදු කරනවා. එහි එක් ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයාගේ මුහුණේ කුරුළෑ ඇති වීම නවතින්නේ. ලෙමන් මිශ්‍ර කළ වතුර බොනවාට අමතරව මුහුණ සෝදන්නත් පුළුවන් නම් වඩාත් හොඳයි.

මළබද්ධයට සාර්ථක විසඳුමක්

ලොකු කුඩා කොයි කවුරුත් අපහසුතාවට පත් වන සංකූලතාවක් තමයි මළබද්ධය කියන්නේ. වැඩිහිටියෙක්ට වඩා පොඩි දරුවෙක් මෙවැනි තත්ත්වයකට පත් වුණාට පස්සේ ටිකක් වැඩියෙන් අපහසුතාවට පත් වෙනවා. ලෙමන් මුසු කළ ජලය කියන්නේ මෙවැනි තත්ත්වයක් පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් ක්‍රමයක්. ලෙමන්වල ක්‍රියාකාරීත්වය නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු වී බහිස්‍රාවීය ක්‍රියාවලිය පහසු කරනවා. ඉතිං ලොකු කුඩා කාටත් මෙවැනි සංකූලාවක් ඇති වූ විට මෙවැනි ක්‍රි‍යාමාර්ගයක් පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන්.

සන්ධි වේදනවාට සහ ඉදිමුමට විසඳුමක්

ගොඩක් වේලාවට ඔයාට ඇතිවන ඇඟපත වේදනාවන්ට, සන්ධි වේදනාවන්ට භාවිත කරන්නේ විවිධ බාම්, ටැබ්ලට් හා ඔයිල් වර්ගනේ. ඒත් අද හැඩකාරී කියන මේ ලෙමන් වතුර පානය මගිනුත් මේ කී වේදනාවන් සියල්ල අකා මකා දමන්න පුළුවන්. ලෙමන් වතුර පානය කිරීම මඟින් සන්ධිවල යූරික් නම් අම්ලය ඉවත් කර ගන්න උපකාරී වෙනවා. විශේෂයෙන්ම ආතරයිටිස් රෝගය වැළදුණු රෝගීන්ට ලෙමන් පානය ඉතාමත් ගුණදායකයි. මාංශපේශීවල ඇතිවන වේදනාව හා තැලීම් නිසා ඇතිවන වේදනාවන් අවම කර ගන්නටත් මේ පානයට හැකියාව තියෙනවා. එපමණක්ම නෙමෙයි. සමේ අසාදන තත්ත්වයන් සුවපත් කර ගන්න වගේම නිපොතු සවිමත් කර නියමල් ඇතිවීම වළක්වාලන්නත් මෙකී පානයට පුළුවන්.

ප්‍රතිශක්තීකරණය

ලෙමන් යුෂ රෝග සුව කිරීමේ ගුණය අතින් ඉහළයි. මොකද ලෙමන්වල අන්තර්ගත ප්‍රතිශක්තිකරණය ගුණය නිසා රෝග ආසාදන තත්ත්වන් ඇති වීම පාලනය කිරීමටත්, වළක්වා ගැනීමටත් පුළුවන්. ලෙමන්වල ප්‍රතිශක්තීකරණ ගුණය වගේම ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය හා ප්‍රති වෛරස ගුණය නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය සවිමත් කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයන් පහසුවෙන් සුව කරනවා. මේ කියන වාසී ලබාගෙන නිරෝගීව ඔයත් ඉන්න කැමති නම් ලෙමන් යුෂ මිශ්‍ර වතුර වීදුරුවක් බොන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1176 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:58:30 PM
Script:/article/1176/you-will-be-surprised-to-see-the-benefits-of-drinking-water-with-lemon.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:58:30 PM
Script:/article/1176/you-will-be-surprised-to-see-the-benefits-of-drinking-water-with-lemon.html