රහසේම ඔබගේ සමට හානි කරන එදිනෙදා පුරුදු 10ක්

August 30, 2021
19,219
10 habits that are secretly ruining your skin
බොහෝ දෙනා සිතනවා සම වයසට යන්නේ ඉතා සෙමින් බවට.. නමුත් මොහොතක් ගෙන සිතා බලන්න ඔබගේ සම ඔබ කුඩා කලදී, නැතිනම් ඔබ නව යොවුන් වියේ සිටියදී තිබූ පරිදිම නීරෝගිමත්ව තිබෙනවාද? නැතිනම් වියළී හෝ අවපැහැ ගැන්විලාද..? අපගේ සම වයස්ගත විම හෝ හානි වීම කෙරෙහි 90%ක්ම බලපානු ලබන්නේ අප සම කෙරෙහි දක්වන සැලකිල්ල මත පදනම්ව බව ඔබ දන්නවාද??

සමට වඩාත් හානිදායක වන එදිනෙදා පුරුදු 10ක් සම්බන්ධයෙන් හැඩකාරි අපි සොයාබැලූ අතර එම කරුණු සහ සමට හානිදායක දෑ වළක්වා ගැනීමට ඔබට අනුගමනය කල හැකි පියවරයන් අපි මෙම ලිපිය මගින් ඔබවෙත ගෙන එනවා..

1. හිසකෙස් සඳහා යොදන ආලේපන සමෙහි තැවරීම
ෂැම්පූ, කන්ඩිෂනර්, මාස්ක් සහ නොයෙකුත් හිසකෙස් විලාසිතා සඳහා යොදනු ලබන ස්ප්‍රේ වැනි නොයෙකුත් ආලේපන වර්ග අප එදිනෙදා අපගේ හිසකෙස් සඳහා භාවිතා කරනවා. නමුත් මෙම බහුතරයක් නිෂ්පාදනවල සල්ෆේට් (sulfates) අඩංගු වන අතර එම ආලේපන ගැල්විමෙදී ඒවා මුහුණෙ සම මත තැවරෙන අතර එමගින් සම අවපහ ගැනීම, වියළීම, සමෙහි ඇති සිදුරු අවහිර වීම, පිළිස්සීම වැනි ගැටළු ඇතිකරනවා. එමනිසා සෑමවිටම හිසකෙස් ආශ්‍රිත නිෂ්පාදන මිලට ගැනීමේදී සල්ෆේට් අඩංගු නොවන ආලේපන මිලට ගැනීමටත් හිසෙහි ආලේපන තවරන විට නළල සහ මුහුණ ආවරණය කරගැනීමත් කල යුතුයි.

2. සම සඳහා අධික ලෙස ආලේපන වර්ග ගැල්වීම
බොහෝ ආලේපන වර්ග වල ස්වභාවික අමුද්‍රව්‍ය වලට වඩා රසායන ද්‍රව්‍ය අඩංගු වන අතර සාමාන්‍යයෙන් අප ඉතා කෙටි කලකින් එක් ආලේපන වර්ගයකින් තවත් ආලේපන වර්ගයක් ලෙස විවිධ ආලේපන සඳහා මාරුවනවා.. මේවායේ අන්තර්ගත කල්තබා ගන්නා රසායන ද්‍රව්‍ය හේතුවෙන් සම මත ආසාදන, සම වියළීම, කුරුලෑ ඇතිවීම වැනි ගැටළු ඇතිවිය හැකියි. එමනිසා විවිධ නිෂ්පාදන අත් හදා බැලීමෙන් වැළකී සමට ඉතාමත් සුදුසු ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන 1 ක් හෝ 2ක් භාවිතයට හුරුවන්න.


3. මුහුණේ අනවශ්‍ය රෝම ඉවත්කරන ආලේපන ප්‍රමාණය ඉක්මවා භාවිතය
මුහුණේ අනවශ්‍ය රෝම ඉවත්කිරීමට භාවිතා කරන ආලේපන සහ රෝම ඉවත් කිරීමේන් පසුව උද්දීපනය පාලනයට ආලේප කරන ආලේපන වර්ග වල සමට ආසාත්මික විය හැකි අමුද්‍රව්‍ය අඩංගු වන බැවින් සැලකිලිමත් වන්න. විෂ සහිත නොවන ආලේපන තෝරාගන්න.

4. නව පරිසර තත්ත්වයන් ඇති ස්ථාන වෙත සංචාරය
ඔබට හුරුපුරුදු පරිසරයෙන් මිදි අලුත් පරිසර තත්ත්වයන් වෙත සංචාරය කරනවිට එහි ඇති හිරු එළියේ බලපෑම, තාපය, සීතල සහ ආර්ද්‍යතාවය වැනි සාධක ඔබේ සමට හානිදායක වීමට ඉඩ තිබෙනවා. එමගින් සමෙහි ආසාදන, කුරුළෑ, කැසීම් සහ අධිකලෙස සම වියළීම් වැනි තත්ත්ව ඇතිවීමට ඉඩ තිබෙනවා. හිරු එළියට නිරාවරණය වන විට ආරක්ෂිත ආලේපනයක් පලදින්න. උෂ්ණාධික පරිසරයේදී මෙන්ම සීතල අධික පරිසරයේදීද සම වියළීමට ලක්වන බැවින් සමට සුදුසු මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

5. මේක් අප් ඉවත් කිරීමට භාවිතා කරන ආලේපන වර්ග
සමෙහි සිදුරු අවහිර කිරීම, කුරුළෑ ඇතිවීම වැනි තත්ත්ව සඳහා බලපෑම් එල්ල කරනු ලබන ප්‍රධාන ක්‍රමයක් ලෙස ඔබ මේක් අප් ඉවත් කිරීමට භාවිතාකරන ආලේපන හැඳින්විය හැකියි. දිනපතා මේක් අප් ඉවත් කිරීමට මෙවැනි රසායන අඩංගු ආලේපන භාවිතය සම සඳහා දැඩි අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. මෙයට විසඳුමක් ලෙස සෑමවිටම comedogenic නොවන ආලේපන තෝරාගත යුතුය.

6. මුණින් අතට නිදාගැනීම
බොහෝ දෙනා නිදාගැනීමට පුරුදු වී සිටින්නේ මුහුණ කොට්ටයට තද කරගෙනයි.. එම ඉරියව්වේදී මුහුණ කොට්ටයට තදව ඇති අතර එමගින් සමේ සිදුරු අවහිරවන අතර කුරුලෑ ඇතිවීමට හේතු විය හැකියි. එමනිසා සෑමවිටම මුහුණ උඩට හැරී තිබෙන ලෙස නිදාගැනීමට උත්සාහ කරන්න.

7. ප්‍රමාණය ඉක්මවා ස්ක්‍රබ් කිරීම
සතියකට දින 3 ක් හෝ 4ක් සම ස්ක්‍රබ් කරන්න. දිනපතා කිරීමෙන් වළකින්න.

8. ශරීරය පිරිසිදු කිරීමේදි ජලයේ උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වන්න

සමේ සුවය පිළිබඳ සැලකිලිමත් වීමේදි ඔබ නෑමට හෝ ඇඟ සේදීමට භාවිතා කරන ජලයේ උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. සිසිල් ජලයෙන් සම මත මනාව පිරිසිදු නොවන අතර උණුසුම් ජලයෙන් සම අධික ලෙස වියළීමට ලක්වනවා.. එමනිසා මද උණුසුම් ජලය සම සඳහා වඩාත් සුදුසු වනවා. 98ºF සිට 108ºF (36C-42C) දක්වා උණුසුමකින් යුතු ජලය භාවිතා කරන්න.

9. සකස් කරන ලද ආහාර අනුභවය
කේක් වර්ග, සොසේජස්, බේකන් වැනි දෑ සහ බර්ගර් වැනි සකසන ලද ආහාරයන් හි අධික ලෙස කාබෝහයිඩ්‍රෙට් සහ සීනි අඩංගු වනවා.. එමගින් කුරුලෑ අතිවිම, තරබාරුව වැනි රෝග තත්ත්ව ඇතිවිය හැකියි. එමනිසා කෙටි කෑම වර්ග භාවිතය අඩුකර සෑමවිටම නැවුම් එළවලු සහ පළතුරු වැනි සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටින් සහිත ආහාර රටාවකට හුරු වීමත් ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීමත් ඉතාමත් වැදගත් කාරණාවක්.

10. උදෑසන අවදි වීමෙන් පසු මුහුණ නිසි ලෙස පිරිසිදු නොකිරීම
රාත්‍රී නින්දෙන් අපගේ සම අලුත්වැඩියා වීමක් සිදුකරන අතර අනවශ්‍ය තෙල්, බැක්ටීරියා වැනි දෑ පිටකරනු ලබන අතර ඒවා මුහුනෙහි සම මත තැන්පත්ව තිබෙනවා. එමනිසා උදෑසන අවදි වූ විගස මුහුණ හොඳින් පිරිසිදු කරගත යුතුයි. එසේ නොවුණ හොත් සම අධික ලෙස වයසට යාම, කුරුළෑ ඇතිවීම, රැළි වැටීම වැනි තත්ත්වයන්ට ඉක්මණින් ගොදුරු වනවා.


සම ඔබගේ පෙනුම කෙරෙහි විශේෂ බලපෑමක් එල්ල කරන තර එය ඔබට ආත්ම විශ්වාසයෙන් යුතුව බාහිර ලෝකයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා.. එමනිසා හැකි සෑම විටම ඉහත සඳහන් වැරදි පුරුදු වලින් මිදීමට උත්සාහ කරන්න.. වියළීමෙන් අවපහ ගැන්වීමෙන් තොරව දිදුලන නීරෝගි සමක් පවත්වාගෙන යාමට ඔබට අනුගමනය කල හැකි පියවර සමග නැවත ලිපියකින් හමුවෙමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2058 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:36 PM
Script:/article/2058/10-habits-that-are-secretly-ruining-your-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:36 PM
Script:/article/2058/10-habits-that-are-secretly-ruining-your-skin.html