අනවශ්‍ය රෝම පහසුවෙන්ම ඉවත් කරන්න තියෙන හොඳම විසඳුම

November 15, 2017
8,715
Natural way of removing unnecessary hair from your face
වයස භේදයකින් තොරව හැම කාන්තාවක්ම තමන්ගේ මුහුණේ පෙනුම ගැන වැඩිපුර ටිකක් වද වෙනවා. හැම වෙලාවකම තමන්ගේ මුහුණ තව තවත් ලස්සන කර ගන්න උත්සාහ කරනවා. ඒත් කම්මුල දෙපැත්තේ, නිකටේ, නළලේ, බෙල්ල, උඩු තොල වැනි ප්‍රදේශ වල ඇති වන අනවශ්‍ය රෝම ඔයාගේ සුන්දරත්වයට බාධාවක්. නමුත් ඒ විදිහට අනවශ්‍ය රෝම ඇති වෙන එක සාමාන්‍යයි. හේතු කිහිපයක්ම නිසා මේ විදිහට අනවශ්‍ය රෝම ඇති වෙනවා.

ජානමය සාධක 

පාරිසරික සාධක 

ඔපස් චක්‍රයේ අක්‍රමවත් බව

හෝමෝන වල වෙනස් වීම

ගර්භනී සමයේ සිදුවන හෝමෝන වල වෙනස් වීම

ගන්නා ඇතැම් ඖෂධ වල බලපෑම් 

මේ වගේ විවිධ සාධක මෙයට බලපානවා. වේදනාකාරි ක්‍රම වලින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් සමේ හානි සිදු විය හැකියි. ඒ වගේම ඒවා ස්ථිර විසඳුමක් නෙවෙයි. ඒ නිසා කෘතීම ක්‍රම වලින් කරන අනවශ්‍ය රෝම ඉවත් කිරීම් වලට වඩා ස්වාභාවිකව කර ගන්න ප්‍රතිකර්මයකින් අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මේ ප්‍රශ්නෙට ඔයාට ගෙදරදීම පහසුවෙන් කර ගන්න පුළුවන් අතුරු ආබාධ නැති හොඳම විසඳුමක් තමයි මේ.

අත් කහ කුඩු මේස හැඳි 1ක් 
ලුණු කුඩු මේස හැඳි 1ක් 
කිරි මේස හැඳි 2ක්
ලෙමන් ගෙඩි භාගයක යුෂ 

මේ සියල්ල හොඳින් මිශ්‍ර කරලා ඝන තලපයක් සකස් කර ගන්න. මුහුණ හොඳින් පිරිසිදු කර ගෙන අනවශ්‍ය රෝම ඇති ප්‍රදේශ වල ආලේප කර විනාඩි 5ක් පමණ කවාකාරව සම්බාහනය කරන්න. තවත් විනාඩි 5ක් පමණ තියෙන්නට හැර හොඳින් සෝදා හරින්න.

මේ සත්කාරය දිනකට දෙවරක් බැඟින් සති දෙකක් කරද්දී අනවශ්‍ය රෝම ටික ටික මුහුණෙන් ඉවත් වී ඇති ආකාරය හඳුනා ගන්න පුළුවන්. දිගටම මෙහෙම කරද්දී අනවශ්‍ය රෝම සියල්ලක්ම සම්පුර්ණයෙන්ම ඉවත් කර ගන්න ඔයාට පුළුවන්. කාලයක් ගත වුනත් මේ ක්‍රමය මඟින් සමට හානියක් නොවෙන විදිහට ස්ථිර විසඳුමක් හොයා ගන්න ඔයාට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 516 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:59 PM
Script:/article/516/natural-way-of-removing-unnecessary-hair-from-your-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:59 PM
Script:/article/516/natural-way-of-removing-unnecessary-hair-from-your-face.html