හැමෝටම ආකර්ශනීය වෙන්න මෙන්න මේ පියවර අනුගමනය කරන්න

February 15, 2017
13,083
How to Look Attractive
අපි හැමෝම සමාජයේ කැපී පේන්න, ආකර්ශනියව ඉන්න ආසයි. ඔබ එදිනෙදා කටයුතු කරන සමාජ තත්වය කුමක් වුවත්, මේ පියවර අනුගමනය කලොත්, අනිවාර්යයෙන්ම ඔබට හැමෝම ප්‍රියකරන ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න පුළුවන්.

1. ලස්සනට හිනාවෙන්න

How to Look Attractive
හැම වෙලාවකදීම ලස්සන හිනාවකින් ඔබේ මුහුණ සරසගන්න. සිනහමුසු මුහුණින් ඉන්න කෙනෙක් එක්ක කාටත් කටයුතු කරන්න හරිම පහසු බවක් දැනෙනවා. ඔබ ඇතුලතින් මොන තත්තවයක හිටියත්, අනිත් අයට එකෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා හැම වෙලේම සිනිහමුසු මුහුණින් කටයුතු කරන්න.

2. ඔබේ මුහුණ මත ඇති අනවශ‍ය රෝම ඉවත් කරන්න.

How to Look Attractive
අපි කතා කරන්නේ පිරිමි ඔබේ රැවුල ගැන. රැවුල පිළිවලට කපා තැබීමට හැම වෙලාවකදීම මතක තබා ගන්න. රැවුල වැවීමට ඔබ කැමති නම්, එය පිළිවලකට පවත්වාගන්න. ගැහැණු අය නම්, ඇහි බැම හැඩට තබා ගන්න.

3. ඔබේ කොණ්ඩය පිලිවලට සකසා ගන්න.

How to Look Attractive
ඔබේ කොණ්ඩය tip-top එකට තියාගන්න මතක තියා ගන්න. මොකද ඔබේ කොණ්ඩය හරියට ඔබේ ඔටුන්න වගේ. අවශ්ය වෙලාවට කොණ්ඩය කපලා, පිරිසිඳු පිළිවල කොණ්ඩයක් පවත්වාගන්න එක ගොඩාක් වැදගත්.

4. ඔබේ ඇඟට සරිලන ඇඳුම් අඳින්න.

How to Look Attractive
පිළිවලට ඇඳුම් අදින අයට කව්රුත් කැමතියි. ඒ නිසා අනවශ‍ය ලෙස ඔබේ ප්‍රමාණයට වඩා ලොකු හෝ පොඩි ඇඳුම් ඇඳීමෙන් වලකින්න. ඔබේ ශරීර ප්‍රමාණයට හරියටම ගැලපෙන ඇඳුම්ම පමණක් තෝරාගන්න.

5. හැම වෙලාවකදීම ඇස් දිහා බලලා කතා කරන්න.

How to Look Attractive
ඔබ යම් පුද්ගලයෙක් එක්ක කතා කරන විට හැම වෙලාවකදීම ඔහුගේ හෝ ඇයගේ ඇස් එක්ක තියෙන සම්බන්ධතාවය පවත්වා ගන්න. කෙනෙක්ගේ ඇස් දිහා බලාගෙන කතා කරනකොට, ඒ පුද්ගලයාට වැදගත්කමක් වගේම සතුටක් දැනෙනවා.

6. විශ්වාසයෙන් යුතුව ඇවිඳින්න.

How to Look Attractive
ඔබේ ඇස්, හිස සහ ශරීරය කෙලින් තබාගෙන විශ්වාසයෙන් යුතුව ඇවිඳින්න. ඔබව දකින කාටත් එය ලස්සනට පෙනේවි.

තව දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ගැන වෙන දවසක කතා කරමු.
කාටත් ආකර්ෂනියව ඉන්න කව්ද අකමැති නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Oyster Mushroom Crispy Recipe
   5,348
   61

බිම්මල් ක්‍රිස්පි - Recipe

ඔයාගේ මුළුතැන්ගෙයි සකස් කර ගන්න පුළුවන් රසවත් බිම්මල් ක්‍රිස්පි හදන හැටි හැඩකාරී අපි ඔයාට කියලා දෙන්න තීරණය කළා
Do not do these if you want to look rich
   62,828
   58

ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා

ආකර්ෂණිය ධනවත් පෙනුමක් ලබා ගැනීමට අපි එතරම් සැලකිල්ලක් නොදක්වන මේ වැරදි ටික හදා ගත්තොත් ඔබට කා අතරත් කැපී පෙනෙන්න පුලුවන්
Are we emotionally available mothers?
   397
   38

අපි ඇත්තටම දරුවන් සමඟ හදවතින්ම බැඳුනු මවුවරුන්ද?

දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න හිතාගෙන මව්වරුන් බොහෝ දෙනෙක් විශාල වගකීම රාශියක හිර වෙලා. මේ මොන දේ කරත්, අපි අපේ දරුවන් එක්ක හදවතින් බැඳිලද ඉන්නේ කියන ප්‍රශ්නය අපෙන්ම අසන්න මේ ලිපිය ඔබට උපකාරී වේවි..
Advice to keep your home beautiful
   842
   35

සිත නිවන ලෙස ඔයාගේ නිවස අලංකාර කර ගැනීමට උපදෙස්

ඔයාගේ නිවස ආකර්ශනීය කිරීමට අවශ්‍යද? ඔයාගේ නිවස තුළ විශ්මයජනක පෙනුමක් ඇති කරන්න උපදෙස් කිහිපයක් මෙන්න. මෙම සරල ටිප්ස් භාවිතා කරලා ඔයාගේ නිවසට සිත් ඇදගන්නා සුළු පෙනුමක් ඇති කර ගන්න පුලුවන්
Do not save your marriage if he is like this
   880
   31

ඔහු ළඟත් මේ ලක්ෂණ තියෙනවා නම් විවාහය රැකගන්න හදන්න එපා

බොහෝ බිරින්ඳෑවරුන් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ වැරදි හැසිරීම තමන්ගේ පිටම පටවා ගෙන ඔහුව සාධාරණීකරණය කිරීමේ වරද සිදු කරනවා. ඔයාත් එහෙම බිරිඳක් නම් ඔයාගේ විවාහය රැකගන්න ඕනේ කියලා මේ වැරදි නම් ගණන් නොගෙන ඉන්න එපා

Latest Articles

Most Viwed