දියවැඩියාව පිළිබඳව අනතුරු අඟවන ඔබේ සම මත දිස්වන මේ සංඥා 4 ගැන අවධානයෙන් ඉන්න

January 5, 2021
7,858
Skin conditions to say be aware of diabetics
දියවැඩියාව කියන්නේ ඔබේ සම ඇතුළු ඔබේ ශරීරයේ කොටස් කිහිපයකට ම බලපාන රෝගයක්. දියවැඩියා රෝගය සම්බන්ධ මෙම සලකුණු ඔබ කිසිසේත් නොසලකා නොහැරිය යුත්තේ ඒ නිසායි. පසුගිය වසර කිහිපය තුළ දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය බොහෝ සෙයින් වැඩි වෙලා තියනවා. ඒ නිසා ඒක තව දුරටත් නොසලකා හරින එක හොඳ සලකුණක් නෙමෙයි. දියවැඩියාව වැළඳෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ අපේ දුර්වල ආහාර පුරුදු සහ උදාසීන ජීවන රටාවන්. මොකද අද කාලයේ අපෙන් බොහෝ දෙනෙක් සාමාන්‍ය දවස ගෙවන්නේ නෙට්ෆ්ලික්ස් එකේ චිත්‍රපටියක් නරඹන ගමන් ඉතා පැණිරස හෝ රසවත් ලෙස සැකසූ ආහාර සහ කෝලා බීම වර්ග එක්කයි. ඒ වැඩේ හරිම පහසු, විනෝදයක් වගේ පෙනුනත් ඔබේ ශරීරය ඒ අතරතුරදී උදව් ඉල්ලමින් අඬනවා කියලා මතක තියා ගන්න!

මොකද ඒ ආහාර හා ජීවන පුරුදු එක්ක දියවැඩියාව ඔබේ ශරීරයට රහසිගතව ගමන් කරන්න පුළුවන්. ඒත් ඔබ තවමත් ඒ සංඥා නොසලකා හරිනවා ඇති. ඔව්... නෝනාවරුනි, මෙම රෝගය ඔබේ සම ඇතුළු ඔබේ ශරීරයේ කොටස් කිහිපයකට බලපානවා. ඔබේ සමේ යම් බලපෑමක් ඇති වුණාම එයින් අදහස් වෙන්නේ ඔබේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා කියන එකයි. බොහෝ අවස්ථාවන්හීදී ඒ වගේ සංඥා වලින් අදහස් කරන්නේ ඔබ තුළ හඳුනා නොගත් දියවැඩියාව හෝ පූර්ව දියවැඩියාව ඇති බවයි. නැත්නම් දියවැඩියාව සඳහා ඔබ ගන්නා ප්‍රතිකාර වෙනස් කරන්න ඕනේ.

ඒ නිසා ඔබේ සමේ මෙම සලකුණු වලින් මොනවා හරි තියනවා කියලා ඔබට පෙනුනොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් :

1. සම ඝන වීම
ඔබේ අතේ ඇඟිලිවල, පාදයේ ඇඟිලිවල හෝ සම ඉතා ඝන වෙලා කියලා ඔබ දැක්කොත් එයින් අදහස් වෙන්නේ ඔබ දියවැඩියාව ගැන සැලකිලිමත් වී නොමැති බවයි. මෙම තත්වයට digital sclerosis නම් වෛද්‍ය නාමයක් තියනවා. එය ඔබේ අත් වල පිටුපස සම මත තද හා ඉටි ආකාරයෙන් ඇති වෙන්න පුළුවන්.

ඊට අමතරව මෙම ඝන සහ ඉදිමුණු සම ඔබේ නළල හා අත්වල ඉහළ ද පැතිරී පෙනෙන්නට පුළුවන්. තත්ත්වය දැඩි වෙන අවස්ථා වලදී එය ඔබගේ උරහිසට පහලින්, උරහිස්, බෙල්ලේ දකින්න පුළුවන්. එවිට උරහිස් සෙලවීම පවා අපහසු වෙන්න පුලුවන් මෙම තත්ත්වයේදී ඔබේ සම දොඩම් ලෙල්ලක ස්වරූපයකට සමාන වෙනවා.

2. බිබිලි
මෙය ඔබ නොසලකා හරින්න සුදුසු නැති තවත් රෝග ලක්ෂණයක්! ඕනෑම කෙනෙකුගේ සම මත බිබිලි දිස් වෙන්න පුළුවන් වුණත්, ඔබේ සමේ ඒවා නිතරම ඇති වෙනවා නම් සහ හදිසියේම ඇති වෙලා නම් එය සැලකිලිමත් වීමට හේතුවක් වෙනවා. දියවැඩියා රෝගීන්ගේ බිබිලි සාමාන්‍යයෙන් අත්, පාද, කකුල් හෝ නළල මත දිස් වන අතර පිළිස්සුම් සලකුණු වගේ ද ඒවා පෙනෙනවා. එකම වෙනස මෙම බිබිලි වේදනාකාරී නොවීමයි.

3. සමේ ආසාදන
දියවැඩියා රෝගීන් සමේ ආසාදනවලින් පීඩා විඳීමේ වැඩි අවදානමක් තියනවා. ඔබට නිතර නිතර ඒ වගේ ආසාදන ගැටලු ඇති වෙනවා නම් එයින් අදහස් කෙරන්නේ විශාල ගැටලුවක් ඇති බවයි. ඔබට වේදනාකාරී, දැවිල්ල ඇති කරන, ඉදිමුණු සමක් සමඟ කැසීම් සහිත කැක්කුමක් හෝ බිබිලි සමූහයක්, වියළි කොරපොතු සහිත සමක් හෝ cottage cheese වලට සමාන සුදු විසර්ජන තිබෙනවා නම් අනිවාර්‍යෙන්ම ප්‍රතිකාර ලබා ගන්න. මෙම රෝග ලක්ෂණ කිසිසේත්ම නොසලකා හරින්න එපා!

සමහර අවස්ථාවලදී ඔබේ ඇඟිලි අතර නියපොතු එකක හෝ කිහිපයක සහ ඔබේ හිස්කබල මත ද මේ වගේ සමේ ආසාදන ඇති වෙන්න පුළුවන්.

4. විවෘත තුවාල හෝ වණ තියනවා නම්
ඔබේ දියවැඩියාව පාලනය කරගන්න බැරි වුණොත් ඒක ඔබේ ශරීරයේ දුර්වල රුධිර සංසරණයකට හා ස්නායු හානිවලට හේතු වෙන්න පුළුවන්. අවසානයේදී ඔබේ ශරීරයේ, විශේෂයෙන් ඔබේ පාදවල තුවාල පවා සුව කිරීමට අපහසු වෙනවා. මෙම විවෘත තුවාල සහ වණ diabetic ulcers ලෙස හැඳින්වෙනවා. මෙම දෘශ්‍යමාන වෙන ශාරීරික වෙනස්කම් දකින්න නම් සෑම දිනකම ඔබේ දෙපා දිහා හොඳින් නිරීක්ෂණය කරන එක වැදගත් වෙනවා!

මේ කිසිදු සංඥාවක් නොසලකා හරින්න එපා. “A stitch in time saves nine!” (ප්‍රශ්නයකට ඉක්මනින් පිලියම් කලොත්, පසුව එකතු වෙන්න පුලුවන් අමතර කරදර වලක්වා ගන්න පුලුවන්!) කියලා කතාවට කියන්නේ ඒ නිසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1932 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:50 AM
Script:/article/1932/skin-conditions-to-say-be-aware-of-diabetics.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:50 AM
Script:/article/1932/skin-conditions-to-say-be-aware-of-diabetics.html