කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

August 7, 2020
62,808
10 symptoms shows you are pregnant
අපි කවුරුත් ගැබ්ගත් බව අඟවන ලක්ෂණ කීපයක් තියෙනවා. පීරියඩ්ස් නවතින එක. පියයුරු මෘදු වෙන එක සහ හැම වෙලේම මහන්සි දැනෙන එක.

ඒත් ගැබ්ගත් කාන්තාවන් මේවාට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා.

1. අමුතු ජාතියේ දෙයක් පිට වීම

බොහෝ කාන්තාවන් යෝනි විසර්ජනය හෙවත් සුද පිටවීම අත්වින්දත් ඔබ ගැබ්ගෙන ඇත්නම් මෙය ටිකක් වෙනස් ආකාරයකට අත් විඳින්න වෙනවා. මේ ඇලෙනසුළු, සුදු හෝ ලා කහ පාට සොටු වැනි ශ්‍රාවය මුල් මාස තුනේදී හෝ ඇතැම් විට මුළු ගර්භණී කාලය තුලම පවතින්න පුලුවන්.

මෙය ඔබේ ශරීරය විසින් සිදු කරන්නේ ගැබ්ගත් විට ඔබේ යෝනි මාර්ගය මෘදු වන නිසා යෝනි මාර්ගයේ ආසාදන ඇති වීම වලක්වන්නයි. බොහෝ කාන්තාවන් මෙය සඟවනවා. නමුත් මේ ශ්‍රාවය නිසා ඔබේ පෞද්ගලික ප්‍රදේශයෙන්;
- දුගඳක් පිට වෙනවා නම්
- දැවිල්ලක් ඇති වෙනවා නම්
- නිතරම කසනවා නම්
- ශ්‍රාවය කොල පැහැති කහ පාටක් නම්
- ශ්‍රාවය ඝන හෝ වතුර වගේ පිටවෙනවා නම් මෙය ආසාදනයක ලක්ෂණයක්. මේ ගැන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාට පැවසිය යුතුයි.

2. ඇඟ රත් වෙන්න ගන්නවා

සාමාන්‍යයෙන් ඩිම්බයක් මුක්තවූ පසු ඔබ උදේ අවදිවන විට ඔයාගේ ශරීර උෂ්ණත්වය ටිකක් ඉහල යනවා. මේ තත්වය ඔයාට ඊළඟ පීරියඩ්ස් වෙන තෙක් තියෙනවා. නමුත් මේ තත්වය සති 2කට වඩා තියෙනවා නම් ඔබ ගැබ්ගෙන වෙන්න පුළුවන්. මේ වෙලාවට ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන එක තමා නුවණට හුරු.

3. හිසරදය, මස් පෙරළීම සහ නිතර මුත්‍රා කිරීම

ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්වීම මේ හිසරදයට හේතු වෙනවා. සමහර කාන්තාවන්ට යටිබඩ දෙපැත්තේ මස් පෙරලීම් සිදු වෙනවා. බොහෝ කාන්තාවන්ට නිතරම මුත්‍රා බර ඇති වෙනවා. මෙය සිදුවන්නේ ඔබේ ගර්භාශය වැඩෙන නිසා ගර්භාශය විසින් මුත්‍රාශයට පීඩනයක් ඇති කරන නිසයි.

4. කාමරයම කැරකෙනවා වගේ දැනීම

ගැබ්ගත් කාන්තාවන්ට කරකැවිල්ල, ක්ලාන්තය කියන තත්වයන් බොහොම සාමාන්‍ය කාරණයක්. මේ තත්වය ඇති වෙන්නේ ගැබ්ගත් විට ඔබේ රුධිර පීඩනය අඩු වෙන අතර රුධිර නාල පළල් වීමත් සමඟයි.

නමුත් ඔබ මේ ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්න ඕනේ. දැඩි ක්ලාන්ත තත්වය සමඟ ඇතිවෙන යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, බඩේ කැක්කුම ඇතිවෙනවා නම් මෙය ගර්භාශයෙන් පිට ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්. ඔබ අනිවාර්යයෙන් මේ වගේ තත්වයක් ඇති නම් ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.

5. මලබද්නය

මේ තත්වයත් බොහෝ කාන්තාවන් කියන්න අකමැති කාරණයක්. බඩ පිපීම, ආමවාතය පිටවීම ඒත් මලපහ නොවීම ශරීරයේ හෝමෝන වෙනස් වීමත් සමඟ ගැබ්ගත් කාන්තාවනට සිදු වෙනවා.

මෙය සිදු වෙන්නේ ඔයා ගන්නා ආහාරවල තියෙන යහගුණ සියල්ල අමාශය විසින් උරාගන්න ශරීරය විසින් ඔයාගේ ආහාර ජීර්ණය මන්දගාමී කරන නිසායි. මේ ආකාරයට ශරීරය විසින් ඔබේ කුසේ වැඩෙන සිඟිත්තාට ඔයා ගන්න ආහාර වල සියළුම පෝෂණය ලබා දෙනවා.

ඒත් මලබද්නයෙන් මිදෙන්න නම් තන්තු සහිත ආහාර, ඇති තරම් දියර වර්ග ඔබ ආහාරයට ගන්න ඕනේ. එයත් හරියන්නේ නැති නම් වෛද්‍යවරයා හමු වීම නුවණට හුරුයි.

6. ව්‍යාජ ආර්තවය

යන්තම් බ්ලීඩ් වෙන එක ගර්භනී සමයේ මුල් කාලයේ 25%ක් - 40%ක් අතර කාන්තාවන්ට සිදු වෙනවා. මෙය සිදු වෙන්නේ ඩිම්බය ගර්භාශ බිත්තියක ඇමිනුණු හෝ ඇලුණු විටයි. ඒත් මේ ලේ ගැලීම තදින් සිදු වෙනවා නම්, බඩ රිදෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හමුවිය යුතුයි. මෙය ගර්භාශයෙන් පිට ඩිම්බය සංශේෂණය වීම හෝ දරුගැබ නැතිවීම වගේ හේතු නිසා වෙන්න පුළුවන්.

7. හෙම්බිරිස්සාව, කැස්ස

අපි වැඩිය හිතුවේ නැති වුනාට කාන්තාවක් ගැබ්ගත් විට නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ ඇති වෙනවා. මෙය සිදුවෙන්නේ ගැබ්ගත් විට ප්‍රතිශක්තීකරණය පහල බසින නිසායි. මේ කාලයේ හිතුමතේ ඖෂධ ගැනීම ඔබ විසින් නොකලයුතුම දෙයක්. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හමු වීම කල යුතුයි.

8. පපුව දනවා

හෝමෝන වෙනස් වීම මේ කාලයේ සිදුවෙන දෙයක්. මේ හේතුවෙන් ආමාශය සහ අන්නස්‍රෝතය අතර ඇති නාලය බොහොම සැහැල්ලුවෙන් තමයි ඉන්නේ. ඉතින් ආමාශය විසින් නිපදවන ආමවාතය මේ නාලය දිගේ අන්නස්‍රෝතයට ලේසියෙන් ගමන් කරනවා. මෙය පපුවේ දැවිල්ලට හේතු වෙනවා.

මේ තත්වය වලක්වගන්න නිතරම කුඩා ප්‍රමාණයෙන් ආහාර ගන්න. නමුත් කාබනික බීම වර්ග, බැදුම්, දැවිල්ල ආහාර, ඇඹුල් පලතුරු සහ ඇඹුල් බීම ගැනීම නොකල යුතුයි.

9. දුක සතුට

කාන්තාවන්ට මේ තත්වය හරියටම හඳුනගන්න බැහැ වගේම අනිත් අයත් එක්ක කියන්න කැමති වෙන්නෙත් නෑ. හෝමෝන වෙනස් වීම නිසා මේ හැඟීමබර වීම් සිදුවෙනවා.

10. කටේ යකඩ රස

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ඉහලයාමත් සමඟ කටේ රසය ලෝහ වගේ රසක් ගෙනදෙනවා. මේකෙන් මිදෙන්න චුවින්ගම් එකක් හපන්න. සිසිල් බීම, ලුණු රසැති ස්නැක් වගේ ආහාරත් කටේ ඇතිවෙන මේ යකඩ රසය පරදන්න ඔබට ආහාරයට ගන්න පුලුවන්.

ඉතින් ඔබත් මේ වගේ ලක්ෂණ පෙන්වන්වා නම් ඔබ ගැබ්ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරයා හමුවීම කල යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1751 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:46:21 PM
Script:/article/1751/10-symptoms-shows-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:46:21 PM
Script:/article/1751/10-symptoms-shows-you-are-pregnant.html