හිස්හොරි මර්දනය කරගන්න හොඳම විසඳුමක් මෙන්න

May 24, 2020
2,219
Aloe Vera for dandruff and for beauty
මේ දවස් වල හැමෝම ගෙවතු වගාවන් කරන නිසා කෝමාරිකා කියන සුන්දර ශාකයත් අනිවාර්‍යෙන්ම ඔබේ ගෙවත්තේ තිබෙන්නම ඕනේ. ඔබ ශාක වලට ආදරය කරනවා නම් කෝමාරිකා වවන එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. හැබැයි කෝමාරිකා පොළවේ වවනවාට වඩා පෝච්චියක වවන එක තමා වඩාත් සුදුසු. එපමණක් නෙමෙයි මෙම බහුකාර්ය ශාකය තරමක් මිල අඩු නිසා මිල දී ගන්නත් පුළුවන්. කෝමාරිකා ඔබේ නිවසේ අභ්‍යන්තර අලංකරණ සඳහා සුදුසුයි වගේම මෙම ශාකයට ඔබේ සෞඛ්‍යය සඳහාත් බොහෝ දේවල් කරන්න පුළුවන්. කෝමාරිකා ‘‘miracle plant’’ ලෙසත් හැඳින්වෙනවා. ඒ නිසා අද අපි ඔබට කියන්නම් තරුණියන්ගේ රූපලාවණ්‍යය අවශ්‍යතා සඳහා කෝමාරිකා ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා...

කෝමාරිකා කියන්නේ සැබෑ ආශ්චර්යමත් ශාකයක්. උදාහරණයක් විදිහට ඒක වාතය පිරිසිදු කරන ගෘහාශ්‍රිත ශාකයක් නිසා ගේ ඇතුළේදී වාතයෙන් එන හානිකර ද්‍රව්‍ය පෙරහන් කරන්න කෝමාරිකා වලට පුළුවන්. අද වෙද්දී කෝමාරිකා විවිධ ඖෂධ හා ආලේපන සඳහා අමුද්‍රව්‍යයක් විදිහට ද යොදා ගනන්වා. එමනිසා කෝමාරිකා පැළයක් ඔබේ නිවසේ ප්‍රමාදයකින් තොරව වවන්න. ඊට පස්සේ පහත දේවල් සඳහා ඒක යොදා ගන්න පුළුවන්.

1. හිස්හොරි වලට ප්‍රතිකාර කරන්න
ඔබ හිස්හොරි වලින් පෙළෙනවාද? ගෙදරදී ම හදපු කෝමාරිකා හෙයා මාස්ක් එකක් හදා ගන්න. කෝමාරිකා දිග පත්‍රයක් අරන් දෙකට කපා හැන්දකින් ශාකයේ ජෙල් කොටස සූරා බඳුනකට දමා ගන්න. ඒකට කන්ඩිෂනර් මේස හැඳි දෙකක්, ඔලිව් තෙල් මේස හැන්දක් සහ පොල්තෙල් මේස හැන්දක් එක් කරන්න. පේස්ට් එකක් විදිහට මිශ්‍ර කරලා ඔබේ හිස්කබලේ තවරන්න. ටික වේලාවක් හිසේ තියලා ඔබේ හිසකෙස් සෝදන්න. ඔබේ හිස්හොරි සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙයි.

2. අව් රශ්මියෙන් පසු ක්‍රියා කරයි
කෝමාරිකා ඔබේ සමට ආලේප කළාම සමේ තෙතමනය රැකදී සමට සිසිලක් ගෙන දෙනවා. එමනිසා ශාකයේ ජෙල් කොටස අව් රශ්මියෙන් පිළිස්සුන සම මත හොඳින් ක්‍රියා කරනවා. බොහෝ සන්ස්ක්‍රීන් නිෂ්පාදන වල කෝමාරිකා අඩංගු වීම පුදුමයක් නොවෙන්නේ ඒ නිසායි.

3. කුරුලෑ වලට එරෙහිව
කෝමාරිකා වල බොහෝ ඛනිජ ප්‍රමාණයක් අඩංගු වන අතර ප්‍රතිබැක්ටීරීය බලපෑමක්ද එහි තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශාකයේ ජෙල් කොටස කුරුලෑ අඩු කර ගැනීමට ෆේස් වොශ් එකක් ආකාරයට උපකාරී කරගන්න පුළුවන්. කෝමාරිකා ජෙල් කොටසින් මේස හැඳි දෙකක් අරගෙන බඳුනකට දමා ආමන්ඩ් කිරි මේස හැඳි දෙකක් සහ ලෙමන් යුෂ හැඳි දෙකක් ඒකට එක් කරන්න. ඊට පස්සේ බීට් කරන්න. දැන් ඔබේ ෆේස් වොශ් එක සූදානම්. මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ සම මත මෘදු ලෙස සම්බාහනය කර මිනිත්තු කිහිපයකට පසුව ලා රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න.

4. තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා එය භාවිතා කරන්න
කෝමාරිකා මගින් තුවාල වේගයෙන් සුව කරන්න පුළුවන් වගේම කැළැල් අඩු කර ගන්නත් පුළුවන්. පර්යේෂණයන්ට අනුව කුඩා තුවාල වේගයෙන් සුව කිරීමට ද කෝමාරිකා යුෂ සමත් වෙනවා. ඒ ආකාරයේ ඖෂධ දියරයක් නිර්මාණය කිරීම සඳහා කෝමාරිකා ශාකයේ ජෙල් කොටස බ්ලෙන්ඩරයකට දමා සකසා ගෙන ආලේප කරන්න.

 5. මේක්අප් රිමූවර් එකක්
ඔබට සංවේදී සමක් නම් තියෙන්නේ ගැලපෙන මේක්අප් රිමූවර් එකක් සොයා ගැනීම ඉතා අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා අහිතකර දේවල් තවදුරටත් මුහුණට යොදන්න එපා. කපු පුළුන් කැබැල්ලකට මතට කෝමාරිකා ජෙල් ටිකක් දමලා ඔබේ සම මත මෘදු ලෙස සම්බාහනය කරන්න. එතකොට ඔබට පහසුවෙන් ඔබේ මේක්අප් එක ඉවත් කරගන්න පුළුවන්.

6. ස්ක්‍රබ් කරන්න
ඔබ ඔබේ සම ගැන සැලකිලිමත් වෙනකොට ඔබට කෝමාරිකා ජෙල් භාවිතා කරලා මුහුණේ ස්ක්‍රබ් කරන්න පුළුවන්. බේකිං සෝඩා සමඟ ජෙල් ටිකක් මිශ්‍ර කරලා ගන්න.

7. මවුත් වොශ්
අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා කෝමාරිකා මවුත් වොශ් එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන් කියලා. මෙම ශාකය තුළ විටමින් සී හොඳ මාත්‍රාවක් අඩංගු වන අතර එමඟින් මුඛ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වීම වළක්වයි. ඔබ ඉදිමුණු විදුරුමස් වලින් පීඩා විඳිනවා නම් කෝමාරිකා වලින් සහනයක් ලබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Essential 3 vitamins for glowing skin
   3,429
   2,670

සමේ ස්වාභාවික අලංකාරය සඳහා ඔබ අනිවාර්යයෙන් ගත යුතු විටමින් 3 ක්

ඔබට සමේ සෞඛ්‍ය සම්පන්න බවත් දීප්තිමත් බවත් ඉහ​ළ නංවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගන්න අත්‍යාවශ්‍ය විටමින් වර්ග 3ක් ගැන අපි ඔබට කියන්නම්. ටික කාලෙකින් ඒවා ඔබේ සමේ මැජික් එකක් වගේ වැඩ කරන ආකාරය ඊට පස්සේ ඔබම දකින්න...
5 tips to be beautiful like a bollywood actress
   48,749
   167

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
Do not make you sex life a nightmare because of HSDD
   404
   104

HSDD රෝගය නිසා නිදි යහන කටු යහනක් නොවන්නට

කිසිම හේතුවක් නැතුව ලිංගිකව එක් වීම නීරස අත්දැකීමක් නම් එතැන කුමක් හෝ අඩු පාඩුවක් තිබෙනවා. ලිංගිකව එක්වීම නීරස අත්දැකීමක් නම් ඒ තත්වය Hypoactive sexual desire disorder (HSDD), රෝගය නිසා වෙන්නත් පුලුවනි. මේ රෝග තත්වයේ නිමිති මොනවාද...?
How to keep your feet beautiful
   37,862
   100

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Are you willing to get married after a divorce
   1,514
   89

දික්කසාදයෙන් පසු ඔබ​ට නැවත විවාහ වීමට අදහසක් තියෙනවද?

අද හැඩකාරී අපි ඔයාට දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට අදහස් කරන්නේ නම් ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ

Latest Articles

Most Viwed