සැමියාගේ ගෙදර අය එක්ක ප්‍රශ්න ඇති නොවෙන විදිහට කටයුතු කරන්න ඕනේ මෙහෙමයි (02)

August 23, 2020
6,355
This is how you should deal with your in-laws (02)
ඔබටත් ඉන්නේ ගැටලු සහගත හැසිරීම් තිබෙන නැන්දම්මා කෙනෙක් නැත්නම් නෑනා/මස්සිනාලා නම්, එම ගැටලුව ඔබේ ජීවිතයට එන්න හේතුව ඔබ ඔවුන්ගේ දරුවා හා සහෝදරයා සමඟ විවාහ වීමයි. එහෙමයි කියලා ඔබ එම අලුත් සහ වෙනස් පරිසර පද්ධතියට ඇතුළු වෙනකොට ඔබ ඔබවම වෙනස් කර ගන්නට දැඩිව උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම ඔබ විසින් ඔවුන්ව වෙනස් කරන්න යන්නත් එපා. ඒ වෙනුවට ඔබ අව්‍යාජ වෙමින් ඔවුන් සමඟ සුහදව ඉන්න උත්සහ කරන්න. මේ අතරතුර ඔබේ නැන්දම්මා තවමත් ඔබව හරියට හඳුනාගෙන නැත්නම්, ඇගේ අවශ්‍යතාවය අනුව ඔබව නිර්වචනය කිරීමට ඉඩ දෙන්න ඕනේ නෑ කියලාත් මතක තබා ගන්න. මේ ලිපියේ පලමු කොටසින් ඔබට ඒ සඳහා උපදෙස් කිහිපයක් අපි කියලා දුන්නා. මේ ඒ ලිපියේ දෙවෙනි කොටසයි...

රිද්දන්න එපා

ප්‍රධාන වශයෙන් ම දෙදෙනෙක් අතර ගැටලු සහගත අදහස් දැක්වීමක් හෝ ආවේගශීලී මතයක් නිර්මාණය වෙන්නේ දෙන්නාගෙන් එක්කෙක්නෙක්ට දැනෙන යම් අනාරක්‍ෂිතභාවයක් නිසායි. ඒක සමහර වෙලාවට අනෙකා පිළිගන්නේ තමන්ට පෞද්ගලිකව ම කරන බැන වැදීමක් විදිහටයි. ඊළඟට ඔබ දෙදෙනා අතර අසමගියකට තුඩු දෙනවා. ඒකෙන් වෙන්නේ ඔබට ඒ නිවසේදී තවදුරටත් අහිතකර පරිසරයක් නිර්මාණය වීමයි. ඒ වගේ සියුම් අවස්ථාවන් වලදී ඔබේ සිත රිදුනත් අනෙකාගේ සිත රිදෙන ලෙස කටයුතු කරන්න එපා. සෑම විටම නිවැරදි මාර්ගය මිසක් රිදවන මාර්ගය තෝරා ගන්න එපා..

වෙනස්කම් පිළි ගන්න

පවුල් ජීවිතයක් ගෙවද්දී අදාළ සීමාවන් සැකසීමේදී සහ පොදු එකඟතාවයකට පැමිණීමට උත්සාහ කිරීමේදී සැමියාගේ මවුපියන් ක්‍රියා කරන්නේ තවමත් අසාධාරණ ආකාරයට කියලා ඔබට හැඟෙනවා නම් ඔබ දෙදෙනා යුවළක් වශයෙන් ඔබ දෙදෙනාගේ අභ්‍යන්තර බැඳීම ආරක්ෂා කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ දෙදෙනා ගැන හිතනවාට වඩා අනෙක් අය ගැන හිතන්නට යාමෙන් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය බිඳී යන්න පුලුවන්. ඊට පස්සේ ඔබ සහ සැමියාගේ නිවසේ අය එකිනෙකාට කැමති නැති බව සැමියාට පිළි ගන්න වෙනවා. ඊළඟට ඔබ ඒ නිවසේ එකිනෙකාගේ ස්වභාවය දැනගෙනම ඔවුන් සමඟ ජීවත් වීමට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඔබ ඇතුළුව නිවසේ සෑම කෙනෙක්ම එකිනෙකාව ආක්‍රමණය කරන්නට යන්නේ නැතුව ගෞරවණීයව සළකන්නත් ඉගෙන ගන්න වෙනවා.

අපහාස එපා

ගැටලු ඇති වෙන අවස්ථා වලදී ඔබේ නැන්දම්මාට අපහාස කරන්න උත්සහ කරන්න එපා; ඒක නරකයි සහ කැතයි ; මොකද ඔවුන් ඔබේ සැමියාගේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන්. ඔබේ මෙම හැසිරීම ඔබ දෙදෙනාගේ පවුල් ඒකකය තුළ අනවශ්‍ය හිත් රිදවීම් සහ පාවාදීම් වලට තුඩු දෙන්න පුලුවන්.

අවකාශය වැදගත්

අවශ්‍ය තරම් කාලයක් අරගෙන ඔබේ අලුත් පවුල් ඒකකය තුළ ඔබේ ජීවිතය හැඩ ගස්වාගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. සමහර අවස්ථා වලදී ඔහුගේ දෙමව්පියන්ට ඔබ දෙදෙනාගේ සංවාදවලට සම්බන්ධ වෙන්නට බැරි වීම ගැන නොසතුටින් ඉන්න පුලුවන්. ඔවුන්ගේ එම හැසිරීම් ගැන දිගින් දිගටම ඔබ දෙදෙනා වද වෙන්න ගියොත් ඒක ඔබේ විවාහ ජීවිතය මන්දගාමී කරවනවා. තමන්ගේ පුතා, සහෝදරයා නැත්නම් දියණිය සහ සහෝදරිය විවාහ වුණාට පස්සේ සබඳතා වෙනස් වන බව දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් තේරුම් අර ගන්න ඕනේ දෙයක්.

සැමියා

ඔබේ නැන්දම්මා සමඟ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඇති කර ගන්න පුලුවන් එකම ක්‍රමය වන්නේ ඔවුන්ට අවශ්‍ය වෙනස්කම් කිරීමට ඔබේ සැමියා සාධාරණව කටයුතු කරන එකයි; එම පාලම ශක්තිමත් එකක් බවට පත් කිරීම සැමියාගේ යුතුකමයි. කෙසේ වෙතත් ගැටලුවකදී ඔබේ සැමියා ඔබ එක්ක සහයෝගයෙන් කටයුතු නොකරන බවක් ඔබට හැඟෙනවා නම් සහ විසඳුම් සෙවීම සඳහා නිතරම උවමනාව තියෙන්නේ ඔබට විතරක් නම්, එතකොට ප්‍රශ්නය පවතින්නේ ඔබේ නැන්දම්මා තුළ නෙමෙයි. ඔබේ සැමියා තුළයි. ඔබේ සැමියා සමඟ ඔබේ විවාහයේ සීමාවන්, විශ්වාසයන් සහ ඔහුගෙන් අවශ්‍ය කරන සහයෝගය ගැන නැවත සාකච්ඡා කරන්න. කතා බහ කරලා බැඳීම ශක්තිමත් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1791 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:04 AM
Script:/article/1791/this-is-how-you-should-deal-with-your-in-laws-02.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:04 AM
Script:/article/1791/this-is-how-you-should-deal-with-your-in-laws-02.html