ෆවුන්ඩේශන්, BB සහ CC Cream අතර වෙනස සහ ඒවා ඔබේ මුහුණට කරන වෙනස දන්නවාද?

July 7, 2020
5,344
Do you see the difference between BB, CC foundation creams?
අපි හැමෝම එදිනෙදා ගමන් බිමන් වලට වගේම විශේෂ අවස්ථා සඳහාත් අනිවර්‍යෙන්ම මේක් අප් කරන්න කලින් මුහුණට ෆවුන්ඩේශන් ස්ථරයක් යොදනවා. ඒ සඳහා ගොඩක් අය වර්තමානයේදී BB cream හෝ CC cream වර්ග ද භාවිතා කරනවා. මොකද ඒවා ද අපි කැමති විදිහට ම මුහුණට සුන්දරත්වයක් ලබා දෙන දෝෂ රහිත ෆවුන්ඩේශන් ක්‍රම නිසායි. නිවැරදි පැහැයක්, පරිපූර්ණ ආවරණයක් සහ මුහුණට යෝග්‍ය මේක් අප් එකක් සඳහා ඔබ භාවිතා කරන ෆවුන්ඩේශන් නිෂ්පාදන වල ගුණාත්මකභාවය අතිශයින්ම වැදගත්. ෆවුන්ඩේශන් වර්ග භාවිතය පිළිබඳව ඔබ දැනගන්න වටින කරුණු කීපයක් මෙන්න:

ෆවුන්ඩේශන්

මුහුණට පූර්ණ ආවරණයක් ලබා ගැනීම සඳහා තමයි සාමාන්‍යයෙන් භාවිතයට ගන්න ෆවුන්ඩේශන් එකක් යොදා ගන්නේ. ඒක BB cream හෝ CC cream වලට වඩා ඝනකමින් යුක්තයි. සමේ අඩුපාඩු සැඟවීමට හොඳ ආවරණයක් ද සපයනවා. ඔබේ skin tone එක පවා වෙනස් කරන්න සාමාන්‍ය ෆවුන්ඩේශන් එකකින් පුළුවන්. ෆවුන්ඩේශන් එකක තියන හොඳම ලක්ෂණය තමයි සෑම වර්ණයක සමකට ම ගැලපෙන පරිදි ඒවා වර්ණ ගණනාවකින් ලබා ගන්න පුළුවන් වීමයි. මීට අමතරව ඔබේ සමේ වර්ගයට අනුව මේවා තෝරා ගන්න පුළුවන් නිසා වෙනත් නිෂ්පාදන සමඟ එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ෆවුන්ඩේශන් එකකින් ඔබට අවශ්‍ය නිමාව සහ කැමති ආවරණය ලබා ගන්න පුළුවන්.

BB Cream

Beauty balm හෝ Blemish balm ආදී ඕනේම විදිහකට හැඳින්වුව‍ත් ඒවාට කියන්නේත් BB Cream ම තමයි. ඒකෙන් ඔබේ skin tone එක පැහැපත් කරවන අතර මුහුණේ කැළැල් ද නිවැරදි කරනවා. ඒ වගේම ස්වභාවික පෙනුමක් ඇති දීප්තිමත් ආවරණයක් මුහුණට සපයනවා. 
BB Cream වල සාමාන්‍යයෙන් සම ආරක්ෂා කරන අමුද්‍රව්‍ය තියන නිසා පරිසරයේ අහිතකර තත්ත්වයන් වලින් ද ඔබේ මුහුණ ආරක්ෂා කරනවා. ෆවුන්ඩේශන් එකක වර්ණ වලට සාපේක්ෂව අඩු වර්ණ ප්‍රමාණයකින් තමයි BB Cream ලබා ගන්න තිබෙන්​නේ. මේවායේ සාමාන්‍යයෙන්  සන්ස්ක්‍රීන් ගුණාංග සහ මල්ටිවිටමින් ප්‍රතිලාභ ද අන්තර්ගතයි .

එහි අඩංගු මොයිස්චරයිසර් සහිත වර්ණය සහ ෆවුන්ඩේශන් ගුණය කොතැනකදී වුණත් ඔබේ මුහුණට හොඳ ආවරණයක් ලබා දෙනවා. නාසය, නළල, කම්මුල් සහ නිකට මතට BB Cream ඩොට්ස් ආකාරයට තියලා ඇඟිලි වලින් මුහුණ පුරා මිශ්‍ර කරන්න. හැබැයි ඔබේ මුහුණේ සියලුම අඩුපාඩු සැඟවීමට ඒකට බැරි වෙන්න පුළුවන් කියලාත් මතක තබා ගන්න.

CC Cream

CC Cream කියන්නේත් ඔබේ මුහුණේ වර්ණය නිවැරදි කරවන නිෂ්පාදනයක්, නමුත් BB Cream වලට වඩා ලා පැහැයන්ගෙන් තමයි මේ ෆවුන්ඩේශන් වර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මෙය සමේ අඳුරු වර්ණ, රතු වෙලා තියෙන තැන් සහ සමේ පැල්ලම් සඟවන්න හොඳින් සමත් වෙන නිසා BB Cream වලට වඩා හොඳ ආවරණයක් සපයනවා. ඒ නිසා ඔබේ සම ගැටළු සහගත වුණත් වඩා හොඳ ආවරණයක් අවශ්‍ය නම්, ඔබට CC Cream වර්ගය තෝරා ගන්න පුළුවන්.

සමේ වර්ණය වැඩියෙන් නිවැරදි කර ගන්න හා හොඳ සමබරතාවයක් අවශ්‍ය අයට මෙ​ය වඩාත් සුදුසුයි වගේම BB Cream ක්‍රීම් හා සමාන ප්‍රතිලාභ ද ඔබට ලබා දෙනවා. විශේෂයෙන්ම CC Cream ඔබේ මුහුණේ වයස්ගත පෙනුම පාලනය කරනවා සහ සජලීකරණය කරවන ප්‍රතිලාභ ද ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1685 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:47 AM
Script:/article/1685/do-you-see-the-difference-between-bb-cc-foundation-creams.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:47 AM
Script:/article/1685/do-you-see-the-difference-between-bb-cc-foundation-creams.html