ලිංගික එක්වීම සෞඛ්‍යට ගුණයි

June 18, 2019
8,289
Having sex is good for your health
ලිංගික සම්බන්ධවීම් ගැන අපි ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත්තේ එය සදාචාරයට නොගැලපෙන්නක් කියල හිතුවත් ලිංගික ජීවිතයේ තිබෙන යහපත් ප්‍රතිඵල ගැන නම් අපි දැනගෙන ඉන්න අවශ්‍යයි. මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන අන්දමට ලිංගික කටයුතු වල නිරත වීමෙන් අපේ ශාරිරික සහ මානසික රෝග බොහොමයක් වෙනුවෙන් සහනයක් ඉතාම පහසුවෙන් ලබා ගැනීමට පුලුවනි.

මානසික සතුට

ජීවියෙක් වුනොත් ශාරීරික වගේම මානසික සතුට ඉතාම වැදගත්. ඒ නිසා මානසික සතුට ලැබෙන දේවල් මෙන්න මේවා කියල අපිට පෙන්වන්න නොහැකි වුනත් ඔබ නොදැන සිටියත් ඔන්න බෙහෙත… අපි ලිංගිකව එකතු වෙන විට අපේ මොළයෙන් dopamine, endorphins සහ oxytocin රසායනයන් නිදහස් වෙනවා. මේ නිදහස් වෙන හෝර්මෝන සතුට සදහා මග කියන හෝර්මෝන නිසා අපේ මානසික සතුට නොදැනීම ඇති වෙනවා. ඉතිං එහෙම නම් ලිංගික එක්වීමට බැහැ කියන්න එපා. ඒ ඇයි කිව්වොත් ඔබ දෙදනොටම මානසික සතුට ලබා ගැනීමට තිබෙන බොහොම හොඳම අවස්ථාව මග අරින්න එපා.

ශාරිරික ව්‍යායාමයක්

ලිංගික කාර්යය වෙනුවෙන් සෑහෙන් ශක්තියනක් වැය කරන්න අවශ්‍යයි. මේ කාර්යය නිසා රුධිර සංසරණය හොදින් සිදු වීම නිසා ජිම් යන්නේ නැතුව ව්‍යායාම ලබා ගැනීමට පුලුවනි. මේ නිසා සෑහෙන කැලරි ශක්තියක් වැය වෙනවා. කොටින්ම කිව්වොත් සතියකට තුන්වතාවක් ලිංගිකව එකතු වුනොත් වසරක් තුළ කැලරි ශක්තිය 7500 ක් දහනය වෙනවා. මේ ව්‍යායාමය බොහොම සතුටින් සිද්ධ වෙන නිසා අපහසුවක් දැනෙන්නෙත් නැහැ.

රුධිර පීඩනය අඩු වෙනවා..

අධි රුධිර පීඩනය අද බොහොම දෙනා ගිලගන්නා ගොදුරක්. මේ වෙනුවෙන් දැන් වයසක් සැලකෙන්නේ නැහැ. ඒ නිසා ලිංගිකව එකතු වීම වැදගත් බැව් අමතක කරන්න එපා. ඒ නිසා ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ ඉල්ලීම ඉවත දමන්න එපා.

හදවත නිරෝගී වීම

ලිංගිකව එක් වෙන කොට අපේ ශරීරයේ තියෙන කැලරි දහනය වීම නිසා හදවතත් ආරක්ෂාව නොදැනීම ලැබෙනවා. හදවතේ නීරෝගීතාවය අධි රුධිර පීඩනයල රුධිර ගත මේද බලපානවා. නමුත් මේ තත්වයන් දෙකටම විසදුම් ලිංගික එක්වීමෙන් ලැබෙනවා. අලුත්ම අධ්‍යන වාර්තාවන්ට අනුව නිතරම ලිංගිකව එකතු වෙන අයට හදවත් රෝග වැළඳීමේ අවධානම 45%‍ කින් අඩු වෙනවා.

ප්‍රතිශක්තිකරණයටත් ශක්තියක්

අද යාන්තම් පින්නක් පොදක් වැදුනත් ප්‍රතිශයාව ඇති වන තරම් දුර්වල ප්‍රතිශක්තියක් තිබෙන ලෝකයක ලිංගික එක්වීමෙන් ප්‍රතිශක්තිය ශක්තිමත් වෙනවා කිව්වොත් මොනතරම් සුබ ආරංචියක්ද නේද….? මේ ගැන අධ්‍ය‍යනයේ යෙදුන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ සතියකට දෙවතාවක්වත් ලිංගික කටයුතුවල යෙදෙන අයට ඒ අන්දමින් ලිංගික එක්වීමේ යෙදෙන්නේ නැති අයට සාපේක්ෂව බලද්දී හොඳ ප්‍රතිශක්තියක් තිබෙන බවයි. ලිංගිකව එක් වෙන විට ප්‍රත්දේහ නිපදවන නිසා ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරනවා.

පිළිකාවටත් ගුණයි

ලිංගිකව එක් වීම නිසා පිළිකා වර්ධනය වීම පාලනය වෙනවා. මාසයකට 21 වතාවක් වත් ලිංගිකව එකතු වෙනවා වෘෂනකෝෂ පිලිකා ඇතිවීමේ අවධානම ඉතා අඩු වීමක් පෙන්වනවා. එහෙමනම් ඔබ එක් වෙන වාර ගණන කැලැන්ඩරයේ ලකුනු කර ගත්තත් කමක් නැහැ නේද…

ඉරුවාරදයට සහනයක්

වසර දෙකකටත් වඩා වැඩි කාලයක් ඉරුවාරදයෙන් පීඩාවට පත් රෝගීන් හාරසියයක් සම්බන්ධ කර ගත්තාග ඔවුන්ගෙන් 33%ක් දෙනා හිසේ ඇම්ම අතරවාරයේදීම ලිංගිකව එකතු වුනා. ඒ අවසානයේදී මේ පිරිසගේ ඉරුවාරදය තත්වය බොහෝ දුරට සමනය වීමත් සමග පර්යේෂකයන්ගේ නිගමනය වූයේ ඉරුවාරදයෙන් සහනයටත් ලිංගික එක්වීම වඩාත් ගැලපෙන බවයිග එහෙමනම් ඉරුවාරදය ඇති අය වේදනානාශකවලට වඩා මේ ඖෂධය හොඳයි නේද..?

මේ සමීක්ෂණ වාර්තාව Cephalalgia මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එහෙනම් අඹුසැමියන් විදිහට ඔබේ එක්වීම ආදරයල බැඳීම සමග ඖෂධ වලින් ඔබ ඈත් කරන බවත් තේරෙනවා නේද..? එහෙමනම් ලිංගික එක්වීම දරුවන් හදන්න විතරක් නොවෙයි. ඒ වගේම අපේ දරුවෝ දැන් උස් මහත්වෙලා කියන නිශේධනයෙන් ලිංගික එක්වීමෙන් දුරස් වීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1354 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:14 AM
Script:/article/1354/having-sex-is-good-for-your-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:14 AM
Script:/article/1354/having-sex-is-good-for-your-health.html