දහදිය දුඟද නිසා ඔයත් හැමදාම අපහසුතාවයට පත් වෙනවද?

June 3, 2018
13,942
Uncomfortable because of body odour?
දහදිය දුඟද කියන්නේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙවෙයි අපි ගොඩාක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්නේ. ඝර්ම කලාපීය රටක ජිවත් වෙන අපිට දහදිය හා දහදිය දුඟද කියන්නේ නිතරම අපිව අපහසුතාවයට පත් කරන්නක්. සමහර අය හිතනවා ඇති මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් අහලා ඇතිනේ දහදිය ගඳ දැනෙන්නේ තමන්ට නෙවෙයි ළඟ ඉන්න අනිත් අයට කියලා. ඒ නිසා අනිත් අය ඉස්සරහා අපහසුතාවයට පත් වෙන්නේ නැතුව මේකට විසඳුමක් හොයා ගමු. එහෙම හොඳයි නේද?

ඔයා දන්නවද දහදිය දුඟද ඇති වෙන්නේ ඇයි කියලා? මෙන්න මේකයි හේතුව. බැක්ටීරියා නිසා තමයි මේ තත්ත්වේ ඇති වෙන්නේ. අපේ ශරීරයේ තිබෙන බැක්ටීරියා විසින් දහඩිය ඇසිඩ් බවට හැරවීම නිසා තමයි අපේ ශරීරයෙන් ඒ විදිහට දුගඳක් නිකුත් වෙන්න පටන් ගන්නෙ.

ඒ වගේම තමයි ආසියාතිකයන් හැටියට අපි වැඩිපුර ආහාරයට ගන්නා කුළුබඩු, සුදු ලූණු, වැඩිපුර මාංශ අනුභවය වැනි දේවල් නිසාත් දහඩිය දුඟද වැඩි වෙනවා. මීට අමතරව අධික සැර ආහාර වර්ග, මත්පැන් සහ තේ, කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර පාන වැඩි පුර ගැනීම නිසාත් දහදිය දැමීම වැඩි වෙන්න හේතු වෙනවා.

ඒ වගේම තමයි අපේ පිරිසිදු කමත් මේකට බලපානවා. දහඩිය ගඳ පාලනය කරන්න ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ශරීරය පිරිසිදුව තියාගන්න එක. දිනපතා ශරීරය පිරිසිදු කිරීම ඉතා වැදගත්. බැක්ටීරියා නසන සබන් වර්ගයක් හෝ body wash එකක් ඒ සඳහා පාවිච්චි කරන්න. ඒ වගේම වැඩිපුර දහදිය ඇති වන අත් යට හා අනෙකුත් ප්‍රදේශ හොඳින් තුවායකින් පිසදමා වියලිව තබා ගන්න. ඒ වගේම අත් රෝම ඉවත් කරන්න. දහදිය ප්‍රශ්නේ තව වැඩි වෙන්න එකත් හේතුවක්. ඒ නිසා පිරිසිදු බවට පලවෙනි තැන දෙන්න.

ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඇඳුම් පැළඳුම් වල පිරිසිදු බව. දිනපතා ඔයා අඳින ඇඳුම් සෝදා පිරිසිදු කර නැවත අඳින්න ගන්න. කිහිපවතාවක් නොසෝදා අඳින ඇඳුම් නිසා බැක්ටීරියා සීඝ්‍රයෙන් පැතිරෙන්න පුලුවන්. ඇඳුම් පැළඳුම් වල පිරිසිදු බව ගැනත් අනිවාර්යෙන් මතක තබා ගන්න

සුවඳ වැඩි වෙලාවක් පවතින සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කරන්න. ඒකත් හොඳ විසඳුමක්. ඒ වගේම දහදිය දුඟද පාලනය කරන්න Deodorant එකක් භාවිතා කරන්න. ඒ මඟින් බැක්ටීරියා වර්ධනය වළක්වමින් දහදිය දුඟද පාලනය කරනවා.

අනිත් වැදගත්ම දේ තමයි වැඩිපුර වතුර බොන්න. දහදිය දුඟද පාලනය කරන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 847 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:12:56 PM
Script:/article/847/uncomfortable-because-of-body-odour.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:12:57 PM
Script:/article/847/uncomfortable-because-of-body-odour.html