වයස අවුරුදු 35 න් පස්සේ මේ දේවල් කළොත් කම්මුල් එල්ලා වැටීම නතර කර ගන්න පුළුවන්

March 16, 2021
35,377
Remedies to cheek tightening
අපි වයසට යන්න යන්න අපේ සම වයසට යාමේ සලකුණු පෙන්වීමට පටන් ගන්නවා. ඔයා වයස්ගත වීමත් එක්ක ඔයාගේ සමේ මහළු බව වැඩි වෙන්න පටන් ගන්නවා. සම එල්ලා වැටීම ස්වාභාවික ක්‍රියාවලියක් වන අතර එය නතර කර ගැනීම අපහසු කාර්යයක්. නමුත් කම්මුල් එල්ලා වැටීම අඩු කර ප්‍රමාද කළ හැකියි. බොහෝ දෙනෙක් තරුණ පෙනුම රැක ගන්න ඉතා මිල අධික හා අතුරු ආබාධ සහිත රූපලාවණ්‍ය සැත්කම් තෝරා ගන්නවා. අද හැඩකාරී අපි ඔයාට ටයිට් චීක්ස් ලබාගැනීම සඳහා සරල හා පහසු නිවෙස් පිළියම් කිහිපයක් ගැන කියලා දෙන්න හිතුවා.

අපි විවිධ නිවෙස් පිළියම් සොයා බැලීමට පෙර, ඔබේ සම ලිහිල් හා සිනිඳු වීමට හේතු දැන ගමු.
- වයසත් සමඟ සමේ කොලජන් සංශ්ලේෂණය මන්දගාමී වන අතර එමඟින් සමේ නම්‍යතාව නැති වීම.
- විවිධ කාටිලේජ හා අස්ථි වලට ආධාරක වන සමේ ඇති සම්බන්ධක පටක වයසත් සමඟ දුර්වල වීම.
- සිරුරේ බර වේගයෙන් අඩු වීම
- සූර්යාලෝකයට අධික ලෙස නිරාවරණය වීමෙන් සමේ ඇති කොලජන් හා ඉලාස්ටින් වලට හානි වන අතර එමඟින් ඒවා නිරාවරණය වී සම අවලස්සන වෙනවා. සිගරට් දුම සහ වායු දූෂණය කියන්නේ සම රැළි වැටීම හා සමේ ක්‍රියාකාරිත්වය වේගවත් කළ හැකි වෙනත් සාධකයි.

කම්මුල් එල්ලා වැටීම නතර කිරීම සදහා ඵලදායි විසදුම්

පොල්තෙල්
පොල්තෙල් සමේ ගැඹුරු ස්ථරවලට විනිවිද ගොස් සමේ සෛල පුනර්ජීවනය කරයි. එමගින් සම සජලීකරනය වීම හා පෝෂණය කිරීම කරයි. පොල්තෙල් වල ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ සමට හානි කරන සහ වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරන free radicals ඉවත් කරයි.
සෑම රාත්‍රියකම නින්දට යාමට පෙර ඔයාගේ කම්මුල් මතට තෙල් අලේප කර ඉහළට රවුම් චලිතයකින් මිනිත්තු පහක් හෝ 10 ක් තෙල් සම්බාහනය කරන්න.

ආමන්ඩ් තෙල්
ආමන්ඩ් ඔයිල් විටමින් ඊ වලින් පොහොසත් වන අතර සමට තෙතමනය ලබා දෙයි. සමේ කැක්කුම් අඩු කරන අතර ස්වාභාවිකව සම තද කරයි.
ස්නානය කිරීමට පෙර විනාඩි 20 ක් පමණ ඔබේ ශරීරයට ආමන්ඩ් තෙල් අලේප කර සම්බාහනය කරන්න.

විටමින් ඊ ඔයිල්
සම නිරෝගීව, දීප්තිමත්ව තබා ගැනීමට විටමින් ඊ අත්‍යවශ්‍ය වෙනවා. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය සම free radical හානිවලින් වළක්වන අතර සමේ සෞඛ්‍යය හා පෙනුම වැඩි දියුණු කරයි.
සෑම රාත්‍රියකම නින්දට යාමට පෙර විටමින් ඊ කැප්සියුල කිහිපයක් සිදුරු කර ඇතුළත ඇති තෙල් ඔබේ සම මත විනාඩි 10 සිට 15 ක් සම්බාහනය කරන්න.

බිත්තර සුදු භාවිතා කර ෆේස් මාස්ක් එකක් සදා ගමු
බිත්තර සුදු මදය ප්‍රෝටීන් ඇල්බියුමින් වලින් පොහොසත් වන අතර සමේ ප්‍රත්‍යාස්ථතාව විශාල වශයෙන් වැඩි දියුණු කරයි. සමේ සෛල නැවත ගොඩනැංවීමට සහ ස්වාභාවික දීප්තියක් ලබා ගැනීමටද මෙය උපකාරී වෙනවා. මී පැණි ඔබේ සමේ තෙතමනය පවත්වා ගනිමින් සම පුනර්ජීවනය කරයි.

ඔබට අවශ්‍ය වන්නේ :
බිත්තර සුදු මද 1ක්
මී පැණි මේස හැඳි 2ක්

ඔබ කළ යුතු දේ :
බිත්තර සුදු මදයට මී පැණි ටිකක් එක් කර මිශ්‍ර කරන්න.
මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබා වතුරෙන් සෝදා හරින්න.

කෙසෙල් ෆේස් මාස්ක්
කෙසෙල් යකඩ, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම් සහ විටමින් ඒ, බී, සී සහ ඩී වලින් පොහොසත්ය. මෙමගින් සම සිනිඳු හා මොයිස්චරයිස් කරයි.

ඔබට අවශ්‍ය වන දෑ :
ඉදුණු කෙසෙල් ගෙඩියක්
ලෙමන් යුෂ බින්දු කිහිපයක්

ඔබ කළ යුතු දේ :
කෙසෙල් මෑෂ් කර ඔබේ මුහුණ සහ බෙල්ල පුරා ආලේප කරන්න. මිනිත්තු 15 ක් පමණ ඔබේ මුහුණේ තබා වතුරෙන් සෝදා හරින්න. ඔබට පොඩි කළ කෙසෙල් වලට ලෙමන් බින්දු කිහිපයක් මිරිකා ගත හැක. හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සතියකට දෙවරක් මෙම ෆේස් මාස්ක් එක භාවිතා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1955 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:55 AM
Script:/article/1955/remedies-to-cheek-tightening.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:34:55 AM
Script:/article/1955/remedies-to-cheek-tightening.html