සමේ හැම ගැටළුවක්ම මඟහරින රත් සඳුන්

September 4, 2018
16,828
Red sandalwood for skin problems
රුව වඩවන ආයුර්වේදීය ඖෂධ අතර මුලින්ම ඉන්න සහ වටිනාකමන් ඉහල ඖෂධයක් විදියට රත් හඳුන් හඳුන්වන්න පුළුවන්. ස්වභාවිකව සම පැහැපත් කිරීමට රත් හඳුන් වලට ඉහල හැකියාවක් පවතිනවා. එහි වටිනාකම් හා දුර්ලභ බව නිසාම වෙළඳපොලේ ඉහල මිලක් රත් හඳුන් වලට ලැබෙනවා. රත් හඳුන් මේ කියන තරම්ම අපේ සැමට වැදගත් කියන්නේ ඇයි කියල තමයි මේ කියන්නේ.

Red Sandalwood හෙවත් රත් සඳුන් ශාකයේ අරටුව තමයි රුව අලංකරණය සහ වෙනත් ආයුර්වේදීය ප්‍රතිකාර සඳහා යොදා ගන්නේ. ඒ නිසා සමෙහි ගැල්වීම සඳහා භාවිත කරන රත් සඳුන් සාරය සකසා ගැනීමට, මුලින්ම රත් සඳුන් ජලයෙහි පොඟවා පසුව උරච්චි කරන්න ඕන. මෙලෙස උරච්චි කර සකස් කර ගන්නා රත් සඳුන් සමේ ආලේප කිරීම මඟින් සුසිනිඳු දිඳුලන සමක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම අපේ සම සෑම තැනක්ම එකම skin tone එකකින් නැහැනේ. ඒ තත්ත්වය නැති කරලා සමේ ඒකාකාරී පැහැයක් පවත්වා ගැනීමටත් රත් හඳුන් සත්කාරයෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම රත් හඳුන් ආලේපය කියන්නේ සමට හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් තවත් එක සත්කාරයක්. සමේ සෛල වලට අවශ්‍ය පෝෂණය ලබා දී මුහුණේ සම පැහැපත් කරන්න මෙය උදවු වෙනවා. රත් හඳුන් ආලේප කර මුහුණ සම්බාහනය කිරීමෙන් මුහුණේ ස්නායු හා සෛල වලට ප්‍රාණවත් බවක් ලබා දෙනවා.

පිරිසිදු පොල්තෙල් බිංදු කිහිපයකට රත් සඳුන් කුඩු ස්වල්පයක් එකතු කර පේස්ට් එකක් පිළියෙළ කර වියලි මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. මේ සත්කාරයෙන් රැලි වැටුණු සම නැවත යථා තත්වයට පත් කිරීමටත්, කුරුලෑ සහ කුරුලෑ අසාධන නිසා ඇති වන අඳුරු ලප ආදිය මුහුණෙන් මකලා දාන්නත් පුළුවන්.

සමේ අධික තෙල් සහිත බව අඩු කරන්න වගේම පාලනය කරන්නත් හැකියාව තියෙනවා. දැඩි හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ ඇති වන දුර්වර්ණය සහ සමේ ඇති වන ලප කැළැල් මකා දමන්නත් රත් හඳුන් වලට ඉතා ඉහල හැකියාවක් තියෙනවා.මුහුණේ අධික තෙල් සහිත බව අවම කර ගන්න රත් සඳුන් කුඩු ස්වල්පයකට ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15කින් මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න.

රත් හඳුන් කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක්. ඒ නිසා සම මතුපිට ඇති වන විවිධ අසාධන වලට හා ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. කැසීම්, සිරීම්, ඉරිතැලීම් නිසා පලුඳු වු සමට සහනය ගෙනදී සම පෝෂණය කරන්නත් රත් සඳුන් වලට පුළුවන්. කෘත්‍රිම ආලේපන වලින් සමට හානි කර ගන්නේ නැතිව හැකි හැම වෙලාවකම ස්වාභාවික දේ වලින් සම ආරක්ෂා කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1064 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:03:15 AM
Script:/article/1064/red-sandalwood-for-skin-problems.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:03:16 AM
Script:/article/1064/red-sandalwood-for-skin-problems.html