වයිට්නින් ක්‍රීම් වලින් ලබා ගන්න බැරි සුන්දර සමක් දැන් ඔබටත්

September 10, 2018
23,896
Get a fair skin that cannot get from a whitening cream
සුදු පැහැති සමක් කියන්නේ හැමෝගෙම සිහිනයක්. ඒ වෙනුවෙන් අපේ ගෑණු ළමයි ඕනෑම දෙයක් කරයි. තමන්ගේ ජිවිතේ පවා අවදානමක දාල නුසුදුසු ආලේපන ගල්වන්න, සුදු වෙන්න කියල පෙති වර්ග බොන්න පවා ගොඩක් අය පෙළඹිලා. සුදු වෙන්න කියලා නුසුදුසු දේවල් කරන්න ගිහින් ජීවිතේම අවදානමක දාගෙන තිබුණු පෙනුමත් නැති කර ගෙන ජීවිතේම දුකක් කර ගත්ත අය ගැන අත්දැකීමෙන්ම දන්න නිසා තමයි මේ ගැන ලිපියක් ලියන්න හිතුවේ.

ලස්සන කියන්නේ සුදු පාට මුහුණකට නෙවෙයි. ලස්සන වෙන්න ඕන ඔබේ හදවත. එතකොට ඒ ලස්සන ඔබේ මුහුනෙනුත් කියාපානවා. මුහුණත් ලස්සන වෙන්න ඕන තමයි හැබැයි එහෙමයි කියලා ජිවිතේ අවදානමක දා ගන්න එපා. ඒක අපි හැමදාමත් ඔයාට මතක් කරනවා. ශරීර අභ්‍යන්තරයෙන්ම ලබා ගන්නා සුන්දරත්වය හැමදාටම පවත්නවා. එනිසා අපි උත්සාහ කරන්න ඕන ඒ සුන්දරත්වය ලබා ගන්න මිසක් මුහුණ විතරක් සුදු කර ගන්න නෙවෙයි. ඒ සුදු මුහුණ තාවකාලිකයි වගේම ඔබට අනතුරුදායකයි.

ඔයා ඔයාට ආදරය කරනවා නම් ඒ කිව්ව අනතුරුදායක දේවල් වලින් ඈත් වෙලා ස්වාභාවිකව ඔයාගේ සුන්දරත්වය වැඩි කර ගන්න පුළුවන් මේ දේවල් try කරන්න. මුහුණේ සම ගැන විතරක් හිතන්න එපා. මුළු සිරුරේම සුන්දරත්වය ගැන අවදානය දෙන්න. මේවායේ ප්‍රතිඵල ක්ෂණිකව ලබා ගන්න බැරි වුනත් එය හැමදාමත් ඔබව ලස්සනට තියාවි.

1. සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න වැඩි පුර වතුර බොන්න.

2. දවසට දෙවරක් වත් මොයිස්චර්රයිසර් කරන්න. එයිනුත් සමේ තෙතමනය රැක දෙනවා

3. සම පිරිසිදුව තබා ගන්න. හැබැයි නිතර නිතර මුහුණ සෝදන්න එපා. එයින් සමට වියලි බවක් එක් වෙනවා. දවසට දෙවරක් මුහුණ සේදීම ප්‍රමාණවත්.

4. අහිතකර හිරු එළියෙන් සම ආරක්ෂා කර ගන්න. දිනපතා එළිමහනට යන්න පෙර සන් ක්‍රීම් එකක් ආලේප කරන්න.

5. අනවශ්‍ය ලෙස නිදි වැරීම නිසා ඔබට අකලට වයස්ගත පෙනුමක් එක් වෙනවා. ඒ වගේම මානසික ආතතිය ඇති වෙන්නත් හේතුවක් වෙනවා. ඒ නිසා දිනකට පැය 8ක් වත් නින්දක් ලබා ගන්න.

6. දෛනික ආහාර වේලට පෝෂ්‍යදායි ආහාර එකතු කර ගන්න. කොළ පැහැති එළවලු, පලා වර්ග අමතක කරන්න එපා.

7. විටමින් C බහුල ආහාර ආහාර වේලට එකතු කර ගන්න.

8. ඒ වගේම නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන්න.

9. සමේ ඇති කුණු දූවිලි ඉවත් වී සම පිරිසිදු කර ගැනීමට සතියකට දෙවරක් වත් face and body scrub එකක් කරන්න.

10. මේකප් හරි හැටි ඉවත් නොකර කවදාවත් නින්දට යන්න එපා. මේකප් සහ අනෙකුත් ආලේපන දිනපතා හොඳින් ඉවත් කරන්න. ඒ වගේම තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන තෝරා ගන්න

11. මේකප් උපකරණ පිරිසිදුව තබා ගන්න.

12. කල් ඉකුත් වුණු මේකප් හා ආලේපන ගැල්වීමෙන් වලකින්න.

13. සතියකට වරක් කොට්ට උරය මාරු කරන්න. ඒ වගේම ඔබ භාවිතා කරන හැම උපකරණයක්ම පිරිසිදුව තබා ගන්න.

14. දෑත් වල වියළි බව අවම කර ගන්න උත්සාහ කරන්න. අපි නිතරම අත් දෙක සෝදන නිසා ඉතා ඉක්මනින් අත් වියලෙන්න බලනවා. අත් සේදීමෙන් පසුව සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න අමතක කරන්න එපා.

15. දෙපා පැලීම් වැනි තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර කරන්න. නැත්තම් මුණ බලලා කකුල් දෙක බලද්දී මුනේ ලස්සනෙනුත් වැඩක් නැතිව යනවා.

මේ දේවල් වලින් සැබෑ සුන්දරත්වයක් ලබා ගන්න උත්සාහ කරන්න. සතියෙන් දෙකෙන් ලස්සන වෙන්න ගිහින් ජීවිතේම දුකක් කර ගන්නවට වඩා එහෙම හොඳයි නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1072 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:20 PM
Script:/article/1072/get-a-fair-skin-that-cannot-get-from-a-whitening-cream.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:20 PM
Script:/article/1072/get-a-fair-skin-that-cannot-get-from-a-whitening-cream.html