ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

August 20, 2019
29,044
How to get the photo look
සාමාන්‍ය මීනිස්සු විදිහට අපි හැමෝම කැමතියි ලස්සනට පෙනී ඉන්න. ඒ වගේම ෆොටෝස් වලට මුහුණ දෙන්න. ඒ නිසා කොතන ගියත් ලස්සන ඇඳුමක් ඇඳලා ෆේස් බුක් එකට අප්ලෝඩ් කරන එක අද කාලේ කාගෙත් පුරුද්දක් නේ, සාමාන්‍යයෙන් ෆොටෝස් වලින් කෙරෙන්නේ අපි ඇත්තට ඉන්නවට වඩා ලස්සනට පෙන්නන එක. හැබැයි අපි ඇඳන් ඉන්න ඇදුමෙන් ඊටත් වඩා ආලෝකයක් ෆොටෝස් වලට ගන්න පුළුවන්. මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.

1. දීප්තිමත් වර්ණ අඳින්න



ෆොටෝ එකක් ගන්න කලින් ඔබේ ඇඳුමේ පාට ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. මූණට එළියක් වැටෙන පාට අඳින්න උත්සහ කරන්න. සුදු හෝ කලු වර්ණ වලට අමතරව ඕනෑම දීප්තිමත් වර්ණයක් ඒ සඳහා ඔබට තෝරා ගන්න පුළුවන්. හැබැයි සුදු හෝ කලු වර්ණයෙන් මූණට වැඩි දීප්තියක් ගන්න පුළුවන්.

2. සන්ග්ලාසස් දාගන්න



සන්ග්ලාසස් භාවිතා කරන එක ඔබෙ ඇස් වලට කොහොමත් හිතකරයි. ඒ වගේම ෆොටෝස් වලට පෝස් කරද්දී සන්ග්ලාස් දාන එකෙන් හොඳ ලුක් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මේක් අප් වලින් තොරව ඉන්න දවසක, ඇඟට මහන්සි වෙලාවක හෝ ඇස් වෙහෙසට පත් වෙලා තියන වෙලාවක හදිසියේ ෆොටෝ එකකට මුහුණ දෙන්න වුණොත් ඔබට ගැළපෙන සන්ග්ලාසස් දෙකක් නිතරම ලඟ තියන් ඉන්න එක වටිනවා. එතකොට මුහුණේ අඩු පාඩු පේන එක අවම වෙනවා.

3. බෙල්ල ආවරණය නොකළ ඇඳුම් අඳින්න



ඇදුම් විලාසිතා තේරීමේදී බෙල්ල අවට ප්‍රදේශය විවෘතව පෙනෙන විලාසිතා තෝරාගන්න, එතකොට ඔබේ බෙල්ල දිගටිව පේනවා වගේම අනිත් අයගේ අවධානයටත් ලක් වෙනවා වැඩියි. මොකද සාමාන්‍යයෙන් ශරීරයේ සමට මිනිස්සුන්ගේ ඇස් යොමු වෙනවා වැඩියි. ෆොටෝස් වලදී ඒ විදිහට ඇඳුම් ඇඳලා හිටියොත් සමට වගේම මුහුණටත් ඊළඟට ඉබේම අවධානය ලැබෙනවා.

4. මුද්‍රණය කරපු ඇඳුම් අඳින්න



ෆොටෝස් වලට පෙනී ඉන්නකොට ඇසට පහසු, සරල, ග්‍රැෆික් මුද්‍රණ සහිත ඇඳුම් අඳින්න පුරුදු වෙන්න. හැබැයි කෙනෙක් ඔබගේ ඡායාරූපය දෙස බැලූ විට ඒවා ඔබ කෙරෙහි අවධානය යොමු ක‍රවීමට අවශ්‍ය මට්ටමේ ප්‍රින්ටඩ් ඇඳුමක් වෙන්න ඕනේ. නැත්නම් මිනිස්ස්සුන්ගේ ඇහැ යන්නේ ඔබේ ප්‍රින්ටඩ් ඇඳුමේ තියෙන්නේ මොනාද කියලා බලන්නයි.

5. උරහිස් වලට උඩින් ජැකට් එක අඳින්න



උරහිස් වලට උඩින් ජැකට් එක දාන එක අපිට ටිකක් නුහුරු වුණාට පිටරට වල නම් ප්‍රකට විලාසිතාවක්. ඒකෙන් ඔබේ අත් දෙකේ වැඩි හරියක් ආවරණය වෙනවා වගේම ඔබව අනෙක් අයට වඩා උසට පෙනෙයි. ඒහෙම ඇඳුමක් අඳින එක මුලදී ඔබට පොඩ්ඩක් නුහුරු වෙන්න පුළුවන්, හැබැයි ෆොටෝ එකකදී ඒ වගේ විලාසිතාවකින් සැරසෙන එක ධනාත්මක ප්‍රතිචාර ගොඩක් ඔබට හිමි කර දෙයි.

6. තොප්පියක් පළඳින්න



මේ කියන්නේ අවුවට දාන සාමාන්‍ය තොප්පි ගැන නෙමෙයි. විලාසිතාවන්ට අනුකූලව නිර්මාණය කරපු රවුම් හැඩැති තොප්පි ගැනයි, මොකද ඒවා භාවිතා කලාම ෆොටෝස් වලට ඔබේ මුහුණ රාමුගත වෙනවා. ඔබේ හිස පිටුපසට ඉහළින් හිටින විදිහට තොප්පිය පළඳින්න. ඒකෙන් ඔබේ ෆොටෝ එකට හොඳ බලපෑමක් ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,675
   44

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,025
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   57,270
   18

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How To Make Pani Walalu (Unduwel)
   41,178
   17

අවුරුදු මේසෙට පැණි වළලු

පිටි වර්ග සියල්ලම එකිනෙකට හොදින් මිශ්‍රකරගන්න. පසුව වතුර ටිකෙන් ටික දමා හොදින් අනාගන්න. එම මිශ්‍රණය පැය 6ක් පමන තබන්න
Changes in your body if you consume cod-liver oil daily
   98,298
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed