ඒ ඒ අහාර ගන්න ඕන වේලාවන් දැනගනිමු

August 21, 2019
8,229
What when to eat
අපේ හැඩකාරියෝ ආහාරපාන පිලියෙල කරන්න බොහොම දක්ෂයි. රසට වගේම දැක්ක ගමන් කන්න හිතෙන විදිහට ආහාරපාන සකස් කළත් ඒවා කන නොකන වේලාවක් කලාවක් තියෙන බවත් අමතක කරන්න එපා.

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන අවවාදය අපි හැම දෙනාම දන්නවානේ. ඒ වගේම උදේ ආහාරය ගන්න වේලාවකුත් තියෙනවා. කුවුරු හෝ ඔබෙන් ඇහුවොත් උදේට කන්නේ කීයටද කියලා ඔබේ උත්තරය මේ විදිහට වෙන්න පුලුවනි.

අනේ උදේට නම් කනවා තමයි. ඒත් වෙලාවක් නැහැ... අන්න වැරදුන තැන.. උදේ ආහාර ගන්න ඕන හොඳම වෙලාව නම් අවදි වෙලා පැය බාගයක් ඇතුලත උදේ ආහාර ගන්නවා නම් බොහොමත්ම ගුණයි.

දවල් ආහාරයට ඉතින් වෙලාවක් අපිට නැති බව ඇත්ත.. අඩුම වශයෙන් දැන් කාර්යාලක වැඩ කරන අය වුනත් වෙලාවට කන්නේ නැහැ. සමහර අය හවස තුනට විතරත් දවල් ආහාරය ගන්න වේලාවල් තියෙනවා. ඉතින් මේ වේලාවට විහිලුවට වගේ අපිත් අහනවා නේද..? ඔය රෑටද එහෙම නැත්නම් දවල්ටද? කියලා. ඒ වුනත් දිවා ආහාරයට සුදුසු ගැලපෙනම වෙලාව තමයි 12.30 සහ 12.45 අතර කාලය බව ආයුර්වේදයේ සඳහන්ව තිබෙනවා.

දැන් රාත්‍රි ආහාරය ගැන කිව්වොත් 7 ට වගේ ආහාර ගැනීමට හැකි නම් ඉතාම හොඳයි. රාත්‍රි ආහාරයෙන් පැය බාගයක්වත් ගෙවෙන තෙක් නින්දට යන්නත් එපා.

අපි ගුණයට ගන්නා ආහාර වුනත් සීමාව සහ රටාවක් අනුව ගැනීම ඉතාම වැදගත්. ඇට වර්ග දවසේ කොයි වේලාවටත් ගැලපෙනවා. ඒ වුනත් වඩාත් ගුණ ලබා ගැනීමට නම් ඇට වර්ග උදේට සහ දවල්කාලයට ආහාරයට ගැනීම හොඳයි.

රාත්‍රියට කිරි බොන අයට ආයුර්වේදයේ දැක්වෙන මේ උපදෙස වඩාත් වැදගත් වේවි. කිරිවලට ගම්මිරිස් කුඩු ටිකක්, කරදමංගු එකතු කලොත් තුන්දොස සමනය වීම වගේම වසා පද්ධති පිරිසිදු වෙනවා. රුධිර කැට ගැසීම වැලකෙනවා.

උදේ ආහාරය සමග ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා නම් ඒ සමග කිරි පානය කරන්න එපා. කිරි නම් කිරි ඇපල් නම් ඇපල් පමණයි. කිරි සමග එකට ඇපල් ආහාරයට ගත්තොත් යකඩ අවශෝෂනය වීම අපහසුයි.

අර්තාපල් පිෂ්ඨ බහුල නිසා රාත්‍රියට නම් පිලියෙල කරන්න එපා. උදේට දවල්ට ආහාරයක් විදිහට ගැනීමට කිසිම බාධාවක් නැහැ. දොඩම් යුෂ පානයට අපේ කිසිම අකමැත්තක් නැති වුනත් හිස්බඩ නම් එතරම් සුදුසු නැහැ. දොඩම් ආම්ලික නිසා උදරයේ දැවිලි එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් තත්වයට හේතු වෙනවා.

සලාද ආහාරයට ගැනීමේදීත් ආහාරයට මිනිත්තු 15 කට පෙරාතුව ගැනීම යහපත්. චීස් සහ සීනි ආහාර උදෑසන ගත් විට දහනය කිරීමට පහසුයි. මස් ආහාර වුනත් රාත්‍රියට නම් එතරම් සුදුසු නැහැ. ඇයි ඉතින් ජීරණයට ගැලපෙන ව්‍යයාමයක් හෝ ශාරිරික ක්‍රියාකාරිත්වයක් රාත්‍රියට සිදු වෙන්නේ නැති නිසා ටිකක් ඒ ගැනත් හිතන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,176
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   14,168
   20

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Weralu benefits
   22,745
   20

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…
How to reduce under arm sweating
   23,379
   19

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed