ඔබ නිදි පෙති ගන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න

May 3, 2020
6,131
Think twice before taking sleeping pills
අද සමාජයේ බොහෝ දෙනෙක් රාත්‍රී නින්ද නිසා පීඩාවෙන් ඉන්නේ කියලා අපි දන්නවා. නින්ද නොයාම පිළිබඳ තාවකාලික ගැටළු මඟහරවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් නිදි පෙති ගත්තද කාලයත් සම​ග එය​ට ඇබ්බැහි වෙනවා කිව්වොත් අ​ප නිවැරදියි. සුවපත් නින්දකට මෙය විසඳුමක් නොවන අතර නොපෙනෙන නරක බලපෑම් ඇති වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි නිදි පෙති සම්බන්ධව කතා කරන්න හිතුවේ අන්න ඒ නිසායි.

නිදා ගැනීම සඳහා බොහෝ අය නිදි පෙති මත යැපෙන්නේ ඇයි?
නින්ද ඔයාගේ සිරුරට සහ මනසට හුඟක්ම වැදගත්. වැඩිහිටියෙකු අඩුම තරමින් පැය 7ක්වත් නිදා ගන්න ඕනේ. නින්ද නොලැබීම නිසා ඔයාගේ ශරීරය ආතතියෙන් පෙලෙන අතර කාලයත් සමඟ මෙය ඔයාගේ සෞඛ්‍යට අහිතකර වෙනවා. තවත් සමහර අය රාත්‍රිය පුරාම නොයෙකුත් හේතුන් වලට සැරින් සැරේ ඇහැරෙනවා. මේ නිසා තමයි හුඟාක් දෙනෙක් නිදි පෙති මත යැපෙන්නේ. 

ඔයාගේ වෛද්‍යවරයා විසින් නිදි පෙති නිර්දේශ ක​ළත් එය දිගු කාලීනව ශරීරයට අහිතකර ලෙස බලපානවා. දැන් අපි බලමු නිදි පෙති ඔයාගේ සෞඛ්‍යයට හානි කරන්නේ කොහොමද කියලා.

1. චර්යාත්මක වෙනස්කම් වලට භාජනය වෙනවා
නිදි පෙති ඔයාගේ ස්නායු සැකැස්ම කෙරෙහි බලපාන අතර ඔයාව නින්දට ඇද දමනවා. කොහොම වුණත්, දිනපතා නිදි පෙති පානය කිරීම නිසා ඔයාගේ මනෝභාවය සහ හැසිරීමේ වෙනස්කම් පෙන්නුම් කරනවා. 

2. මත්පැන් සමඟ නිදි පෙති ගන්න එපා!
නිදි පෙති සහ මත්පැන් එකට ගැනීම සුදුසු නැහැ. නිදි පෙති මත්පැන් පානය කිරීමට පෙර හෝ පසුව ලබා ගත්තොත් සමහර අවස්ථාවල මාරාන්තික වෙන්න පුළුවන් .

3. අසාත්මිකතා ඇතිවීමේ හැකියාව වැඩි වීම
නිදි පෙති විශාල ප්‍රමාණයක් පානය කිරීමෙන් අතුරු ආබාධ ඇති වෙනවා. සමහර මූලද්‍රව්‍යයන් නිසා ඔයා​ව අසාත්මිකතාවන්ට ලක් විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස හුස්ම ගැනීමේ අපහසුතා, මුහුණේ ඉදිමීම වැනි බලපෑම් ඇති වෙන්න පුළුවන්.

4. මතකය නැතිවීමේ ප්‍රවණතාව වැඩි වීම 
හොඳ නින්දක් ලබා ගැනීමට නිදි පෙති බිවූවත් එය ඔයාගේ මොළයට බලපානවා. විශේෂයෙන් මහලු වියේ සිටින අයට ඒ බලපෑම වැඩියි. ඒ සඳහා හඳුනාගෙන ඇති ප්‍රධාන රසායනික ද්‍රව්‍යය benzodiazepine වන අතර එමගින් මතකය හා සම්බන්ධ ගැටළු ඇති කරනවා.

5. නිදි පෙති වලට ඇබ්බැහි වීම
බොහෝ වෛද්‍යවරු මිනිසුන්ට නිදි පෙති නියම කරන්නේ යම් කාලයක් සඳහා පමණයි. නින්ද නොයාම නිසා ශරීරය නැවත නින්දට යාමට පුරුදු කිරීමට නිදි පෙති අවශ්‍ය වෙනවා. කොහොම වුණත් නියමිත කාලයට වඩා වැඩි කාලයක් පානය  කළහොත් පෙති වලට ඇබ්බැහි වෙන්නට පටන් ගන්නවා. සමහර අයට ඇබ්බැහි වීමේ වැඩි අවදානමක් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නින්ද නොයාම නැවත ඇති වෙනවා. මෙය පෙරට වඩා නරක අතට හැරෙන්න පුළුවන්.

ඔයාට වෙන කිසිම විකල්පයක් නොමැති අවස්ථාවක නිදි පෙති පානය කරනවා නම් මේ උපදෙස් පිළිපදින්න.

1. ඔයා ගන්නා නිදි පෙති සති දෙකකට නොඅඩු කාලයකට සීමා කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම නැවත ස්වාභාවිකවම  නින්දකට යාමට උත්සාහ කරන්න.

2. ඔයාගේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා නිදි පෙති භාවිතා කිරීමෙන් වළකින්න. එය වඩාත් නරක අතට පත් විය හැක.

3. ඔයා අසාත්මිකතා අත්විඳින්නේ නම්, එවැනි අසාත්මිකතාවයක් ස​ඳහා ගන්නා ඖෂධ සමඟ නිදි පෙති පානය කිරීමෙන් වළකින්න.

4. නිදි පෙති වලින් කිසි බලපෑමක් ඇති නොවේ නම් හෝ ඔයා වෙනදාට වඩා කලින් අවදි වුවහොත්, නැවත නිදා ගැනීමට නිදි  පෙති ගන්න එපා.

නිදි පෙති ගැනීම වෙනුවට ඔයාට කළ හැකි දේ..

නිදා සිටියදී සන්සුන් සංගීතයකට සවන් දෙන්න.
සමබ​ල ආහාර වේලක් ගෙන නින්දට යන්න.
කාමරය අඳුරු කර නින්දා ගැනීමට සුදුසු පරිසරයක් සදා ගන්න.
මනස සන්සුන් කර ගැනීමට යෝග හෝ භාවනා ක්‍රම තෝරා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1584 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:21 PM
Script:/article/1584/think-twice-before-taking-sleeping-pills.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:22 PM
Script:/article/1584/think-twice-before-taking-sleeping-pills.html