අපිට නොදැනීම සිදුවන ඇස් වියලීමට හේතු සහ පිළියම්

August 9, 2020
3,531
Reason and solutions for dried eyes
ඇස් දෙක කියන්නේ අපේ ශරීරයේ අපිට තියන වටිනාම ඉන්ද්‍රියක්. ඒත් වෙහෙසකර ඇස්, රතු ඇස්, නොපැහැදිලි පෙනීම සහ ඇස් නිතර කැසීම, පොඩි කිරීම කියන්නේ ඒ හා සම්බන්ධව අද කාලයේ තියන ගැටලුයි. මේවා වියළි ඇස්වල රෝග ලක්ෂණ කිහිපයක් පමණයි. අවාසනාවකට වගේ ඒ තත්ත්වයන් ගැන හරි හැටි දැනුමක් නැතුව බොහෝ දෙනෙක් මෙයින් පීඩා විඳිනවා. ඔබටත් ඒ තත්ත්වය බලපාලා තියනවා නම් ඒ සඳහා කරන්න පුලුවන් දේවල් කීපයක් අපි මේ ලිපියෙන් පැහැදිලි කරන්නම්...

කඳුළු
ප්‍රමාණවත් තරම් කඳුළු නිපදවන්නේ නැති වුණාම සහ ඔබේ ඇස් වල කඳුළු වල ගුණාත්මක බව නැති වුණාම ඔබේ ඇස් වියළෙන්න පටන් ගනන්වා. ඔබට එය වළක්වා ගැනීමට හෝ නිවැරදි කිරීමට අවශ්‍ය නම් ඔබ කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඒකට නිශ්චිත හේතුව සොයා ගන්න එක. අදාළ හේතුව මත පදනම් වෙලා තමයි ඇස් වල වියළිම, කැසීම, දැවිල්ල, කඳුළු සහ රතු පැහැය වගේ ගැටළු ඇති වෙන්නේ.

හේතු
ඔබේ ඇස් වලත් අපි ඉහත සඳහන් කරපු තත්ත්වයන් ඇති වෙනවා. එයට වායු දූෂණයේ සිට වායුසමීකරණය දක්වා විවිධ හේතු ගණනාවක් බලපානවා. දීර්ඝ කාලයක් තිස්සේ පරිගණක තිරයක් දෙස බලන් ඉන්න එකෙනුත් ඇස් වියළීම ඇති වෙන්න පුලුවන්.

ඔබ ඔබේ වැඩ කටයුතු වලට අවධානය යොමු කරගෙන ඉද්දී ඔබට බොහෝ විට ඇසිපිය ගසන්න අමතක වෙනවා. රූපවාහිනිය නරඹද්දී වෙන්නේත් ඒ දේමයි. අපි වයසට යනකොට අපේ කඳුළු වල ගුණාත්මක භාවයද අඩු වෙන්න පටන් ගන්නවා. මේ හැරුණු විට පිරිමින්ට වඩා බොහෝ වෙලාවට කාන්තාවන් වියළි ඇස් වලින් පීඩා විඳිනවා. විශේෂයෙන් ඔසප් වීමේදී හා ඊට පසු කාලයේදී සෑම කාන්තාවකටම පාහේ යම් අවස්ථාවක දී මේ සම්බන්ධයෙන් ගැටළු ඇති වෙනවා. ඔබ යම් යම් රෝගාබාධ වලට අරගන්න ඖෂධ හෝ ඇතැම් රෝගාබාධ වලින් ද ඇස් වලට බලපෑම් ඇති කරන්න පුලුවන්.

උපදෙස්
පරිසරයේ වායු දූෂණය වගේ සමහර දේවල් ඇත්ත වශයෙන්ම වෙනස් කිරීමට හෝ වළක්වා ගන්න අපිට අමාරුයි. ඒ වුණාට ඔබේ වියළි ඇස් නැවත සකස් කර ගැනීමට ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් තිබෙනවා. ඒ මෙහෙමයි :

ඔබේ දෑස් වලට දිවා කාලයේදී කෙටි විවේකයක් ලබා දෙන්න ඕනේ. විශේෂයෙන් ඔබ පරිගණකයේ වැඩ කිරීමට ගත කරන කාලය අඩු කරන්න. කෙටි වෙලාවක් වත් ඒකෙන් ඇස් දෙක ඉවත් කරගෙන ඉන්න උත්සාහ කරන්න. මේ සඳහා ඔබට twenty-twenty rule එක ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔබ පරිගණකයේ වැඩ කරන සෑම මිනිත්තු විස්සකට වරක් තිරයෙන් මීටර් විස්සක් දුරට යන්න. එහෙම ඈත් වෙලා තත්පර විස්සක් ගත කරන්න උත්සාහ කරන්න. එම තත්පර විස්ස තුළදී හැකි තරම් ඇසි පිය ගසන්න උත්සහ කරන්න. ඒ හරහා ඔබේ කඳුළු පවා යථා තත්ත්වයට පත් කරගන්න අවස්ථාව ලැබෙනවා.

වියළි සහ දූවිලි සහිත කාමරවල ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක තියාගන්න හැකි තරම් වග බලා ගන්න. ඒ වගේම ඔබේ ඇස් විජලන කරවන දේවල් තමයි වායුසමීකරණ සහ හීටර් කියන්නේ. ඒවා හැකි හැම විටම මඟ අරින්න.

පුලුවන් හැම වෙලාවකම පුලුවන් තරම් ඇසි පිය ගසන්න අවධානය යොමු කරන්න. පොදුවේ ගත්තම ඔබ තත්පර හතරකට වරක් වත් ඇසිපිය ගැසීම කරන්න ඕනේ. ඒ කියන්නේ විනාඩියකට පහළොස් වරක් ඇස්පිය ගසන්න ඕනේ කියන එකයි. ඒ එක්කම එහෙම කරද්දී ඔබේ ඉහළ ඇහි පිල්ලම ඇස තුළට හොඳින් ස්පර්ශ වෙනවාද කියලාත් අවධානයෙන් ඉන්න.

අව් කණ්ණාඩි පළඳින්න. හිරු එළියට නිරාවරණය වීම ඔබේ ඇස්වලට අහිතකර ලෙස බලපාන අතර ඇස් වියලීමටත් බලපානවා.

ඔබේ ඇස් වියලීමට බලපාන හේතුවෙන් ඔබට ඉවත් වෙන්න හැකියාවක් නැත්නම් ඔබට කරන්න පුලුවන් හොඳම දේ තමයි වෛද්‍ය උපදෙස් මත අයි ඩ්‍රොප් එකක් භාවිතා කරන එක. ඊට පස්සෙත් ඔබේ ඇස් වියළෙනවා නම් ඔබ අනිවාර්‍යෙන්ම අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම නුවණට හුරුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,889
   62

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,658
   50

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,093
   25

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න

Latest Articles

Most Viwed