නින්දෙන් ගෙරවනවා කියන්නේ කිසියම් රෝගයක ලක්ෂණයක්ද?

November 30, 2019
4,378
Is groaning a symptom of a disease?
ගෙරවීම රෝගයක් හැටියට මෙන්ම රෝගයක් නොවන ලෙසත් සැලකිය හැකියි. ඒ අනුව මෙහි ප්‍රධාන කොටස් දෙකකි. එනම් ගොරවන නිසා අදාළ පුද්ගලයාට හානියක් ඇති නොවුණත් තමා සමඟ ජීවත් වන අනෙක් පවුලේ සමාජිකයන්ට බාධා ඇතිවිය හැකියි. එසේ ඔවුන්ට ඇතිවන තත්ත්වයන් පිළිබඳ කථාබහ කළොත් නින්දට බාධා ඇතිවීම, නිදියන අතරමැද අවදිවීම ආදියයි. අද හැඩකාරී අපි ඔයාට නින්දෙන් ගොරවනවා කියන්නේ කිසියම් රෝගයක ලක්ෂණයක්ද.. සහ ඊට ස්වභාවික විසදුම් කිහිපයක් ගැන කියලා දෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව හෝ ආසාත්මිකතාවයක් ඇති වීමෙන් පසු ඔයාගේ නාසය සිරවීම සාමානය තත්වයකි. ඉතින් මේ හේතුව නිසා ඔයාට මෙම කරදරකාරී ගෙරවීම ඇති වෙන්නට පුළුවන්.

ගෙරවීම නිසා තමාට බාධාවක් නොවුණත් අන් අයට ගැටලුවක් වීම මෙන්ම ගෙරවීම නිසා තමාගේ සෞඛ්‍යයට මෙන්ම අන් අයටත් හානියක් වීම එහි දෙවැනි කාණ්ඩය ලෙස වර්ග කළ හැකියි. මෙහිදී පළමු කාණ්ඩයේ රෝගීන්ට වඩා ගැටලුකාරී බව වැඩි වන්නේ දෙවැනි කාණ්ඩයේ රෝගීන්ටයි. ඔවුන්ට ගෙරවීම නිසා ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොලැබී යා හැකි අතර මේ හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු වීම නිසා නින්දෙන් ක්ෂණිකව අවදි විය හැකියි. නමුත් එසේ අවදි වී නැවත අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබාගෙන නැවත නින්දට යනු ලැබේ.

පැත්තට හැරී නිදා ගන්න

උඩු අතට නිදා ගන්නා විට ඔයාගේ මේද පටක වැරදි ආකාරයට ස්ථානගත වීම නිසා ශ්වසන මාර්ගය අවහිර වී ගෙරවීම නමැති ක්‍රියාව නොදැනුවත්ව සිදු වෙනවා. මේ තත්වය පාලනය කරගැනීම සඳහා උඩු  අතට නිදා ගැනීම වෙනුවට පැත්තට හැරී නිදා ගැනීමෙන් ඔයාට මග හරවා ගැනීමට පුළුවන්.

දේහ බර අඩු කර ගැනීම

ඔයා අධිකව ස්ථුල පුද්ගලයෙක් නම් ඔයාගේ නිකට අවට ප්‍රදේශයේ මේදය තැන්පත් වීම නිසා ස්වසන ධාරාව පටු වීමක් සිදු වීම නිසා මෙම තත්වය ඇති විය හැකි බව අනුමාන කල හැකිය. මේ නිසා ඔයා උසට සරිලන බර ලැබෙන තුරු බර අඩු කර ගැනීමට උත්සාහ කරන්න.

ව්‍යායාම සිදු කරන්න

දිනයකට මිනිත්තු 30ක් පමණ ව්‍යායාම සිදු කරන්න. පිහිනීම ඇවිදීම නර්තනය සහ පඩිපෙල් නැගීම වැනි සරල ක්‍රියාකාරකම් වල නිරත වන්න. ක්‍රම ක්‍රමයෙන් ව්‍යායාම සිදු කරන කාලය වැඩි කරන්න.

ආහාර පිලිබදව සැලකිලිමත් වන්න

ඔයාගේ ආහාර වේලට එළවලු පලතුරු සහ කැලරි අඩු ආහාර එකතු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම සිනි ලුණු සහ තෙල් භාවිතය හැකි තරම් අවම කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1463 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:57:59 PM
Script:/article/1463/is-groaning-a-symptom-of-a-disease.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:57:59 PM
Script:/article/1463/is-groaning-a-symptom-of-a-disease.html