තෙල් අධික සමකට ගැළපෙනම ෆේස් පැක් එකක් දාමුද?

July 23, 2018
18,860
Face packs for oily face
ඔයාට තියෙන්නේ තෙල් අධික සමක් නම් දැනටමත් ඔයා මේ නිසා ගොඩක් පීඩා විදිනවා ඇති. තෙල් අධික සමේ කුරුළෑ අසාදනය සිදුවෙන වේගය ඉතාමත් වැඩියි. තෙල් අධික සමක කුණු දුහුවිලි රැදෙන වේගයද ඉතාමත් වැඩියි. ඒ විතරක් නෙමෙයි මෙවැනි සමකට විවිධ ආසාධන තත්ත්වයන් වුවද ඉතාමත් වේගයෙන් සිදු විය හැකියි. තෙල් අධික සමක් පමණට වඩා දිලිසෙන අතර මෙවැනි සමකට රූපලාවණ්‍ය සත්කාර කරන්න නම් පහසු වෙන්නේ නෑ. ඔයා ෆේෂ්වොෂ් දාලා කොච්චර මුහුණ සේදුවත් ටික වේලාවක් ගිය ගමන් ආපහු ඔයාගේ මුහුණේ සම ආපහු තෙල් නිසා දිලිසෙන්න පටන් ගන්නවා. මෙවැනි තෙල් අධිකව පවතින සමකට ෆේස් පැක් සත්කාරයක් මගින් මේ ගැටලූ මගහරවා ගන්න පුළුවන්. ෆේස් පැක් එකක් කිව්වට හැම ෆේස් පැක් එකක්ම තෙල් සහිත සමකට ගැළපෙන්නේ නෑ. ඉතිං තෙල් සහිත සමකට හරියනම ෆේස් පැක් ගැන ඔයාව දැනුවත් කරන්න අද hadakari.com අපි තීරණය කළා. ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් එකට විසදුමක් හොයා ගන්න මේ ලිපිය ඔයා කියවලම බලන්නකෝ.

කඩල පිටි සහ බිත්තර සුදු මදය

කඩල පිටි ගොඩක් දෙනෙක් මුහුණ පැහැපත් කර ගන්න වගේම මුහුණේ කැළැල් ඉවත් කර ගන්න භාවිත කරන ධාන්‍ය වර්ගයක්. කඩල පිටි ස්ක්‍රබ් එකක් වශයෙන්ද ඔයාට භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම කඩල පිටිවල ස්ක්‍රබ් විදිහට භාවිත කිරීමෙන් සමේ මරුණු ෙසෙල ඉවත් කරන්න උපකාරී වෙනවා. බිත්තර සුදු මදයේ අන්තර්ගත විටමින් A ඔයාගේ සමේ කැළැල් මැකීමට වගේම සම එල්ලා වැටීම, සම වියළීම වගේම ඔයාගේ මුහුණේ පවතින තෙල් සහිත බවද නැති කරනවා.

කඩල පිටි මේස තේ හැදි එකක්, බිත්තර සුදු මද තේ හැදි එකක් හා මී පැණි තේ හැදි එකක් ගෙන ඉහත ද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා හොදින් කලවම් කර තලපයක් සේ පිළියෙල කරගන්න. පසුව මෙම මිශ්‍රණය මුහුණේ සහ ඛෙල්ලේ ආලේප කර විනාඩි 30 ටින් පමණ සෝදා ඉවත් කරන්න.

වියළි කහ සහ සහල් පිටි

ඔයා දන්නවානේ කහ කියන්නේ හොද විෂබීජ නාශකයක් වගේම බැක්ටීරීයාවක් වශයෙන් ප්‍රතික්‍රියා කරනවා. සහල් පිටි සම මත ආලේප කිරීමෙන් රෝම කූප විවර වී සමේ මැරුණු ෙසෙල ඉවත් කිරීමට උපකාරී වෙනවා. සහල් පිටි මේස තේ හැදි එකක්, කහ කුඩු තේ හැදි එකක්, මීපැණි තේ හැදි එකක් සම සමව ගෙන හොදින් කලවම් කර ගන්න. ඔබ සකස් කර ගත් මිශ්‍රණය ඝණ බව හැගෙන්නේ නම් වතුර ස්වල්පයක් එකතු කර ගන්න. මෙලෙස සකස් කරගත් මිශ්‍රණය ඇස්වල නොගෑවෙන විදිහට මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේපකර විනාඩි 30 ක පමණ කාලයක් තිඛෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

ඕට්ස් සහ ලෙමන් යුෂ

ඔයගේ මුහුණේ තියෙන තෙල් උරා ගැනීමේ සුවිශේෂි හැකියාවක් ඕට්ස්වලට තියෙනවා. විශේෂයෙන් ඔයා ස්ක්‍රබ් එකක් විදිහට ඕට්ස් භාවිත කළොත් මුහුණ පැහැපත් කර ගන්න පුළුවන්. ලෙමන් යුෂ වලින්ද ඔයාගේ සමේ තෙල් ගතිය අඩු කර ගන්න පුළුවන්. ඕට්ස් තේ හැදි දෙකකට ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍ර කර ඕට්ස් ඇට පිටිවන තෙක් අඹරා ගන්න. මෙලෙස ඔබ විසින් පිළියෙල කර ගත් තලපය මුහුණේ ආලේප කර විනාඩි පහක් පමණ මෘදුව ස්ක්‍රබ් කරන්න. මිනිත්තු 20 ක් පමණ මුහුණේ තිඛෙන්නට හැර සෝදා ඉවත් කරන්න. මේ ආකාරයට ඔයා සති කිහිපයක් මුහුණට මේ සත්කාරය කළොත් ඔයාටම ඔයාගේ මුහුණේ සැබෑ වෙනස හදුනාගන්න පුළුවන්.

මී පැණි සහ තක්කාලී

තක්කාලී කියන්නේ ඔයාගේ මුහුණට හොද සත්කාරයක්. තක්කාලී මගින් ඔයාගේ මුහුණේ රැදුණු කුණු, දුහුවිලි මෙන්ම මැරුණු ෙසෙලද ඉවත් කර ඔයාට පැහැපත් සමක් ලබා ගන්න උපකාරී වෙනවා. ඒ වගේම තක්කාලී මගින් මුහුණේ තියෙන තෙල් ගතිය අවම කරන අතර කුරුළෑ අසාදන ඇතිවීම පාලනය කරනවා. මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ ඉදුණු තක්කාලී ගෙඩියක් හා මී පැණි තේ හැන්දක් පමණයි. තක්කාලී ගෙඩිය හොදට තලපයක් වන සේ පොඩි කර ගන්න. පසුව එයට මී පැණිද එක් කර තලපයක් සේ සකස් කර ගන්න. සකස් කරගත් මිශ්‍රණය මුහුණේ සහ ඛෙල්ලේ ආලේප කර විනාඩි 20 තිඛෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

දෙහි යුෂ හා මී පැණි

මී පැණි කියන්නේ ඔයාගේ සමට වටිනා පෝෂණයක් ගෙන දෙනවා. සම පැහැපත් කර ගන්න වගේම සමේ තියෙන් කැළැල් ගතිය පාලනය කර ඔයාට පැහැපත් සමක් ගෙන දෙන්න මී පැණි උපකාරී වෙනවා. ඒ වගේම දෙහි යුෂවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඔයාගේ සමේ තියෙන අදුරු පැහැ ගතිය ඉවත් වෙනවා. දෙහි යුෂ හා මී පැණි අවශ්‍ය ප්‍රමාණයට ගෙන මිශ්‍රණයක් සේ සකස් කර ගනිමින් රාතී්‍රයට මුහුණේ ආලේප කරන්න. විනාඩි 30 කට පසුව මද රස්නය සහිත ජලයෙන් මුහුණ සෝදන්න. මේ සත්කාරය දිනපතා සිදු කිරීම තුළින් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 965 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:13:56 PM
Script:/article/965/face-packs-for-oily-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:13:56 PM
Script:/article/965/face-packs-for-oily-face.html