Detox පාන වල ඔබ නොදකින අන්තරාය

May 12, 2022
3,215
Danger of using detox diet
බොහෝ දෙනා ඩීටොක්ස් පානයන් සඳහා හුරු වී සිටින්නේ එමගින් සිරැරේ අභ්‍යන්තරය පිරිසිදුකර ගැනීම වැනි කාරණා නිසායි. නමුත් ඩීටොක්ස් පානයන් ඇතම් අවස්ථාවල ඔබ බලාපොරොත්තු වෙන කෙටිකාලීන ප්‍රතිලාභයන් ගෙන දුන්නත් ඇතැම් විට දීර්ඝකාලීන බලපෑම් එල්ල කිරීමටද ඉඩ තිබෙනවා. අන්තර්ජාලයේ ඩීටොක්ස් ප්ලෑන් එකක් ප්‍රවර්ධනය කරන විට ඒවායේ සටහන් ලෙස පහත දේවල් දකින්න ලැබෙනවා..
- ඖෂධ පැළෑටි සහ කුළුබඩු ගැන
- පානීය ජලය හෝ වෙනත් දියර ගැන
- කැලරි සීමා කිරීම් පිළිබඳ
- ආහාර අතිරේක භාවිතය පිළිබඳ
- ආහාර වර්ග නිර්දේශ කිරීම්
- පරිසරයේ ඇතැම් දෙවල් වලට නිරාවණය වීම පිළිබඳව

මෙවැනි දෑ අන්තර්ගත වුවත් සිරැ‍ර පිරිසිදු කරන්නේ කෙසේද යන්න පිලිබඳව බොහෝ නිශ්පාදනවල සඳහන් වන්නෙ නැහැ..

සිරැර තුළ ඩීටොක්ස් ක්‍රියාවලියක් ස්වභාවිකවම සිදුවෙන බව ඔබ දන්නවාද?

බොහෝ ප්‍රවීණයන් පවසන්නේ ඩීටොක්ස් පානයන් වෙනුවට සමබර ආහාර වේල් සහ ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම වඩාත් සුදුසු වෙන බවයි. විශේෂයෙන් මිනිස් සිරැරේ එයටම අනන්‍ය වූ ඩීටොක්ස් ක්‍රියාවලියක් පවතින බවයි ඔවුන් පවසන්නේ.. එයට අක්මාව, වකුගඩු, පෙණහලු සහ මහාබඩවැල යන් ඉන්ද්‍රියන් සහය වෙනවා.. එමගින් සිරැරට විවිධ ආහාරපාන මගින් ඇතුලුවන විෂ හරණය කිරීමට උපකාරි වෙනවා..

වකුගඩු : ප්‍රධාන වශයෙන් රුධිරය පෙරීම සිදුවෙන අතර මුත්‍රාවල ඇති විෂ ඉවත්කරනවා.

අක්මාව : පෝෂ්‍ය පදාර්ථ සැකසීම සහ වකුගඩු වලට විෂ ද්‍රව්‍ය හරණය කිරීමට පහසුවෙන සේ ක්‍රි කරනවා.

පෙණහළු : ආශ්වාස කරන වාතයෙන් සිරැරට ඇතුළුවන විෂ ඉවත්කරනවා.

මහා බඩවැල : ශරීරයේ අපද්‍රව්‍ය සහ විෂ ඉවත් කිරීම මහා බඩවැල මගින් සිදුවෙනවා.

ඉහත ඉන්ද්‍රින් මගින් ඔබගේ සිරැරේ විෂ ස්වභාවිකව ඉවත් කරනවා.. නමුත් ඔබට ප්‍රෝටීන්, තන්තු, එළවළු, පලතුරු සහිත ආහාර වේලක්, දෛනිකව ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් විවේකය ගැනීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සීමා කිරීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම ආදී ක්‍රමයන් මගින් මෙම ඉන්ද්‍රියන් නියමිත පරිදි ක්‍රියා කිරීමට සහය වීමට පුළුවන්.


ජල ඩීටොක්ස් - ප්‍රමාණය ඉක්මවා ජලය පානය මේ අහිතකර ප්‍රතිඵල


ප්‍රමාණය ඉක්මවා ජලය පානය කිරීමෙන් සිරැරේ සෝඩියම් සිරැරට අහිමි වන අතර hyponatremia නමැති තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඔක්කාරය, වමනය, හිසරදය, තෙහෙට්ටුව, මාංශ පේශී වේදනාව වැනි රෝග ලක්ශණ මෙන්ම රෝගය වැඩිවීමෙන් කෝමා වැනි තත්ත්ව වුවත් ඇතිවීමට ඉඩ තිබෙනවා. එමනිසා ඔබ ඩීටොක්ස් එකක් ලෙස ජලය පානය කරනවා නම් හෝ කැලරි සීමා කරනවා නම් සීමාවකින් යුතුව එය කිරීම වැදගත් වෙනවා.


නිරාහාරව සිටීම නැත්නම් Fasting detox විසඳුමක්ද?

බොහෝ දෙනා සිරැරේ විෂහරණයට සහ බර අඩුකර ගැනීමට දියර සහිත ආහාර වර්ග ගැනීමට හුරු වී සිටිනවා.. විශේෂයෙන් අනෙකුත් ඩීටොක්ස් ක්‍රමවලට වඩා අතරින් පතර නිරාහාරව සිටීම මගින් සිරැරෙ බර අඩුකර ගැනිම වැනි ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් නිරාහාරව සිටීම මගින් ඇතැම් විට පෝෂණ ඌනතවයන්, ප්‍රමාණය ඉක්මවා සිරැරේ බර අඩුවීම වැනි අවධානම් සාධක බලපාන්න පුලුවන්. මෙම Fasting detox ඔබට කැමති ආකාරයට සිදුකිරීමට වඩා වඩාත් සුදුසු වන්නේ ඒ සම්බන්ධව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමයි.


ඩීටොක්ස් ආහාර වේල් මගින් ඔබගේ මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම


අප ආහාරයට ගන්නා ආහාර වර්ග අපගේ මානසික සෞඛ්‍යය කෙරෙහි බලපෑම් එල්ල කරනවා.. විශේෂයෙන් ආහාර මනෝභාවයන් කෙරෙහි බලපානවා. එමනිසා සෑමවිටම සකස්කරන ලද ආහාර, අධික මේදය, සීනි සහිත ආගාර වර්ග වෙනුවට නැවුම් එළවලු පළතුරු, ධාන්‍ය සහිත සමබර ආහාර වේලක් ලබාගැනීම වඩාත් සුදූසු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

වැදගත් : ශරීරයේ විෂ හරණය කිරීමට ඩීටොක් වර්ග ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ.. මන්ද ඔබගේ ශරීරයට ඇතුළුවන විෂ හරණය සඳහා සිරැර තුළ එයට ආවේණික ක්‍රියාවලියක් තිබෙනවා.. ඩීටොක්ස් වර්ග වෙනුවට සමබර ආහාර වේලක්, ක්‍රියාශීලි ජීවණ රටාවක්, මත්පැන් දුම්වැටි පානයෙන් වැළකී සිටීම වැනි ජීවන රටාවේ සිදුකරන වෙනස් වීම් වඩාත් ප්‍රායෝගික සහ ආරක්ශාකාරි වෙනවා.. ඒ වගේම ඔබ සිරැරේ බර අඩුකර ගැනීමේ අපේක්ශාවෙන් ඩීටොක්ස් වර්ග භාවිතා කරනවා නම් ඇතැම් ඩීටොක්ස් වර්ග එයට සහය වෙනවා. නමුත් ඔබ එය නතර කල වහාම නැවතත් ඔබේ බර පෙර පරිදිම වීමට ඉඩ තිබෙනවා..

නමුත් ඔබගේ සිරැරේ බර සෞඛ්‍යය සම්පන්නව පවත්වාගැනීමටත් සිරැරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලබාගැනීමටත් වඩාත් සුදුසු වන්නේ ඔබ වෛද්‍ය උපදෙස් හෝ පෝෂණවේදීයකුගේ උපදෙස් අනුව කටයුතු කිරීම බවයි හැඩකාරි අපගේ අදහස වන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   39,827
   24

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   39,679
   22

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   56,015
   21

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Food to regulate your menstrual circle
   37,835
   20

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
These signs may be saying that you have cholesterol
   36,625
   18

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed