කිරි බොන්න කැමති ඔයාට හිතා ගත නොහැකි ප්‍රතිඵල

January 4, 2019
5,958
Unbelievable results for milk fans
ලොව පුරාම මෙන්ම ලංකාවේ ඉන්න අපිත් කිරි බොන්න කැමතියි. තේ එක්ක කෝපි එක්ක චොකොලට් පව්ඩර් එක්ක වගේම, වැනිලා රසට, ස්ට්‍රෝබෙරි රසට වගේ මොන විදිහට බිව්වත් කිරි කියන්නේ අපි හුඟක් අය කැමති ආහාරයක්. ඒ වගේම කිරි වලට අකමැති කොට්ටාශයකුත් අපේ සමාජේ ඉන්නවා. තවත් සමහර අය හිතාගෙන ඉන්නවා කිරි බිව්වාම ශරීරයේ කොලෙස්ටරෝල් තත්වය අයහපත් අතට හැරෙනවා කියලා. ඉතින් ගොඩාක් අය ආස උනත් කිරි බොන එක අතහරිනවා. අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ ඔයාට කිරි බිව්වම ලැබෙන හිතකර ප්‍රතිඵල ගැන.

නින්දක් ලැබීම 

හැම රාත්‍රියකටම ඔයාගේ සුව නින්දක් ලබා ගන්න ඕන නම් ඔයා හැමදාම රාත්‍රී නින්දට යාමට පෙර කිරි වීදුරුවක් බිමට පුරුදු වෙන්න. එමගින් ඔයාගේ ශාරීරිකව හෝ මානසිකව ඇති වන පීඩාකාරී තත්වයන් සමනය කර සැප නින්දක් ලබා දෙනවා. කිරි පානය කිරීම මගින් ඔයාගේ මොළයට රුධිරය සැපයීම ක්‍රමවත්ව සිදු වීම නිසා ඔයාට ඇති වන රෝග බොහෝමයකට සුවයද ලබා දෙනවා.

ශරීරයට ශක්තියක් ලැබෙනවා 

කාන්තාවක් විදිහට හැමෝම සිරුරේ හැඩය ගැන හුඟාක් හිතනවා. ඉතින් ඔයාගේ රාත්‍රී ආහාර වේලත් පොඩි සරල ආහාරයක් නිසා රාත්‍රී නින්දට පෙර හොඳ කිරි කෝප්පයක් බිමෙන් ඔයාගේ කායික සහ මානසික ගැටළු තත්ත්වයන් මග හැරවා ගෙන පසු දින උදයේ ජවසම්පන්න ලෙස අවදි වෙන්න පුළුවන්.

සිරුරේ බර අඩු කර ගැනීමට

රාත්‍රී නින්දට පෙර මේදය රහිත කිරි කෝප්පයක් පානය කිරීමෙන් ඔයාගේ ශරීරයේ බර ඉතාමත් ඉක්මනින් අඩු කර ගන්න පුළුවන්. තව ඔයා මතක තියා ගන්න ඕනා කාරණාවක් තමයි එක කිරි කෝප්පයක් පමණක් එක දවසකට පානය කරන්න. සමබර ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී සිරුරේ බර වැඩි වීම මෙමගින් වලක්වා ගැනීමට හැකියාව තියෙනවා.

ආහාර ජීරණ පද්දතියට

ආහාර ජීරණ පද්ධතියේ ඇති වන රෝගී තත්වයන් අවම කර ගැනීමට රාත්‍රියේදී නිදා ගැනීමට පෙර කිරි කෝප්පයක් පානය කරන්න. ඒ වගේම දියවැඩියා රෝගින්ටද නිදා ගැනීමට පෙර කිරි වීදුරුවක් පානය කිරීම වඩාත් යෝග්‍යයි. දියවැඩියා රෝගීන් සඳහා සීනි රහිත කිරි වීදුරුවක් ගුණදායකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1220 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:09 AM
Script:/article/1220/unbelievable-results-for-milk-fans.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:10 AM
Script:/article/1220/unbelievable-results-for-milk-fans.html