මව් කිරි ලබා දෙන කාලය අතරතුර හැම මවක්ම මේ ආහාර වලින් වැළකිය යුතුයි

January 25, 2018
11,957
Breast feeding mothers should stay away from these food
දරු ප්‍රසුතියකින් පසුව මාස 6ක් 7ක් පමණ ගත වන තුරු දරුවාගේ එකම ආහාරය වෙන්නේ මව්කිරි. ඒ නිසා අනිවාර්යෙන් හැම මවක්ම තමන් ගන්නා ආහාර පාන ගැන අතිශයින් සැලකිලිමත් විය යුතුයි. මොකද ඔබ ගනු ලබන ආහාර වල පෝෂණය වගේම අහිතකර තත්ත්වයනුත් දරුවාට අනිවාර්යෙන් බලපෑම් කරනවා.ඒ වගේම ඇතැම් ආහාර මව්කිරි ඇති නොවීමට බලපෑම් කරනවා. ඒ නිසා මව්කිරි ලබා දෙන කාල සීමාව තුල ඔබ මෙන්න මේ කියන ආහාර පාන පරිභෝජනයෙන් වැලකි සිටීම ඉතා වැදගත්.

1. කැෆේන් අඩංගු ආහාර මෙහිදී ප්‍රධානම වෙන්නේ. මව්කිරි දෙන මවක් නොගත යුතු ආහාර පාන අතර මුලින්ම තියෙන්නේ කෝපි. මොකද කෝපි වල අඩංගු වෙන්නේ කැෆේන්. ඒ වගේම තේ, සෝඩා ඇතුළු ඇතැම් ශක්තිජනක පානයන් මව්කිරි එරීම අවම කරන්න හේතු වෙනවා. ඒ නිසා නිතර නිතර කැෆේන් අඩංගු පානයන් ලබා ගැනීමෙන් වැළකිය යුතුයි. කැෆේන් අඩංගු ආහාර නිතර පරිභෝජනයෙන් මව්කිරි වල අඩංගු යකඩ ප්‍රමාණය අවම වෙනවා. ඒ හේතුවෙන් දරුවාගේ හිමොග්ලොබින් මට්ටම අඩු වෙනවා.

2. සැර අධික කුළුබඩු ආහාරයත් දරුවාට අහිතකර විදියට බලපානවා. අධික සැර කුළුබඩු වර්ග ආහාරයට ගැනීමෙන් අලුත උපන් දරුවා තුල දැවිල්ල වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවා අපහසුතාවයට පත් වෙන්නත් එය හේතුවක්.

3. සකස්කළ ආහාර. විශේෂයෙන්ම කාර්යබහුල බව නිසා සකස් කල ආහාර ලබා ගැනීම පහසුවක් විදියට දැනුනත් එය ඔබ මත යැපෙන ඔබේ දරුවාට හානිකර විය හැකියි. සකස් කල ආහාර වල ඇති කල් තබා ගැනීමේ හා රසකාරක දරුවාට අහිතකර ලෙස බලපෑම් කරනවා. දරුවා තුල විවිධ අසාත්මිකතා ඇති වෙන්නත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නත් එය හේතුවක් වෙනවා.

4. සීනි සහ කෘතිම රසකාරක කියන්නේත් මේ කාලයේදී ඔබ ඈත් කල යුතු තවත් දෙයක්. මව්කිරි ලබා දෙද්දී සීනි අධික ආහාර භාවිතය සිමා කරන්න. සීනි සහ රසකාරක දරුවාට නරක ලෙස බලපෑම් කරන්න ඉඩ තියෙනවා.

මේ ආහාර වගේම සුදු ලූනු, පාස්ලි, බ්‍රකෝලි, රටකජු, විටමින් C බහුල ආහාර, වගේම මුහුදු මාළු වැඩි වශයෙන් ආහාරයට නොගැනීමට මතක තබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 642 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:42:27 AM
Script:/article/642/breast-feeding-mothers-should-stay-away-from-these-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:42:28 AM
Script:/article/642/breast-feeding-mothers-should-stay-away-from-these-food.html