ඔබේ සැමියා ප්‍රශ්නෙකින් ඉන්නා විට ඔබ නොකල යුතුම දේවල් 5ක්

February 11, 2017
48,846
What Not to Say When Your Loved One Is Upset
පවුල් ජීවිතයක් ගතකිරීමේදි නොයෙක් ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. බිරිඳක් විදියට ඔබ ඉවසිලිවන්තව කටයුතූ කිරීම ඉතාම වැදගත්. ඔබේ සැමියා යම් ප්‍රශ්නයකින් හෝ කනස්සල්ලකින් සිටින විට ඔබ නොකල යුතූම දේවල් 5ක් ගැනයි මේ කියන්න හදන්නේ.

1. දිගින් දිගටම හේතු අහන්න එපා

ඔබට පැහැදිලිව පේනවානම් ඔහු ඉන්නේ යම්කිසි ප්‍රශ්නෙකින් හෝ කනස්සල්ලකින් බව ඒ ගැනම දිගින් දිගටම අසන්න යන්න එපා. ඔයා හොදින්ද මොකද වෙලා තියෙන්නේ ඇයි තරහෙන් ඉන්නේ ආදි ප්‍රශ්න ඇසීමෙන් ඔහුගේ කේන්තිය තවත් වැඩි වෙනවා. නොනවත්වා ඔහුගේ කේන්තියට හේතු හොයන්න යෑමෙන් වෙන්නේ තත්වය තවත් නරක අතට හැරීමයි. මේ වගේ අවස්ථාවකදී ඔහු කතාකරනවා නම් කතා කරන්න කැමති තමන් සමගම පමණි. ඔහුට ටික වේලාවක් සන්සුන්ව ඉන්න ඉඩදෙන්න.

2. උවමනාවට වඩා අස්වැසීමට යන්න එපා

මෙහිදී ඔහුගේ ප්‍රශ්නය තේරුම් ගන්න එකයි ඔහුව උවමනාවට වඩා අස්වසන්න යන එකයි කියන්නේ කාරණා දෙකක්. ඔහු ඔහුගේ ප්‍රශ්නයට හෝ කනස්සල්ලට හේතු ඔබ සමග පවසන විට ඔහුට අවශ්‍යවන්නේ ඔහු කියනදෙය අසා සිටීම පමණී. සනසවන්නවත් කරුණාව දක්වන්න කෙනෙක්වත් ඔහුට අවශ්‍ය නෑ. ඒ වගේම ඔහුගේ ප්‍රශ්නය විසදන ආකාරය ගැන ඒ වෙලාවට ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න එපා. හොදම දේ තමයි ඔහුට කතාකරන්න ඉඩදීලා ඔබ අසාගෙන සිටීම.

3. ඇතිවූ ප්‍රශ්නය ගැනම කියවන්න එපා

යම් ගැටලුකාරී තත්වයක් ඇතිවුනාම එය ඔබටත් පීඩාකාරී තත්වයක්. සමහරවිට මුලු දවසම සිත් තැවුලෙන් ඉන්න සිද්දවෙනවා. නමුත් ඔබේ සැමියා මහන්සි වී වැඩ නිමවී ගෙදර ආ හැටියෙම නැවතත් ඇතිවූ ප්‍රශ්නෙ ගැනම කියවමින් ඔහුට මැසිවිලි නගන්න
එපා. එය බිරිඳක් විසින් සිදුකරන ඉතාම නරක දෙයක්. එයින් වන්නේ ඔහුගේ කෝපය තවත් වැඩිවීමක් පමණි.

4. දේශනා දෙන්න එපා

ඔහුගේ ප්‍රශ්නය හෝ කේන්තිය හමුවේ ඔබ මුලින්ම ඔබේ සිතේ ඇතිවන තරහ ගතිය නැතිකරගන්න ඕන. ඒ වගේම ඔබ තේරුම් ගන්න ඕන. මෙහිදී ඔබගේ අදහස් ප්‍රතිපත්ති හෝ මොකද්ද හරි මොකද්ද වැරදි ආදිය ගැන දේශනා දෙන එක සුදුසු නැතිබව. ඔහු හිත අවුලෙන් ඉන්න විට ඔබ කියනදෙය යම් අණ කිරීමක්/නියෝගකයක් විලාසයෙන් නොවන බවට සහතික කරගන්න. ඔහු වරක් සන්සුන් වූ පසුව ඔබට සෙමින් මෟදු ලෙස පහදලා දෙන්න පුලුවන් ඔබට හැගෙන දේ.

5. යහනේදි සරාගි වෙන්න එපා

ඔබේ සැමියා මේ වනවිටත් ඉන්නේ කනස්සල්ලෙන් හෝ ප්‍රශ්නෙකින්නම් ඔහු තවමත් එම පීඩාකාරී තත්වයෙන් මිදුනාද නැද්ද යන්න හරියටම දන්නෙත් නැත්නම් ඒ වගේ අවස්ථාවකදී ඔහු සමග සරාගි ලෙස හැසිරෙන්න එපා. ඇතිවී ඇති තත්වය මත එය නුසුදුසුයි. ඒ වගේම එයින් ඔහුට හිතෙන්න පුලුවන් ඔබ ඔහුගේ හැගීම් චිත්ත ස්වභාවයන් තේරුම් ගැනීමට අසමත් බව.

ඉවසිලිවන්තව හා සංවේදීව ප්‍රශ්න හමුවේ කටයුතූ කිරීම හා මෙම ගූණාංග ඔබ තුල ඇතිකර ගැනීම ඔබේ සබදතාවයට ආශිර්වාදයක්ම වේවි.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 46 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:50:29 AM
Script:/article/46/what-not-to-say-when-your-loved-one-is-upset.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:50:30 AM
Script:/article/46/what-not-to-say-when-your-loved-one-is-upset.html