වැදගත් නෝනා කෙනෙක් විදියට හැසිරෙන්නෙ කොහොමද කියල ඔබ දන්නවද?

March 17, 2018
16,807
How to behave decent
මෙහෙම ඇහුවම ඔයා කියයි මොකද අපි නොදන්නෙ අපි කොහොමත් වැදගත් තමයි කියල. එහෙම නෙවෙයි මේ කියන්නෙ. හැසිරීමෙන්, ඇඳුමෙන් පැලඳුමෙන් වගේම කතා බහෙන් පවා ඔබ වැදගත් චරිතයක් බව පෙන්වන්නෙ කොහොමද කියන එකට ඔබ අනුගමනය කල යුතු විදි කීපයක් තියෙනව.

විශේෂයෙන් කාන්තාවක් හැම තැනකදීම හැම කෙනෙක්ගෙම අවදානයට ලක් වෙනවා. විශේෂයෙන් පිරිමි පාර්ශවයේ. ඉතින් එහෙම අනිත් අයගේ අවධානයට ලක් වෙද්දී ඒ අයගේ හිත දිනා ගෙන කටයුතු කරන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්තන් ඔයා නිකම්ම පිරිස අතරින් කැපිල යනවා. ඒත් ඔයා එකට කැමති නෑ කියලා අපි දන්නවා.

1. පළමු දෙය වැදගත් ලෙස කතා බහ කිරීම

වැදගත් කාන්තාවක් වෙන්න නම් ඔයා අනිවාර්යෙන් ඉතාමත් සංවර වෙන්න ඕන. කට පරිස්සම් කරගෙන ඉන්න එක කාන්තාවන්ට කරන්නම බැරි දෙයක්නේ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කටට එන හැම දේම කියන්න යන්න එපා. මතක තියාගන්න කිසිම පාලනයක් නැතිව වචන පාවිච්චි කරන එකෙන් හානි වෙන්නෙ ඔබේ පෞර්ෂයටමයි කියන එක.

2. තැනට සුදුසු විදියට හැසිරෙන්න

ඔයාට නිදහසේ හැසිරෙන්න පුළුවන් සමාජය හා නොහැකි සමාජ තත්ත්වයන් හඳුනාගන්න. සම වයස් යහළුවන් සමඟ හැසිරෙන ආකාරය හැම තැනටම ගැලපෙන්නේ නෑ කියන එක ගැන ඔයාට අවබෝධයක් ඕන බව මතක තියාගන්න. අවස්ථාවට ගැලපෙන විදියට කටයුතු කරන්න පුරුදු වෙන්න.

3. පළමු හමුවීමට වැදගත් තැනක් දෙන්න

පළමු හමුව ඉතා වැදගත්. එක පුද්ගලයෙක් සමඟ පළමු හමුවක් ඔබට ලැබෙන්නෙ ජීවිතේටම එක වරයි. ඒක ජිවිත කාලයටම බලපානවා. ඒ අවස්ථාවේ ඔබ ගැන ඔවුන් ඇති කරගන්න ආකල්පය ඔබව කොයි තරම් හොඳින් හඳුනාගත්තාට පසුව උනත් මතකයෙන් මැකෙන්නෙ නෑ. නව යොවුන් යුවතියකගේ සිනාව වයසින් මුහුකුරා ගිය කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. ඔබේ පෞර්ෂය විදහා දැක්වෙන, සුහදත්වය පල කෙරෙන, අවංක සිනහවකින් ඔබේ අමුත්තා පිලිගන්න.

4. ඇදුම් පැළදුම්

කතා බහ, හැසිරීම වගේම තමන් යන තැන, එතනට එන පිරිස සහ සහභාගි වෙන අවස්ථාව අනුව ඇඳුම් තෝරගන්න එක ගොඩක් වැදගත්. තැනට සුදුසු ලෙසට අඳින්න. අනවශ්‍ය විදියට ඇඟ පසඟ පේන විදියට අඳින එකෙන් නම් කැපී පෙනීම කෙසේ වෙතත් ඔබ කැපිල යන්න ඉඩ තියෙනවා. තමන්ගේ සිරුරට ගැලපෙන විදියට අවස්ථානුකූලව සහ තම පෞර්ෂය පෙන්වන ආකාරයෙන් අඳින එක තමා ලස්සන. අවුරුදු 40ක කෙනෙක් අවරුදු 20ක කෙනෙක් අඳින නවීන මෝස්තරයේ ඇඳුමක් ඇඳීම සුදුසු නැහැ.

5. ඉරියව්

ඉරියව්ව ඔබ ගැන බොහෝ දේ කියාපානවා. ඉඳ ගනිද්දී, හිට ගනිද්දී ඔබට පහසු විදියට ආචාරශිලිව ඉඳ ගන්න, හිට ගන්න, කකුලක් පිට කකුල දමා ගෙන වාඩි වෙන එක නම් ඔබට හුරු, පැත්තට හැරී කකුලක් පිට කකුලක් දමාගන්න. තැනක ඉන්නා විට, කෙනෙකු හා කතා බහ කරනා විට පවා ඉරියව් ගැන සිහියෙන් ඉන්න. හිස කසමින්, නියපොතු කඩමින්, නියපොතු හපමින්, බිම හාරමින් කතා කරන එක, කෑම කන ගමන් කතා කිරීම වැදගත් කාන්තාවකට ගැලපෙන්නෙ නෑ. ඇවිදින කොටත් වටපිට බල බලා එහෙට මෙහෙට ඔලුව කරකව කරකවා යන්න එපා.

6. පිරිසිදුකම සහ පිළිවෙල

පිරිසිදුකම අංක එක. මේක තමයි කාන්තාවක් තුල තිබිය යුතුම අනිවාර්යම ලක්ෂණය. ඇඳුම පැලඳුම පිරිසිදුව තබාගන්න. ඔබේ පිරිසිදුකම රැකගන්න. කෙනෙකුට ඔබව ප්‍රියමනාප වෙන්න නම් ඔබේ පිරිසිදුකම වැදගත්ම සාධකයක්. ඒ වගේම ඔබ අවට, ඔබේ නිවස, කාමරය හෝ කාර්යාල මේසය පිරිසිදුව පිළිවෙලට තබාගන්න. පිළිවෙල සහ පිරිසිදුකම අනිත් අයගේ අවධානය හා ආකර්ෂණය දිනා ගන්න ගොඩක් වැදගත්.

7. කෑම කද්දී ශිලාචාරබව ඇති කර ගන්න

තැනකට ගියහම කුසට සරිලන ප්‍රමාණයට පමණක් ආහාර බෙදාගන්න. පිඟාන පිරෙන්න බෙදාගෙන කෑම ඉතිරි කරන එකත් හරිම නරක පුරුද්දක්. අවශ්‍ය තරමට කන බොන එක ගැන ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නම වෙනව. ඔබ අකමැති දෙයක් ඔබට පිලිගැන්නුවොත් කාරුණිකව ප්‍රතික්ෂේප කරල ස්තූති කරන්න.

කාන්තවක් විදියට මේ යහපත් පුරුදු ඔයාගේ ප්‍රතිරූපය ගොඩනංවන්න වැදගත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 704 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:58:52 AM
Script:/article/704/how-to-behave-decent.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:58:52 AM
Script:/article/704/how-to-behave-decent.html