කොරෝනා කාලේ ආදර බිඳවැටීමක් එක්ක කටයුතු කරන්නේ කොහොමද?

June 10, 2020
2,700
How to deal with breakups while corona period
අපි හැමෝම දැන් ගෙවල් වලට වෙලා මාස කීපයක් තිස්සේ ගත කරන්නේ හිර වුණු ජීවිතයක්නේ. ඒ නිසාම මේ වගේ කාලයකදී අපේ පෞද්ගලික සබඳතා ඇතුළේ එහෙමත් නැත්නම් ආදර සම්බන්ධතාවයේ ගැටලු, කැලඹිලි ඇති වෙනවා කියන්නේ හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ වැඩක්. වසංගතය අතරතුර ඔබේ සහකරු සමඟ නිරෝධායන කාලය ගත කරන්න සිද්ධ වෙන එක හෝ එකිනෙකාගෙන් වෙන්ව සිටීන්න සිද්ධ වෙන එක යුවළකට හිමි වෙන අනුකූලතා පරීක්ෂණයක් විදිහටත් සලකන්න පුළුවන්. සමහරු මෙම පරීක්ෂණය ඉතාම හොඳින් සමත් වෙන අතරම සමහරුන් අසමත් වෙනවා. ඔබ දෙවන කාණ්ඩයට වැටුණොත්, එනම් මෙම අසීරු කාලයේදී ඔබේ සම්බන්ධතාවට බිඳ වැටිලා නම් මෙන්න ඔබට වේදනාකාරී ලෝකයෙන් මිදෙන්න හොඳම ආකාරය...

ශෝක වීමට ඔබට ඉඩ දෙන්න

හරි, ඔබට ඔබේ ජීවිතයේ දැනෙන්න පුළුවන් දරුණුතම වේදනාවක් ළඟා වෙලයි තියෙන්නේ. ඒකත් නරක කාලයකදී. ඒ නිසා ඒ තත්ත්වය පිළිගෙන හදවත බිඳුණම දැනෙන වේදනාවේ සම්පූර්ණ වේදනාව දැනෙන්න ඔබට ම ඉඩ දෙන්න. ඔබේ හදවතට හඬා වැලපෙන්න, රිදෙන්න සහ වරදකාරී හැඟීමක් දැනෙන්න දෙන්න. ඒකට කමක් නෑ.

අරමුණක් සහිතව සිතන්න

ආරම්භයේදී ඔබට ඇති වුණු කම්පනය සහ වේදනාව කාලයත් එක්ක පහ වෙලා යනවා. එතනින් පස්සේ ඉදිරියේදී කරන්න ඕනේ දේවල් දකින්න උත්සාහ කරන්න. සමහරවිට ඔබේ සම්බන්ධතාවය තුළ ගැටළු කිහිපයක් පැනනගින්න ඇති අතර එය බිඳී යාමට සැමවිටම පැහැදිලි හැකියාවක් තියෙන්න ඇති. සමහර විට මෙම දුෂ්කර කාලය ඔබගේ සම්බන්ධතාව වගේම ඔබ එක්ක ගනුදෙනු කරන්නන්ගේ ද ඇත්ත ස්වභාවය ඉස්මතු කරගන්න පුළුවන් වෙයි. එමනිසා ඒ ඔක්කොම අත්දැකීම් ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට හේතු කරගෙන ඉදිරියට යාමට උත්සාහ කරන්න.

දැන් තියන ඇති දේ

ඔබේ ජීවිතයේ වෙනත් අංශවලදී ඔබ මුහුණ දෙන වෙනත් පීඩා සහ වේදනාවන් කුමක් වුවත්, ඔබ මුලින්ම අවධානය යොමු කළ යුත්තේ වර්තමානයේ හැමෝටම බලපාලා තියන වෛරස් අර්බුදය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහායි. වසංගතය පවතින මේ කාලයේ ඔබේ නීරෝගීභාවය ආරක්ෂා කරගන්න සෑම උත්සාහයක්ම දරන්න.

වැඩ චිකිත්සාව

ඔබ නිවසේ ඉඳන් කාර්‍යාලයේ වැඩ කරනවා නම්, ඔබට පවරා ඇති කාර්යයන් ගැන පූර්ණ අවධානයක් යොමු කරන්න. ඔබ වෙනුවෙන්ම කාලය සොයාගෙන ඔබ ඔබව ම ඉහළට ඔසවා තබන්න සුදුසුම කාලය ද මේකයි. ඔබේ ක්ෂේත්‍රයට අදාළ විවිධ මාර්ගගත සහතික පාඨමාලා සඳහා ලියාපදිංචි වෙන්න. ඔබේ වෘත්තීය ජීවිතයේ අරමුණු නැවත ආරම්භ කිරීමට මෙම කාලය භාවිතා කරන්න. එය ඔබට හොඳ මානසික ප්‍රතිකාරයක් ද වෙයි.

සම්බන්ධව සිටින්න

මේ කාලයේදී ඔබට අතිශයින්ම විශාල තනිකමක් දැනෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ සමීප හා ආදරණීයයන් සමඟ ජීවත් වෙනවා නම් ඔබගේ පවුලේ අය සහ මිතුරන් සමඟ නැවත සම්බන්ධ වන්න. ඔවුන් ​ඉන්නේ ඈතක නම් වීඩියෝ තාක්ෂණයෙන් කතාබස් කරන්න හෝ ඔවුන් අමතන්න. මේ සියල්ල තිබෙද්දිත් සබඳතාවය බිඳී යාම නිසා ඔබේ ඍණාත්මක හැඟීම්වල ග්‍රහණයෙන් මිදෙන්න බැරි නම්, වෘත්තීය උපදේශකයෙකුගේ හෝ අත්දැකීම් සහිත විශ්වාසනීය මිතුරෙකුගේ සහාය ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1642 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:27:24 PM
Script:/article/1642/how-to-deal-with-breakups-while-corona-period.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:27:25 PM
Script:/article/1642/how-to-deal-with-breakups-while-corona-period.html