ආදරේට තිත තියන්න කලින් මේ දේවල් ගැනත් හිතලා බලන්න

October 9, 2017
6,679
Things you should consider about before breaking-up with him
ආදරේ කියන්නේ ලෝකේ තියෙන සුන්දරම දෙයක් උනාට කෙනෙක්ගේ ජීවිතේට අසුන්දරම අත්දැකීම් එක් කරන්නත් ආදරේට පුළුවන්. ආදරේ ටිකින් ටික ප්‍රශ්නයක් වෙනකොට ගොඩක් අය ගන්න තීරණයක් තමයි සබඳතාවය අත්හැරලා දාන්න තීරණය කරන එක. හැබැයි ඉතින් ආදරේට තිත තියන්න තීරණයක් ගන්න කලින් මේ දේවල් ගැන අනිවාර්යෙන්ම හිතලා බලන්න. එහෙම උනොත් ඔයාට පස්සේ පසුතැවෙන්න වෙන්නේ නැති තීරණයක් ගන්න පුළුවන්.

1. ඔහු ඔබව කායිකව වගේම මානසිකවත් හිංසනයට ලක් කරනවද?

ඔබේ පෙම්වතා මේ වගේ කෙනෙක් නම් තව දුරටත් ඔබ ඔහු වෙනුවෙන් කාලය කැප කරන එකේ කිසිම තේරුමක් නැහැ. මේ නිසා සුදුසුම දෙය වෙන්නේ ඔබ මේ සබඳතාවය නතර කරන්න තීරණය කරන එක. ඒ නිසා පසුතැවෙන්නේ නැතිව ඒ තීරණය ගන්න.

2. ඇත්තටම ප්‍රශ්නේ ඔහු ද?

සමහර කාන්තාවන් ඉක්මන් වෙලා ගන්න සමහර තීරණ වැරදියි කියලා තේරෙන්නේ පස්සේ. ඒ නිසා ඔබ ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කරනවා නම් හොඳට හිතලා බලන්න ඇත්තටම ඔහු නිසාද ඔබට ඔහුගෙන් වෙන් වෙන්න අවශ්‍ය කියලා.

3. ප්‍රශ්න ඇති වුනත් ඔබේ සබඳතාවය හොඳින් පවත්වාගෙන ගිය එකක් ද?

කිසිම ආදර සබඳතාවයක් 100% සම්පුර්ණ නැහැ. හැම සබඳතාවයකම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. මිට කලින් ඇති වුන ප්‍රශ්නත් විසඳගෙන ඔබ දෙදෙනා මෙච්චර දුරක් ආවා නම් ඔහුගෙන් වෙන් වෙන්න කලින් දෙපාරක් හිතලා බලන්න.

4. ඔයා ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න උත්සහ කරාද?

ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උත්සහ කරන්නේ නැතුව ප්‍රශ්නයක් ආව ගමන් ඒකෙන් පැනලා යන්න උත්සහ කරන එක නම් හරි දෙයක් නෙවෙයි. ඒ නිසා ප්‍රශ්න වලින් නිදහස් වෙන්න කියලා හිතලා ආදරයට තිත තියන්න කලින් දෙපාරක් හිතලා බලන්න.

5. තීරණය ඔබ තනියම ගත්ත එකක්ද?

වෙන් වෙන්න ගත්ත තීරණය ඔබ හොඳට හිතලා බලලා තනියම ගත්ත තීරණයක් නම් ගොඩක් දුරට එය ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. හැබැයි යහළුවන් සහ අනිත් අය කියන දේවල් නිසා නම් ඔබ මේ තීරණය ගත්තේ ඔබේ තීරණය නිසා ඔබට පසුතැවෙන්න වෙන අවස්ථාත් උදාවෙන්න පුළුවන්.

6. ඇත්තටම ඔබ ඔහුට ආදරේ නැති නිසාද වෙන් වෙන්න අවශ්‍ය?

සමහර තරුණියන් ඉන්නවා මේ අය හිතන්නේ වෙන්වෙන එක පෙම්වතාව හදාගන්න හොඳ උපක්‍රමයක් කියලා. මේ නිසා මේ අය කරන්නේ ඇත්තටම පෙම්වතාගෙන් වෙන් වෙන්න ඕනේ නැති උනත් පෙම්වතාට පාඩමක් උගන්නන්න කියලා හිතාගෙන ඔහුගෙන් වෙන් වෙන එක. ඇත්තටම ඔබ ඔහුට ආදරෙයි නම් ආදරෙන් ඔහුව වෙනස් කර ගන්න උත්සහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 445 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:21:56 AM
Script:/article/445/things-you-should-consider-about-before-breaking-up-with-him.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:21:57 AM
Script:/article/445/things-you-should-consider-about-before-breaking-up-with-him.html