මේ දේවල් නිසා ඔබේ ආදර සබදතාවත් අතර මඟදී බිඳ වැටෙන්න පුළුවන්

June 14, 2017
9,134
The Reason we Lose Love
දෙදෙනෙක් අතර ආදර සම්බන්ධයක් ආරම්භ වන විට ඔවුන් ගොඩක් බලාපොරොතු තියාගෙන තමයි සම්බන්දතාවය පටන් ගන්නේ. ගොඩක් දෙනෙක්ගේ අපේක්ෂාව වෙන්නේ ඒක විවාහයකින් කෙලවර වෙනවා දකින එක. නමුත් කාලයක් තිස්සේ ඇසුරු කරද්දී දෙදෙනාගේම වැරදි අඩුපාඩු පෙනෙන්න ගන්න එක සහ විවිධ මත ගැටුම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ තුල එකිනෙකා ගැන කලකිරීම්, සිත් රිදවීම් අනන්තවත් ඇති වෙනවනේ. මේ වගේ තත්වයන් දුර දිග යාම නිසා බොහෝ ආදර සම්බන්දතාවන් අතරමග බිඳ වැටෙනවා. අද අපි ඔබට කියන්නේ ආදර සබදතාවය අතරමඟදී බිඳ වැටෙන්න බලපාන ප්‍රධාන කාරණාවන් කිහිපයක් ගැනයි.

1. අපේක්ෂාවන්

ආදරය අහිමි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අපේ අපේක්ෂාවන්. එකිනෙකාගෙන් ඉහල අපේක්ෂාවන් බලපොරෝත්තු වීම හා එම අපේක්ෂාවන් ඉටු නොවීම තුල එකිනෙකා කෙරේ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෙදෙනා අතර මත ගැටුම්, ආරවුල් ඇති වෙන්නත් මේ තත්වය බලපානවා. එකිනෙකා හොඳින් තේරුම් අරන් ඉන්නවා නම්. අනෙකා තමන්ගෙන් අපේක්ෂා කරන දේවල් ගැන දෙදෙනාම සංවේදී වෙනවා නම් අදර සම්බන්ධතා වලදී අපි මුහුණ දෙන ගොඩක් ප්‍රශ්න වලින් මිදෙන්න අපිට පුළුවන්.


2. සන්නිවේදනයේ දුර්වලතා

ප්‍රේම සම්බන්ධයක වැදගත්ම කාරණාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දුර්වල සන්නිවේදනය නිසා ඇතිවන ආරවුල් නිසා අනන්තවත් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. පෙර සඳහන් කලා මෙන් ඔබගේ අපේක්ෂාවන්, බලාපොරොත්තු, අනෙකාට දැන්වීමට මනා සන්නිවේදනයක් දෙදෙනා අතරම පවත්වා ගැනීම ඉතා වැදගත්. තර්ක කිරීමට, සැලසුම් කිරීමට සහ ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔබට කතා කිරීමට අවශ්‍ය වෙනවා. සන්නිවේදනයේ අඩුකම හා දුර්වල සන්නිවේදනය එක් අසාර්ථක සම්බන්ධතාවයක් සඳහා ඇති ප්‍රධානම හේතුවක්.


3. ඉරිසියාව

ඇතැම් අය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියට කොපමණ ආදරය කලත් හිතේ කොනක ඔහු හෝ ඇය පිළිබඳව ඉරිසියාවක් සඟවා ගෙන ඉන්නවා. ඇතැම් වෙලාවට ඔහුට හෝ ඇයට ඔබේ හිතේ තියෙන දේ දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ ක්‍රියා වලින් එක ඔහුට හෝ ඇයට තහවුරු වෙන්න පුළුවන්. එහෙම උනොත් ඒක ඔයාගේ ප්‍රේම සම්බන්ධයට ගොඩක් ප්‍රශ්ණ ඇති කරන්න හේතුවක් වෙයි.


4. විශ්වාසය බිඳ වැටීම

ආදර සම්බන්ධයක් පවත්වා ගෙන යන අයට වගේම විවාහ ජීවිතයක් ගත කරන අයටත් අනිවාර්යෙන්ම ඉතාමත් වැදගත් කරුණක් ලෙස විශ්වාසය හඳුන්වන්න පුළුවන්. විශ්වාසය කියන්නේ ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දිනා ගත යුතු දෙයක්. ඒ වගේම නැති කර ගත්තොත් ආයෙත් ඇති කරන්න ගොඩක් අමාරු දෙයක්. ආදර සම්බන්දයකදී අපි හිතා මතා හෝ නොහිතා කරන වැරදි වලින් එකිනෙකා ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇති වෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

විශ්වාසය නැති උනාට පස්සේ කොච්චර සමාව ලැබුනත් වැඩක් නැහැ. මොකද එතකොට දෙදෙනා අතර තිබුණු ආදරයේ පිවිතුරු බව නැති වෙලා ඉවරයි. දෙදෙනා අතර කොතරම් ආදරයක් තිබුනත් දිගුකාලින සම්බන්දතාවයක් පවත්වාගෙන යන්න ඕන විශ්වාසය හා අවබෝධය මත කියන එක ඔයා අමතක කරන්න එපා


5. සැකය

ප්‍රේම සම්බන්ධතා වලට සැකය කියන්නේ දරුණුම විෂබීජයක්. පැහැදිලි හේතුවක් නැතුව අනෙකාව අනවශ්‍ය විදියට සැක කරන්න එපා. ඒ වගේම සැකයක් ඇති උනොත් ඒක තහවුරු වෙනකන් ඉවසිලිවන්ත වෙන්න. ඔහු හෝ ඇය ගැන පුංචි හරි සැකයක් තිබුනත් ඔයා එයාව සැක කරනවා කියන එක එයාට දැනෙන්න ඉඩ තියන්න එපා. එහෙම උනොත් ප්‍රශ්න ගොඩයි. ඒ වගේම ඒ වගේ අවස්ථා වලදී ඒ ගැන කෙලින්ම කතා කරලා ප්‍රශ්නය විසඳගන්න. දිගින් දිගට සැකය හිතේ තියා ගෙන ඉන්න තාක් කල් ආදරණිය සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න අමාරුයි.

6. වෙහෙසට පත් වීම

මේ කිව්ව සියලුම කාරණා නිසා අවසානයේ අපි වෙහෙසට පත් වෙන්වා. ආදර සබදතාවය ගැන තෘප්තියක් නැතිව යනවා. එකිනෙකා ගැන කලකිරෙනවා. ජීවිතේම එපා වෙනවා. සමහර විට දැනටමත් ඔයා මේ හේතු නිසා වෙහෙසට පත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. සම්බන්ධතාවය තුල අපි බලාපොරොත්තු වෙන නිදහස, සතුට, සැනසීම නැති වෙලා ගියාම මෙතෙක් කල් පටල ගෙන ඉඳපු අත්වැල බිඳ දමනවා. මේක තමා බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන පටන් ගන්න ගොඩක් ආදර සම්බන්ධතා වල අවසාන ඉරණම වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,891
   62

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,659
   51

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
5 skin care tips for your neck
   47,415
   25

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed