දැන් කන්තෝරු යන්නේ මෙහෙමයි

April 26, 2020
7,709
This is how you go office now
කොරෝනා සමග කන්තෝරු ජීවිතයත් ආරම්භ කරන කාලය ඇවිත්. රටම කොරෝනාවට භාරදී නිශ්ශබ්ද වෙන්න බැරි බව ඇත්ත. ඒ නිසා දැන් අපේම ආරක්ෂාව අප විසින්ම සලසා ගත යුතු කාලය ඇවිත්. වෙනදා වගේ ඝන පූරණය නැති වුනත් කන්තෝරුවේ රාජකාරි සමග සම්බන්ධ වීමට සිදු වෙනවා. එහිදී අපේ ආරක්ෂව වෙනුවෙන් මේ උපදෙස් පිලිපැදීම අවශ්‍ය බැව් රජය විසින්ම වැඩකරන ජනතාව දැණුවත් කර තිබෙනවා..

1. උදෙන්ම අවදි වී කන්තෝරු යෑමට පෙරාතුව පිරිසිදු වෙන්න.

2. වෙනදා කන්තෝරු යද්දී කෑම එක ගත්තද..? ෆෝන් එක ගත්තද..? කුඩය ගත්තද..? යන ප්‍රශ්න වලට අමතරව දැන් මේ ප්‍රශ්නයත් අනිවාර්යෙන්ම අහන්න.. ෆේස් මාස්ක් එක ගත්තද.. දාගෙන යන්න කියන්න අමතක කරන්න එපා.

3. වෙනදා කන්තෝරු යද්දී ආභරණ, විවිධ ඔරලෝසු පටි සහ පළඳනාවන් පාවිච්චි කළත් දැන් හැකි තරම් සරලව යන්න.. කොරෝනා විලාසිතා සමග නම් තරහක් නැහැ. නමුත් විවිධ පෘෂ්ඨවල කොවිඩ් 19 වෛරසයේ ක්‍රියාකාරිත්වය වෙනස්. ඒ නිසා ඇලුමිනියම්, ප්ලාස්ටික් ආදි පෘෂ්ඨ වලින් රෝග කාරකයේ පැතිරීම වැඩි වෙන්න පුලුවනි.

4. කන්තෝරුව පරිශ්‍රයට ඇතුලු වෙද්දී වෙනදා නම් අත් සේදීමක් කළේ නැහැ .කොටින්ම කිව්වොත් ගේට්ටුවේ සිට සාමාන්‍ය දුරක් යා යුතු නම් අනිවාර්යෙන්ම ගේට්ටුවේදී අත් සේදීම කරන්න. එහෙම වුනොත් මගතොටේදී හෝ ඔබට කොවිඞ් 19 ඇසුර ලැබී තිබුනොත් එහි ක්‍රියාකාරිත්වය නිශ්ක්‍රිය වේවි.

5. කන්තෝරුවේ පරිශ්‍රයට ඇතුලු වෙද්දීම සේවකයන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු දැන් ආයතනන ප්‍රධාණීන්ට සලසන්න වේවි. යුද්ධ කාලයේ පැමිනෙන අයගේ ගමන්මළු පරීක්ෂා කිරීම වෙනුවට දැන් ආරක්ෂක අංශ හෝ වෙනත් නිළධාරීන් ලවා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන්න සිදු වෙනවා. යම් විදිහකට ශරීර උෂ්ණත්වය ඉහල අගයක තිබුනොත් ඒ සේවකයාට හෝ පාරිභෝගිකයාට කන්තෝරු පරිශ්‍රයට ඇතුලු වීමට ඉඩ නොදී ඉන්න පුලුවනි.

6. කාර්යාලයේ විදුලි සෝපානය වෙනුවට පියගැටපෙල භාවිතා කරන්න. මෙය ඔබේ සෞඛ්‍යටත් යහපත්. අහිතකර කොලෙස්ටරෝල් මට්ටමත් පහල බසීවි. ඒත් පියගැටපෙල භාවිතා කරමින් යා නොහැකි පිහිටීමක් ඇත්තේ නම් දුරස්ථබව තබා ගෙන ගමන් කරන්න.

7. වෙනදා වගේ කන්තෝරු දොර අතින් තල්ලු කරනවා වෙනුවට වැලමිටෙන් හෝ පයින් තල්ලු කරන්න.

8. දැන් ගුඩුමෝනින් කියමින් ආ ගිය තොරතුරු කතා කිරීමට පෙරාතුව විෂබීජ නාශක දියර හෝ සබන් යොදා තත්පර 20 ක් අත් සෝදා ගන්න.

9. කත්තෝරු මේසයේ වගේම ඔබ පාවිච්චි කරන කාර්යාල මෙවලම් විෂබීජ නාශකයන්ගෙන් පිරිසිදු කරන්න.

10. තේ බොන කෝප්පය වෙනම තබා ගන්න.

11. ආහාර ගැනීමේදිත් අවශ්‍ය දුර පවත්වා ගන්න.

12. රැස්වීම් පවත්වන විටත් වෙනදා වගේ සමීපස්ථ බව වෙනුවට මීටරයක දුර සහ මුඛ ආවරණයත් පැළඳීම වැදගත්.

13. කන්තෝරු කාලය අවසානයේ පොත අත්සන් කරනවා වගේම අත් සෝදා ගන්න.

14. නිවසට ඇවිත් මුලින්ම පාවහන් සහ මාස්ක් එක නිවසෙන් බැහැරව තබන්න. දරුවන් හුරතල් කිරීම, රැගෙන ආ බඩු මුට්ටු වෙන් කරන්න පෙරාතුව ඔබ ඇඳගෙන ආ ඇඳුම් සියල්ල හෝදන්න දැමීමත්, සිරුර සෝදා පිරිසිදු වීමත් වැදගත්.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed