අම්මාගේ තාත්තාගේ වෙන්වීම දරුවට දැනෙන්නේ මොන විදිහටද?

October 17, 2019
6,158
How do children feel parents separation
පොඩ්ඩට එයාලගේ පවුල තරම් වටින, විශ්වාසනීය, ආදරණීය වෙනත් තැනක් නම් නැහැ. අම්මා, තාත්තා දෙන්නගේම තුරුල්ලේ ආදරය විඳින එක, හුරතල් වෙනවා හැර පුංචි පැටව් වෙනත් දෙයක් සොයන්නෙත් නැහැ. ආදරයෙන් වෙලීලා බොහොම ආදරණීයව ජීවිතය ගත කරපු පවුල් නොහිතන මොහොතක කැඩී බිඳී දෙදරා යන අවස්ථා අද වෙන විට බහුලව අහන්න ලැබෙනවා. අන්න ඒ නිසාම අද හැඩකාරී අපි ඔයාට දෙමාපියන්ගේ වෙන්වීමකදී එය දරැවාට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියා මේ ලිපිය තුළින් කියා දෙනවා.

දෙමාපියන්ගේ වෙන් වීමකදී මුලින්ම දරුවෙකුට ඇති වන්නේ දෙමාපියන් වෙන්වන බව අදහා ගැනීමට අපහසු වීමයි. මේ අවස්ථාවේදී දරුවන් දෙමාපියන් වෙන්වන බව ප්‍රකාශ කළත් එසේ නොවනු ඇතයි සිතනවා. නැතිනම් ඔවුන් නැවත එක්වනු ඇතයි සිතනවා. ඉන්පසු ඇතිවන්නේ දෙමාපියන්ගේ වෙන්වීම නිසා දෙමාපියන් කෙරෙහි කේන්තියක් ඇතිවීමයි. දෙමාපියන් ආත්මාර්ථකාමී බවත්, ඔවුන් ගැන පමණක් සිතන බවත්, දරුවාගේ සතුට ගැන තැකීමක් නැති බවත් සිතනවා. ඉන්පසු දරුවන් බොහෝවිට දෙමාපියන් නැවත එක් කිරීමට උත්සහ ගන්නවා. මෙය සාර්ථක නොවූ පසු ඔවුන් දුකටත්, කලකිරීමටත් පත් වෙනවා.

දෙමව්පියන්ගේ වෙන් වීම දරා ගත නොහැකිව පොඩ්ඩා අනවශ්‍ය ලෙස නිතරම හැඬීම, නින්දට බාධා ඇති විම, දෙමාපියන් වෙන්වුනේ තමාගේ වරදකින් බව සිතීම, වෙනදාට වඩා ඉක්මන් කේන්තිය, දැඩි පාළුවක් දැනීම, දෙමාපියන්ගේ වෙන්වීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම, තමාගේ අනාගතය ගැන බිය වීම, නිතර බඩේ අමාරු, හිසේ කැක්කුම් ආදිය ඇති වීම, වැඩිපුර ස්වාධීන වීමට උත්සහ ගැනීම සහ පාසැල් වැඩට ඇති අවධානය අඩු වීම යන ලක්ෂණ පෙන්නුම් කරනවා.

දෙමාපියන් වෙන්වූ අවස්ථාවකදී නොකළ යුතු දේ මොනවාද?

දරුවා ඔබ දෙදෙනා අතර පණිවිඩකාරයෙකු ලෙස යොදා ගන්න එපා

අනෙකාගේ වැරදි දරුවා සමඟ පැවසීමෙන් වලකින්න

අනෙකාගෙන් පළිගැනීමට දරුවා සමග සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් වලකින්න

දරුවා ඉදිරියේදී රණ්ඩු වීමෙන් වලකින්න

ඔයාගේ සිත සැනසීමට, දුක බෙදාගැනීමට යහළුවෙක් ලෙස දරුවා යොදා ගන්න එපා


දෙමාපියන්ගේ වෙන්වීම ගැන දරුවාට කිව යුත්තේ කෙසේද?

හැකිනම් දෙමාපියන් දෙදෙනාම එක්ව දරුවාට මේ ගැන පවසන්න. නමුත් මේ ගැන කතා කිරීමේදී දරුවා ඉදිරියේ ඔයාලා දෙදෙනා රණ්ඩු වේයැයි සිතෙනවා නම්, වෙන් වෙන්ව පැවසීම සුදුසුයි

ඔයාලා දෙදෙනා වෙන්වීමට දරුවා කිසිම ආකාරයකින් වගකිඅයුතු නොවන බව පවසන්න

ඔබ දෙදෙනා වෙන්වන බව ඉතා සරලව දරුවාට පැහැදිළි කරන්න

දරුවාට බොරු පොරොන්දු දීමෙන් වලකින්න

ඔබ දෙදෙනා වෙන් වුනත්, දෙදෙනාම පෙර සේම දරුවාට ආදරය කරන බව පැහැදිලි කරන්න

දරුවාට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදෙන්න

ඔබ දෙදෙනාගේ වෙන් වීම ඔබට වඩා දරුවාට බලපාන බව මතක තබා ගන්න. එ නිසා දෙදෙනා වෙන් වීමට පෙර දරුවා පිළිබද දෙවරක් සිතන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1422 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:34:25 PM
Script:/article/1422/how-do-children-feel-parents-separation.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:34:25 PM
Script:/article/1422/how-do-children-feel-parents-separation.html