ගර්භනී මවකගේ සියලු පෝෂණ අවශ්‍යතා විටමින් පෙත්තකින් ලබා ගන්න බැහැ

April 3, 2018
12,441
A vitamin pill cannot full fill the nutrition needs of a mom
නිරෝගී දරු සම්පතක් කියන්නේ හැම මවකගේම හැම පියකුගේම එකම බලාපොරොත්තුව. නිරෝගී දරු සම්පතක් ලබා ගන්න නම් අනිවාර්යයෙන් මව නිරෝගී විය යුතුයි. මම නිරෝගී වන්නේ නිසි පෝෂණය ලැබීමෙන් හා ලෙඩ රෝගවලින් තොරව මේ සමය ගත කළොත් විතරයි. ඒ නිසා මව අනිවාර්යෙන් තමන්ගේ නිරෝගී බාවය හා පෝෂණය ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි.

ගර්භනී කාලය සාමාන්‍යයෙන් මාස නමයවයකට පමණ සීමා වෙනවා. ඒ කියන්නේ සති 42 පමණ කාලයක්. මෙම කාලයේදී අවධි තුනකට අනුව ගර්භාෂය තුළ වැඩෙන කළලයට පෝෂණය කියන දේ බලපෑම් කරනවා. ඒ කියන්නේ පළමු මාස තුන, දෙවැනි මාස තුන හා අවසන් මාස තුන වශයෙන්.

ඒ වගේම ගර්භනී කාලයේදී මවගේ බර නියමිත පරිදි වැඩිවීම මගින් මවගේ හා දරුවාගේගේ පෝෂණය පිළිබඳව යම් අදහසක් ලබාගන්න පුළුවන්. මවගේ බර වැඩිවීම අවම මට්ටමක පවතිනවා නම් එය දරුවාගේ පෝෂණයට හා සෞඛ්‍ය තත්ත්වය අහිතකර ලෙස බලපෑම් කරන බව සෑම ගර්භණී මවක්ම සිහි තබා ගත යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන් සියලු පෝෂ්‍ය පදාර්ථ වලින් බහුල සමබර ආහාර වේලක් ලබා ගැනීමේ වැදගත්කම අවබෝධ කර ගත යුතුයි.

මෙහි මුල් මාස තුනේදී මවගේ බර වැඩි විය යුත්තේ සුළු වශයෙන්. නමුත් කුස තුල වැඩෙන කළලය මොලය හා ස්නායු පද්ධතියේ වර්ධනය සිද්ධවෙන්නේ මුල් මාස තුන තුලයි. අන්න ඒ නිසා කළලයේ මුල් මාස තුන කියන්නේ ඉතාමත් වැදගත් ඒ වගේම අතිශය ප්‍රවේශම් විය යුතු කාලයක්. ගර්භනි සමයේ දෙවැනි හා අවසන් අවධිවල බර වැඩිවීම වේගවත්ව සිදු විය යුතුයි. කලලයේ වර්ධනය නිසි පරිදි සිදු වෙනවා නම් මේ බර වැඩි වීම ඒ අනුව සිදු විය යුතුයි. දරුවාගේ වර්ධනය නිසි පරිදි සිදු වීමට ගර්භණීය සමයේ ඔබ ලබා ගන්නා ආහාර වල පෝෂණය ඉහල මට්ටමක පැවතිය යුතුයි. මේ සමයේදී ලබා ගන්නා පෝෂණ අවශ්‍යතා සියල්ල ම පාහේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි විය යුතුයි.

ගර්භනි සමයේ වැඩි වශයෙන් පෝෂදායී ආහාර ලබා ගන්න ඕන එක ඇත්ත තමයි. නමුත් ආහාර පාන ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු තවත් කරුණු කාරණා කීපයක්ම තියෙනවා. විශේෂයෙන් කොලෙස්ටරෝල් වැනි රෝගී තත්වයන් සහිත මවක් නම් අනිවාර්යෙන් මේදය ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. රටකජු, කජු, අලිගැටපේර වැනි අසන්තෘප්ත මේද අම්ල සහිත ආහාර ගැනීම වඩා සුදුසුයි. නමුත් පොල්, පොල් තෙල් මාජරින් වැනි සංතෘප්ත මේද සහිත ආහාර ගැනීම විශේෂයෙන් කොලෙස්රෝල් වැඩි මව්වරුන්ට එතරම් හිතකර වන්නේ නැහැ.

ගර්භනී කාලේදී දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සාමාන්‍යයෙන් ග්‍රෑම් 50-60 ක් පමණ වෙනවා. මෙහිදී කලලයේ සෛල, අවයව, පද්ධති වල විකසනය හා වර්ධනයට මෙන්ම මාතෘ පටක වර්ධනයට ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. මේ නිසා මේ කාලයේදී හැකි පමණ පෝෂණීය ආහාර ලබා ගැනීමට මව මතක තබා ගතයුතුයි. මස්, මාළු, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර කිසි විටක අමතක කරන්න එපා.

විටමින් හා ඛනිජලවණ යන පෝෂ්‍ය පදාර්ථයන්ගේ අවශ්‍යතාවයත් මේ කාලයේදී ඉතා ඉහලයි. ඒ නිසා තද කොළ පැහැති පලා වර්ග අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගන්න. හැම පෝෂ්‍ය පදාර්තයක්ම පෙති වලින් ලබා ගන්න හිතන්නේ නැතිව ස්වාභාවික ආහාර පාන මඟින් ඔබටත්, දරුවාටත් අවශ්‍ය පෝෂණය ලබා ගන්න එක තමයි වඩාත් වටින්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 742 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:46:40 AM
Script:/article/742/a-vitamin-pill-cannot-full-fill-the-nutrition-needs-of-a-mom.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:46:40 AM
Script:/article/742/a-vitamin-pill-cannot-full-fill-the-nutrition-needs-of-a-mom.html