විවාහය දික්කසාදයෙන් කෙළවර වෙන්නේ ඇයි?

August 7, 2018
6,396
Why marriage end up in divorce
දෙදෙනෙක් විවාහ ජීවිතයට එළැඹෙන්නේ ජීවිත කාලය පුරාම දුක, සැප බෙදාගෙන සතුටින් ජීවන ගමන ගෙන යන්න. ජීවන ගමනේ ගොඩක් දුර යන්න හිතාගෙන දෑත් පටලාගත් නමුත් විවිධ බාධක, අභියෝග මධ්‍යයේ බැඳීම් වගේම ආදරවන්තයිනුත් හරියට අසරණ වෙනවා. සංසාර ගමනේ එක ගමනාන්තයක දි හමු වී මියන මොහොත දක්වාම දුක, සැප, සතුට හා කඳුල බෙදා ගනිමින් ජීවන ගමන යන්න සපථ කරගත් බෝහෝ ප්‍රේමවන්තයන්ට වගේම ප්‍රේමවන්තියන්ටත් ජීවන ගමන අතරමග දාලා යන්න සිද්ධ වෙනවා. මංගල පෝරු හස්තකය මත හිඳිමින් විවාහ ජීවිතය ඇරඹුවද ඇතැම් ආදරවන්තයින්ගේ ගොඩක් ආදර කතා අවසන් වෙන්නේ උසාවිවලින්. විවාහය වගේම අද දිකකසාදයත් බොහෝ දෙනෙක් කලාවක් කරගෙන. විවාහය දික්කසාදයෙන් අවසන් වෙන්නේ ඇයි?

01. සබඳතාවට ප්‍රමුඛත්වය නොදීම

විවාහ ජීවිතයට පියවර තැබු ඔබ දෙදෙනාම මුල් තැන දිය යුත්තේ ඔබ දෙදෙනා අතර පවතින බැඳීමටයි. සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න නම් ඔබ දෙදෙනා අතර අදහස් හුවමාරු කර ගැනීම ඉතාමත් වැදගත්. මේ කියන්නේ විවාහය වෙනුවෙන් සියලු දේවල් කැප කළ යුතුයි කියලා නම් නෙමෙයි. ඔබ දෙදෙනාගේ සබඳතාවය තව තවත් ශක්තිමත් වෙන්නේ ඔබ දෙදෙනා අතර පවතින විශ්වාසය හා එකිනෙකා අතර පවතින සබැඳියාව නිසා. කිසිම අවස්ථාවක ඔබේ සහකරුවාට හෝ සහකාරියට වඩා වෙනත් පුද්ගලයෙක්ට ඔයාගේ ජීවිතය තුළ වැදගත් තැනක් ලබා දෙන්න කටයුතු කරන්න එපා. එයින් සිදු වෙන්නේ ඔබ දෙදෙනා අතර දුරස්ථ සබඳතාවක් නිර්මාණය වීමයි. එය අවසානයේ දික්කසාදයක් දක්වාම වර්ධනය විය හැකියි.

02. යහපතට වඩා අයහපත දකින්න උත්සාහ කරන්න එපා

මුලින් සදහන් කළා වගේ ඔයාගේ සහකරුවා හෝ සහකාරිය අතින් යම් අත් වැරැද්දක් සිදුවිය හැකියි. ඇතැම් විට ඒ වැරදි ඔහු හෝ ඇය හිතාමතා නොකරනවා වෙන්නට පුළුවන්. විවාහ ජීවිතය තුළ සිදුවන එවැනි අත් වැරදීම් ඕනවට වැඩියෙන් ගණනකට ගන්න එපා. ඔහු හෝ ඇය අතින් සිදුවන අත්වැරදීම් වලට මහා ලොකුවට කෑ කෝ ගහන්න යන්න එපා. නිතරම ඔයාගේ සහකාරීය හෝ සහකරුවා තුළින් යහපත් දේ දකින්න උත්සාහ කරන්න. ඒ වගේම යහපත් දේ අගය කරන්න කිසි විටෙක අමතක කරන්න එපා. විශේෂයෙන්ම පිරිසක් ඉදිරියේ ඇයව හෝ ඔහුව අපහසුතාවට පත් වෙන ආකාරයට කටයුතු කිරීමෙන් ඔබ වැළකිය යුතුයි. එසේ වුවහොත් සමාජයේ සෙසු පුද්ගලයින්ට වැටහෙනවා ඔබ දෙදෙනා අතර සාර්ථක සම්බන්ධතාවක් නැ කියලා. එය ඔබ දෙනාගේම සම්බන්ධතාවට එතරම් හොඳ දෙයක් නම් නෙමෙයි.

03. කාර්යාලයේ වැඩ නිවසට රැගෙන යන්න එපා

මෙය නම් කිසිසේත්ම හොඳ පුරුද්දක් නෙමෙයි. කාර්යාලයේ වැඩ ගෙදර අරන් එනවා කියන්නේ ඔයාට ඔහු හෝ ඇය එක්ක වගේම ගෙදර සෙසු අය එක්ක කාලය ගතකරන්න වේලාවක් ලැබෙන්නේ නෑ කියන එක. එවිට ඔබ දෙදෙනා අතර පවතින සම්බන්ධතාව ක්‍රමක් ක්‍රමයෙන් නැතිවී යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඇයට හෝ ඔහුට හිතෙන්න පුළුවන් ඇය හෝ ඔහු වෙනුවෙන් ඔබ අවධානය යොමු නොකරන බව. ඒ නිසා කවදාවත් කාර්යාලයේ වැඩ නිවසට රැගෙන යන්න එපා. ඒ කාළය ඔබ පවුලේ සතුට වෙනුවෙන් මිඩංගු කරන්න. එවිට ඔයාට සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න පුළුවන්.

04. අදහස් හුවමාරු කර නොගැනීම

ගොඩක් දෙනෙක් විවාහ වී ටික කාලයක් ගියාට පස්සේ තමයි කියන්නේ එයාට මාව ගැළපෙන්නේ නෑ, මට එයාව ගැළපෙන්නේ නෑ කියලා. ඒ නොගැළපීම් ටිකෙන් ටික ඇති කර ගන්නෙත් ඔයාමයි. ඕනෑම සම්බන්ධතාවක් සාර්ථකව පවත්වාගෙන යන්න එකනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීම ඉතා වැදගත්. එසේ නොවුණහොත් සිදු වෙන්නේ හිත ඇතුළේ සඟවාගෙන ඉන්න බොහෝ කරුණු හේතු සාධක යම් අවස්ථාවකදි දෙදරායාමකට ලක් වීමයි. ඔයා ඔහු හෝ ඇය එක්ක කතාබහ නොකර හුදෙකලාව කටයුතු නොකිරීම තුළ සිදු වෙන්නේ ඔබ දෙදෙනා අතර අනවශ්‍ය රණ්ඩු සරුවල් ගැටුම් ආදීය නිර්මාණය වීමයි. එවිට ඔබේ විවාහය දික්කසාදයකින් පවා අවසන් විය හැකියි.

05. පොඩි දේටත් රණ්ඩු විම

පොඩි පොඩි දේවල්වලට නිතර නිතර රණ්ඩු වෙනවා කියන්නේ ඔයාලා දෙන්නාගේ විවාහ ජීවිතය ටිකෙන් ටික නීරස වෙන්න පටන් ගන්නවා. සුළු ප්‍රශ්ණයක් වුණාම එය හොදින් කතාබහ නොකර විසදා ගැනීමකට වඩා ඔයා එයාගෙන් නිතරම් ගේම ඉල්ලනවා නම් එයාට ඔයාව ඉක්මනින්ම එපා වෙනවා. අවසානයේදී ඒ විවාහය දෙදරා යෑමකට පවා ලක්විය හැකියි. ඒ නිසා හැකි සෑම විටම කතාබහ කරමින් සෑම ප්‍රශ්ණයකටම විසදුම් සොයන්න පුරුද්දක් කර ගන්න.

06. ඕනවට වඩා සිරීයස් වෙන්න එපා

විවාහ ජීවිතය තුළ අත්‍යාවශ්‍යම දෙයක් හැර සමාන්‍ය දේවල් ඕනවට වඩා සීරියස් ගන්න එපා. එසේ සිදු නොවුණහොත් ඔබ ඉක්මනින් ආතතියට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔයාගේ සම්බන්ධතාව පවත්වාගෙන යන්න ආතතිය කියනනේ හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා සැහැල්ලුවෙන් හා විනෝදයෙන් හැකි සෑම අවස්ථාවකදීම ඔහු හෝ ඇය එක්ක කාලය ගත කරන්න අමතක කරන්න එපා.

07. අගය නොකිරීම

ඔයාගේ සහකරු හෝ සහකාරිය සෑම අවස්ථාවකදිම ඔබේ අගය කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැකි සෑම විටම ඔහුව හෝ ඇයව අගය කරන්න අමතක කරන්න එපා. ඔයාට කෑමක්, බීමක් හෝ ඇඳුමක්, පැළඳුමක් වගේම එයා ඔයාට තෑග්ගක් දෙන මොහොතක ඔබ විසින් ඔහුව හෝ ඇයව අගය කරන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1005 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:23:09 PM
Script:/article/1005/why-marriage-end-up-in-divorce.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:23:09 PM
Script:/article/1005/why-marriage-end-up-in-divorce.html