නැන්දම්මාගෙන් ලේලිලා වැඩිපුරම බැනුම් අහන්නේ ඇයි කියලා දන්නවාද?

July 26, 2018
12,692
Why does a daughter-in-law scolded by mother-in-law?
කෙල්ලෝ, කොල්ලෝ කාලයේ ආදරය කරන්න පටන් ගත්ත දවසේ ඉදලා බෝයී ෆ්‍රෙන්ඩ්ගේ නැන්දම්මට නම් ටිකක් විතර බයයි. ඔයාට මේ වගේ අත්දැකීම් අනන්තවත් ඇති. අම්මා මන් ගැන මොනවද කියන්නේ? ,අම්මා මට බනිනවද? කියලා ඔයත් බොයිෆ්‍රෙන්ඩ්ගෙන් අනන්තවත් අහලා ඇති. ඒ වගේම තමයි විවාහ වුණාටත් පස්සේ. ඔයා කසාද බැදලා ටික කාලයක් හරි හස්බන්ඩ් ගේ ගෙදර නැවතුණොත් ඔයාට සමහර විට නැන්දම්මාගෙන් බැණුම් අහන්න වෙන්නෙ ඇත්තටම ඔයාගේ නැන්දම්මාගේ වැරැද්දක් නිසා නෙමෙයි. ඔයා සහා ඔයාගේ නැන්දම්මා නියෝජනය කරන්නේ පරම්පරා දෙකක්. ඉතිං ඔයා හරියට මේක තේරුම් නොගත්තොත් ඔයාට හැමදාම වෙන්නේ නැන්දම්මා එක්ක රණ්ඩු වෙවී ඉන්න. ඉතිං හැමදාම ඔයාට මෙහෙම ජීවත් වෙන්න වුණාම පවුල් ජීවිතය එපා වෙන්නත් පුළුවන්. හොදම දේ තමයි නැන්දම්මා ඔයාට වැඩිපුරම බනින්නේ ඇයිද කියලා හොයලා බලන්න. පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ වැරදි අඩු පාඩු නිවැරදි කර ගන්න. අද hadakari.com අපි ඔයාට කියන මේ කරුණු කිහිපය ගැන ගියලම බලන්නකෝ ඔයා අතිනුත් මේ වැරදි වෙනවද කියලා.

ඉර පායන්න කලින් නැගිටින්න

ඔයා දැනටමත් විවාහක නම් චුට්ටක් ගෙදර ජීවත් වුණු කාලය ගැන හිතලා බලන්නකෝ. ඔයා අම්මා තාත්තා එක්ක තමන්ගේම ගෙදර ජීවත් වෙනකොට ඔයා අවදි වුණේ ගොඩක් දවල් වෙලා වෙන්න පුළුවන්. එතකොට අම්මා ඔයාට කවදාවත් මුකුත්ම කිව්වේ නෑ නේද? අම්මා ගේ දොර වැඩ කටයතු සියල්ල ඇය අතින් සිදු කරනවා. ඒත් දැන් ඔයා විවාහ වෙලා පවුල් ජීවීතයක් ගත කරන්න පටන් ගෙන ඉන්නේ. ඔයා අතින් ඔයාගේ මහත්තයාට ඉටු වෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා. ඔයා උදේට අවදි වෙන්නේ ටිකක් දවල් වෙලා නම් ඇත්තටම මේකට නැන්දම්මා ටිකක් කැමති නෑ. ඔයාගේ මහත්තයාට උදේට කිරි එකක් තේ එකක් හදලා දෙන්නේ තාමත් නැන්දම්මා නම්, ගේ දොර වැඩ කටයුතු වලින් වැඩිපුර කරන්නේ නැන්දම්මා නම් ඉතිං ඔයාට අම්බානෙකට නැන්දම්මාගෙන් බැනුම් අහන්න වෙනවා. ඔයා වෙනස් වෙන්නේ නැතුව නැන්දම්මා එක්ක වලි දාගන්න ගියොත් වෙන්නේ ඔයාගේ පවුල් ජිවිතයට කණකොකා හඬන එක. ඒ නිසා ටිකක් උදේම අවදිවෙලා ඔයා අතින් ගෙදරට කරන්න ඕන වැඩ ටික කරන්න පුරුදු වෙන්න.

වයිවාරන විච්චූරණ ඇදුම් අදිනවට නැන්දම්මලා කැමති නෑ

අපි මුලින් කිව්වා වගේ ඔයයි ඔයාගේ නැන්දම්මා නියෝජනය කරන්නේ පරම්පරා දෙකක්. මේ පරම්පරා දෙකේ අදහස්, ආකල්ප හා මතවාද එකිකෙට වෙනස්. ඔයා ඔයාගේ විදිහට එක එක විදිහේ විලාසිතාවන් කරන එක සමහර විට නැන්දම්මාට රුස්සන්නේ නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා අදින්නේ වෙසක් කූඩු වගේ ඇඳුමක්, මගුල් ගෙදරකට යන්න වගේ, ඇවිදින තොරණක් වගේ ආදී වු විවිධ කතා කියන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතිං ඔයා කවදාවත් ඔයාගේ විලාසිතාවන් වෙනස් කර ගන්න කැමති වෙන්නේ නෑනේ. ඒත් ඉතිං නැන්දම්මා එක්ක තැනකට යනකොට ටිකක් පිළිවෙළට ඇඳගෙන පැළඳගෙන යන එක කෝකටත් හොඳයි. නැන්දම්මා ටිකක් ෂේප් වෙනකම් ඔයා ටිකක් සංවරව අදින්න පුරුදු වෙන්න.

නැන්දම්මලා එක්ක පමණට වඩා තර්ක විතර්ක කරන්න යන්න එපා

යහලූවන් හිතමිතුරන් එක්ක විවිධ හේතු වලට වගේම විවිධ අවස්ථාවල ඔයා තර්ක කර ගන්න යනවා වගේ නැන්දම්මා එක්ක නම් තර්ක කරන්න යන එක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔයා දන්නවානේ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන අය කිසිම වේලාවක පරාජය භාර ගන්න එතරම් කැමැත්තක් නෑ. විශේෂයෙන්ම ලේලිලා ඉස්සරහා නම් නැන්දම්මලා පසුබට වෙන්න කැමති නෑ. ඉතිං ඒ නිසා නැන්දම්මා එක්ක කතා කරනකොට චුටුටක් සැර බාල කරලා කතා කරන්න. ඔයා යම් දෙයක් කිව්වොත් නැන්දම්මා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කිව්වොත් ඒකට ආපහු තර්ක කරන්න යන්න එපා. මොකද අනවශ්‍ය ලෙස තර්ක විතර්ක කිරීම රණ්ඩුවකට මුල පිරීමක් විය හැකියි.

නැන්දම්මා ඉස්සරහා හස්බන්ඩ් එක්ක රණ්ඩු වෙන්න එපා

ඔයාට හිතෙන්න පුළුවන් දැන් ඔයා විවාහක නිසා ඔයාගේ හස්බන්ඩ්ගේ සැබෑ අයිතිය දැන් තියෙන්නේ ඔයාට කියලා. කවදාවත් එහෙම හිතන්න එපා. අම්මලා පිරිමි දරුවන්ව කසාද බන්දලා දුන්නට ඇත්තටම පොඩි ඊර්ෂියාවක් තියෙනවා කියලා ඔයා දන්නවානේ. ඒක ජීව විද්‍යාත්මක දෙයක්. ඔයාත් අම්මා කෙනෙක් වුණු දවසට ඔයාගේම පුතෙක් විවාහ කරලා දෙන දවසට ඔයාටත් එවැනි හැගීමක් ඇති වෙන්න පුළුවන්. අම්මලා පුතෙක්ගේ අයිතිය නැති කරගන්න කවදාවත් කැමති වෙන්නේ නෑ. ඉතිං ඔයා කවදාවත් නැන්දම්මා ඉස්සරහා හස්බන්ඩ් එක්ක රණ්ඩු වෙන්න එපා. ඒ විතරක් නෙමෙයි නැන්දම්මා ඉස්සරහා හස්බන්ඩ්ට බනින්න එපා. නැන්දම්මලා ඒකට කැමති නෑ. ඔයාලා දෙන්නා අතර තියෙන ප්‍රශ්ණ ඔයාලා දේනා අතරේ විසදා ගැනීම ඉතාමත් වැදගත්.

තමන්ගේ සීමාවන් දැනගෙන වැඩ කරන්න

ඔයා විවාහ වෙන්න කලින් නිදහස් ජීවිතයක් ගතකරා වෙන්න පුළුවන්. දැන් ඔයාට හිතු මනාපෙට තීරණ ගන්න, වැඩ කරන්න එපා. ඒත් දැන් ඔයා වැඩ කරනකොට ටිකක් කල්පනා කරලා දුරදිග බලලා වැඩ කරන්න ඕන. මොකද ඔයා අතින් වෙන පොඩි වැරැද්දකින් ඔයාගේ පවුල් ජීවිතයට විවිධ අයුරෙන් බලපාන්න පුළුවන්. ඒ නිසා ඔයා මහත්තයාගේ ගෙදර ජීවත් වෙනකොට ඔයාගේ සීමාවන් හදුනාගෙන වැඩ කරන්න. මොකද ඒක ඔයාලා දෙන්නට යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න වැදගත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 974 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:59:44 AM
Script:/article/974/why-does-a-daughter-in-law-scolded-by-mother-in-law.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:59:45 AM
Script:/article/974/why-does-a-daughter-in-law-scolded-by-mother-in-law.html