එදිනෙදා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට පුංචි කරුණු

May 20, 2020
7,986
Day to day protection ideas from cover 19
කොරෝනා වසංගතය ගැන ලෝකයක් කම්පා කළ කොවිඩ් 19 උපත ගැන කතා කරද්දී චීනය ගැන කතා නොකරම බැහැ. ඒ තරමටම මේ වෛරසය චීනයට සම්බන්ධයි. නමුත් මේ තරම් ආන්දෝලනයක් ඇති කළ කොරෝනා වසංගත තත්වය චීනය කෙසේ හෝ කළමනාකරණය කර ගනිමින් ඔවුන්ගේ රටේ නව ආසාදිතයන් වගේම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සැලකිය යුතු අන්දමින් අඩු කර ගත්තා. තවමත් ඖෂධයක් හෝ එන්නතක් නොමැති යුගයකදී චීනය මේ අන්දමට කොරෝනා පාලනය කර ගත්තේ කොහොමද කියන සාධාරණ සැකය ලෝකයටම ඇති වුණා.

චීනයේ සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් රහසිගත වීඩියෝවක් මුදා හරිමින් චීන ජාතිකයන් විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ අන්දම ගැන ලෝකයටම පණිවිඩයක් ලබා දී තිබෙනවා. ඒ අනුව උණුවතුර හුමාලය ඇල්ලීම, උණුවතුර පානය කිරීම වගේම තේ පානයත් ඇතුලත්, ඔහු සඳහන් කරන අන්දමට චීනයේ හැම නිවසකම වාගේ කොවිඩ් ආසාදිතයෙක් ඉන්නවා. ඒ තරමටම රෝගයේ පැතිරීම දරුනුයි. ඒත් ඔවුන් මේ රෝග තත්වය මේ විදිහට රහසේම පාලනය කර ගත් බව මේ ඉන්දීය ව්‍යාපාරිකයා සඳහන් කරනවා.

• දවසකට හතර වතාවක් උණුවතුර හුමාලය ඇල්ලීම.
• දවසකට හය වතාවක් උණු වතුර පානය කිරීම.
• දවසකට හතර වතාවක් තේ, කිරි වැනි පාන වර්ග උණුසුම්ව ගැනීම.

මේ විදිහට දින පහක් කිරීමෙන් පසුව ලබා ගන්නා වාර්තාවලින් ඔවුන්ගේ වාර්තා ආසාදිත නැතැයි වූ ප්‍රතිඵල ලබා දෙන බවත් එම වීඩියෝව මගින් සදහන් කරනවා.

මේ අතර තවත් එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ මුඛ සෝදන දියර මගින් කොවිඩ් 19 යම් පමණකින් පාලනය කළ හැකි බවයි. මේ වෛරසය උගුර ආශ්‍රිතව ගැවසීමට ප්‍රියයි. මෙම වෛරසය වටා තුනී මේද පටලයක් පිහිටා තිබෙනවා. මුඛ සෝදන දියරයන්හි අන්තර්ගත රසායනයන්ට මේ මේද පටලය විනිවිදව ගමන් කරමින් වෛරසය බල රහිත කිරීමට පුලුවනි. ඒ නිසා මුඛ සෝදන දියර මගින් කොවිඩ් 19 වෙනුවෙන් යම් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුව ඇති වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තවමත් මේ ගැන අනුකුලතාවයක් දක්වන්නේ නැහැ.

කොහොම වුනත් අපේ අතීත අත්දැකීමෙන් මේ ගැන නම් දන්නවා නේද..? උගුර රිදෙන විට, හෙම්බිරිස්සාව ගැන අනතුරු නිමිති දැනෙන විට අම්මලාගෙ එකම උපදෙස වුනේ ලුණු වතුර ටිකක් අරගෙන හොඳට දෙතුන් වතාවක් උගුර හෝදන්න යන උපදේශයයි. ඇතත්ටම හෙම්බිරිස්සාව වගේම උගුරේ ආසාදනයන් එතැනින්ම සමාප්ත වුණා.

කොවිඩ් 19 ත් ශ්වසන පද්ධතියට සම්බන්ධ වෛරසයක් නිසා කාඩිෆ් විශ්ව විද්යාලයේ පර්යේෂකයන් උපකල්පනය කරන විදිහටම මේ මුඛ සෝදන දියරයෙන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න පුලුවන් වේවි. එතෙක්… අපේ අම්මලා ඉස්සර කිව්ව විදිහට හැමදාම උදේ සහ රාත්‍රියේ නින්දට පෙරාතුව ලුණු වතුර ටිකක් අරගෙන උගුර හෝදන්න අපහසුවක් නැහැ නේද…?

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1610 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:43:11 AM
Script:/article/1610/day-to-day-protection-ideas-from-cover-19.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:43:12 AM
Script:/article/1610/day-to-day-protection-ideas-from-cover-19.html