ඔබ බොහෝවිට නොසළකා හරින ඔස්ටියෝපොරෝසිස් රෝගයට අදාල ලක්ෂණ 6ක්

April 2, 2022
8,193
6 Symptoms of Osteoporosis
ඔස්ටියෝපොරෝසිස් යනු වයස්ගතවීමත් සමග ඔබගේ ශරීරයේ අස්ථි දුර්වලවීමත් සමග ඇතිවන අස්ථි බිඳීයාමේ තත්වයක් වන අතර මෙම රෝගය වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් තුල දැකිය හැකි අතර විශේෂයෙන් කාන්තාවන් මීට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා. බොහෝ විට ඔස්ටියෝපොරෝසිස් රෝගින් තුල කැපී පෙනෙන රෝග ලක්ෂණ දැකිය නොහැක. බොහෝ පුද්ගලයන් ඔස්ටොයෝපොරෝසිස් රෝගයේ අස්ථි බිදීම සිදුවන තුරුම තමා තුළ ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇතිබවට නොදනී.

එමනිසා ඔස්ටියෝපොරෝසිස් යනු ඔබ වයසට යන විට දැනුවත් විය යුතු රෝගයක් වන අතර ඒ පිළිබඳව නිසි දැනුවත් වීමෙන් රෝගය වළක්වා ගැනීමේ පියවර ගත හැකියි. ඔස්ටියෝපොරෝසිස් රෝගයට අදාල බොහෝ ලක්ෂණ ඔබ එතරම් තැකීමක් නොකරන ලක්ෂණ විය හැකියි.. නමුත් ඒ පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්වීම රෝගයේ අවදානමෙන් මිදීමට ඔබට උපකාරි වනවා.


වයස


ඔබ වයස අවුරුදු 50ට ආසන්න නම් එය ඔබගේ අස්ථි සෞඛ්‍යය පිළිබඳව සහ ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇතිවීමේ අවධානම් සාධක පිළිබඳ වෛද්‍යවරයා සමග සාකච්චා කල යුතු කාලයයි. එවිට වැඩිපුර කැල්සියම් අතිරේකයන් ලබාගැනීම සහ ආහාර රටාව පිළිබඳව උපදෙස් ලබාගත හැකියි. වයස අවුරුදු 65 ට වැඩි කාන්තාවන් සහ 70 ට වැඩි පිරිමින් වාර්ෂිකව ඔස්ටියෝපොරෝසිස් සඳහා පරීක්ෂා කළ යුතුය.


ඇතැම් ඖෂධ


ඔස්ටියෝපොරෝසිස් රෝගය සඳහා වයස්ගත වීම පමණක් නොව වෙනත් ඔබගේ ජීවන රටාව හා සම්බන්ධ පුරුදුද බලපානු ලබන අතර ඔබ ඇතැම් රෝගයන් සඳහා ගනු ලබන ඖෂධ වර්ග හේතුවෙන්ද ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා. උදාහරන ලෙස ඇතැම් පිළිකා ප්‍රථිකාර, මානසික අවපීඩනය සහ අම්ලපිත්ත රෝගය සඳහා ගනු ලබන ඖෂධ ආදිය ඊට බලපෑ හැකියි. නමුත් එම ඖෂධ ඔබට හිතුමතේ නතර කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.


සිරැර කුදුවීම


වයස්ගත වීමත් සමග බොහෝ දෙනා තුල කුදු ස්වභාවය ඇතිවනවා.. එසේ සිරැරේ නැමුණු ස්වභාවට හේතුවෙන් කොඳු ඇට පෙළට බලපෑම් එල්ලවනවා.. එමගින් ඔබගේ උස අඟල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩුවීමත් කොඳු ඇට පෙළේ නව නැම්මක් ඇතිවීමත් සිදුවනවා.. ඔස්ටියෝපොරෝසිස් රෝගයේ බලපෑම හේතුවෙන් ඔබේ කොඳු ඇට පෙළට හානි සිදුවීමෙන් මෙය සිදුවන බැවින් ඔබ අවුරුදු 50න් පසු සෑම සුවතා පරීක්ෂාවකදීම උස මැන බැලිය යුතුයි.


විටමින් D ඌනතාවය


විටමින් D අස්ථි සෞඛ්‍යයට ඉතා වැදගත් වන අතර එය සිරැරට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උපකාරී වනවා. මෑතකාලීන පර්යේශණ මගින් විටමින් D හෘද වාහිනී රෝග, පිළිකා සහ සංජානන දුර්වලතා වැළැක්වීම සඳහා ද සහයවන බව හෙළිව තිබෙනවා. ඔබගේ ශරීරයේ විටමින් D ඌණතාවයක් පවතින විට ඔබට අස්ථි වේදනාව හෝ මාංශ පේශි දුර්වලතා ඇතිවිය හැකියි.

උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබට පහසුවෙන් විටමින් D ලබාගත හැකි අතර ඊට අමතරව බිත්තර කහ මදය, මාළු සහ මාළු තෙල්, ශක්තිමත් කළ කිරි සහ හරක් මස් අක්මාව වැනි ආහාර ගැනීමෙන්ද විටමින් D ලබාගත හැකියි.. ඔබ නිර්මාංශ අයෙක් නම් බොහෝවිට විටමින් ඌනතාවය ඇතිවීමේ අවධානම ඉහළ අගයක් ගන්නවා. එමනිසා ඔබ නිර්මාංශ අයෙක්නම් විටමින් D ලබාගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.


සන්ධි හෝ මාංශ පේශි කැක්කුම


ඔස්ටියෝපොරෝසිස් රෝගය ඔබගේ සිරැර තුල නිහඬව වර්ධනය වන අතර බොහෝ විට රෝගය උත්සන්න වනතෙක් ඒ පිළිබඳව ඔබ නොදැන සිටිමට ඉඩ තිබේ. නමුත් ඔස්ටියෝපොරෝසිස් නිසා අපහසුතාවයක් ඇති කළ හැකි අතුරු ආබාධ අතර සන්ධි සහ මාංශ පේශී කැක්කුම වැනි දෑ දැකිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වනවා. ඊට අමතරව ඔස්ටියෝපොරෝසිස් හේතුවෙන් සිරැර නැවීම (කුදුවීම) සිදුවන විට සිරැරේ පසුපස වේදනාවද ඇතිවිය හැක.


අස්ථි බිඳීයම


ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇතිබවට දැකිය හැකි මූලික ලක්ෂණයක් ලෙස බොහෝවිට අස්ථි බිඳීයාමක් සිදුවිය හැකි අතර එයට හේතුව වන්නේ ඔස්ටියෝපොරෝසිස් හේතුවෙන් අස්ථි තුනී වූ විට ඒවා පහසුවෙන් බිඳී‍යාමට හැකි වීමයි. ඉතා සුලු අනතුරකින් පවා පහසුවෙන් අස්ථි බිඳී යන අතර බොහෝ විට තුවාලය සුළු වුවත් බොහෝ විට ඔබගේ අස්ථි බිදීගොස් තිබිය හැකියි. අස්ථි බිඳීමක් ඇතිවීමේ මූලික ලක්ෂණය වන්නේ එම ස්ථානයේ ඇතිවන වේදනාව සහ ඉදිමීමයි.

වයස්ගත වීමත් සමග බොහෝ විට සිරැරේ වේදනා සහ කැක්කුම් ඇතිවිය හැකි අතර ඒ සියල්ලම ඔස්ටියෝපොරෝසිස් රෝගය හේතුවෙන් ඇතිවන ඒවා නොවුණත් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. ඔබේ වයස කුමක් වුවත් ඔස්ටියෝපොරෝසිස් අවදානම අඩුකර ගැනිම සඳහා ඔබට විවිධ පියවරයන් ගත හැකි අතර කැල්සියම් සහ විටමින් D ප්‍රමාණවත් පරිදි ලබාගැනීමත් දුම්පානය සහ අධික මත්පැන් පානයෙන් වැළකීම සහ නිතිපතා බර ඉසිලීමේ ව්‍යායාමවලට සහභාගී වීම වැනි දෑ ඔබට කල හැකියි. විශේෂයෙන් ඔබ අවුරුදු 30 සීමාව පසු කිරීමත් සමගම මේ කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වීම තුළින් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් ආරක්ෂා විය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2148 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:39 AM
Script:/article/2148/6-symptoms-of-osteoporosis.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:24:40 AM
Script:/article/2148/6-symptoms-of-osteoporosis.html