දත් සුදු කර ගැනීමට ඔයාට උපකාරී වන සරල උපක්‍රම

August 15, 2020
15,715
Tricks to make your teeth look white
ඔයාගේ හිනාව ලස්සන කර ගන්න කැමතියිද? අපි හැමෝම දත් පෙළ සුදු පාටට තියෙනවා නම් හිනා වෙන්න කැමතියි. ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ විට දත් විරංජනය (bleaching) කර සුදු පැහැයට හරවා ගන්නවා. එය ඉතා මිල අධික වන අතර සෑම විටම ස්වාභාවික ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දත් සුදු පැහැති කර ගැනීමට උපකාරී වන සරල උපක්‍රම කිහිපයක් ද මෙන්න. මේ සියල්ල මුළුමනින්ම ස්වාභාවිකයි.

1. දත් මැදීම
මෙය ඉතා පැහැදිලියි. නමුත් මුතු වන් සුදු සිනහවක් ලබා ගන්න නම් නිසි ලෙස දත් මැදීම සහ පිරිසිදු කිරීම කරන්න ඕනේ. දිනකට අවම වශයෙන් මිනිත්තු දෙකක්වත් දෙවරක් දත් මදින්න. ඇඳට යාමට පෙර නිසි ලෙස දත් මැදීම වැදගත්. ඔයා නිදා සිටින විට, කෙළ අඩුවෙන් නිපදවන අතර ඔයාගේ මුඛය පිරිසිදු කරන්නේ කෙළයි. ඔයා සවස් වරුවේ දත් මැදීම මඟ හැරියහොත්, ඔයා දිවා කාලයේදී මුඛයේ රැස් කරගත් සියලුම බැක්ටීරියා සඳහා අභිජනන භූමියක් නිර්මාණය වෙනවා. 
* නිතිපතා මුඛ සේදීමෙන් ඔයාගේ මුඛය තුළ ඉතිරිව ඇති ආහාර කැබලි ඉවත් කර ගැනීමට පුලුවන්.

2. ඇපල් සයිඩර් විනාකිරි
ආරක්ෂිත, ස්වාභාවික හා ලාභ විකල්පයක් තමයි මේ. ජලය 2/3 ක් සමග ඇපල් සයිඩර් විනාකිරි 1/3 ක් මිශ්‍ර කර දිනකට වරක් විනාඩි කිහිපයක් මුඛය සේදීම සඳහා මෙය භාවිතා කරන්න. 

3. අමු පලතුරු සහ එළවළු
පලතුරු සහ එළවළු ඔයාගේ සෞඛ්‍යයට මෙන්ම දත් සඳහාද හොඳයි. ඇපල්, නට්ස් සහ මල්ගෝවා ආහාරයට ගැනීමෙන් කුඩා පැල්ලම් සහ මැලියම් ඉවත් කර කුහර සෑදීම වළක්වයි. ඒ නිසා අමු එළවළු ආහාරයට ගන්න.

4. ස්ට්‍රෝබෙරි 
ස්ට්‍රෝබෙරි වල මැලික් අම්ලය අඩංගු වන අතර එය සුදු දත් කිරීමට ගැනීමට උපකාරී වෙනවා. ස්ට්‍රෝබෙරි හරි අඩකින් කපා පළතුරේ අභ්‍යන්තර කොටස ඔයාගේ දත් මත ආලේප කරන්න. 
* අම්ල ඔයාගේ දත් මත එනමලයට එතරම් හොඳ නැහැ. ඒ නිසා මෙම සත්කාරය නිතර කරන්න එපා.

5. ස්වාභාවික මුඛ සේදීම
ලුණු ස්වල්පයක් වතුර ටිකක් සමග මිශ්‍ර කර මුඛය සෝදන්න. මෙය දත් වල ඇති මැලියම් ඉවත් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් මෙම සත්කාරයත් නිතරම භාවිතා කරන්න එපා.

6. සිප ගැනීම
මෙය ආදරය කරන පෙම්වතුන්ට නම් ශුභ ආරංචියක්: හොඳ සිපගැනීමක් පුදුම සහගත දේ කරයි. ඔයා සිප ගන්නා විට අමතර කෙළ නිපදවන නිසා, මැලියම් ඉවත් කර දත් ආරක්ෂා කරයි.

7. දෘශ්‍ය මායාව
අප ඉහත සඳහන් කළ සියල්ලටම වඩා අඩු කාලයක් ගතවන උපක්‍රමයක් සොයනවාද? එහෙනම් රතු පැහැති ලිප්ස්ටික් අලේප කරන්න. මෙමගින් ඔයාගේ දත් ඇත්ත පාටට වඩා සුදු පාටට පෙන්වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1774 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:10:27 AM
Script:/article/1774/tricks-to-make-your-teeth-look-white.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:10:27 AM
Script:/article/1774/tricks-to-make-your-teeth-look-white.html