Allium කුලයට අයත් ලූණු සුද්ධ කිරීමට කදුලු සැළිය යුතු වුවත් ඒවා ඔබගේ ආහාර රසවත් කිරීමට ඉතාමත් අත්‍යවශ්‍ය වනවා.. රස පමණක් නොවේ ළුණුවල ඔබගේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වනවා. ව්‍යංජන රස ගැන්වීමට පමණක් නොවේ සලාද , සුප් ආදි විවිධ ආහාර වලට එක්කර ගැනීමට ද ඔබට හැකියි.
ලූණුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ
ලූණු යනු අඩු කැලරි සහිත ආහාරයක්. කාබෝහයිඩ්‍රේට් සහ ස්වාභාවික සීනි ස්වල්ප වශයෙන් අඩංගු වනවා. මධ්‍යම ප්‍රමාණයේ ළුණු ගෙඩියක පහත පරිදි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වනවා.
කැලරි: 44
සෝඩියම්: 4 mg
සම්පූර්ණ කාබෝහයිඩ්රේට්: 10 g
ආහාර තන්තු: 2 g
සීනි: 5 g
ප්‍රෝටීන්: 1 g
කැල්සියම්: 25 mg
පොටෑසියම්: 160 mg
ලූණු වර්ග
විවිධ ආහාර වට්ටෝරු සඳහා භාවිතා කල හැකි ලූණු වර්ග කිහිපයක් තිබෙන අතර බල්බ හැඩැති ලූණු (bulb onions) කහ, රතු සහ සුදු වර්ණයන්ගෙන් තිබෙනවා. ලංකාවේ අපි වැඩියෙන්ම භාවිතා කරන්නේ රතු පැහැතු ලූණු යි. ලොකු ලූණු සහ රතු ලූණු..
ළූණු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ
හෘද සෞඛ්‍යය ආරක්ෂා කරනු ලබනවා
ළූණු වල අඩංගු anti-inflammatory සාධක මගින් ඔබට අධි රුධිර පීඩන තත්ත්වයන් ඇතිවීම පාලනය කරනු ලබන අතර ඒ සඳහා උපකාරි වන්නේ ලූනුවල අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන quercetin ය. එමෙන්ම ලූනු ස්වහාවිකව ඔබගේ රුධිරය තුනී කරන අතර එමගින් රුධිර පට්ටිකා කැටි ගැසීම වළක්වාලනවා. විශේෂයෙන් එය හෘඳයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිවීම පාලනයට උපකාරි වනවා.
ප්‍රතිබැක්ටීරීයා ගුණාංග අන්තර්ගත වීම
ඈත අතීතයේ සිටම ලූණු Escherichia coli (E. coli) සහ Staphylococcus aureus (S. aureus) වැනි භයානක බැක්ටීරියා වර්ග පාලනය සඳහා භාවිතා කරනවා. ළූණු වල ඇති Quercetin නම් ෆ්ලේවනොයිඩ් ප්‍රතිඔක්සිකාරකය ඒ සඳහා ප්‍රබල ක්‍රියාකාරිත්වයක් දක්වනු ලබනවා.
රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්න
ඔබට ඉක්මනින් ඔබගේ රුධිරයේ සීනි පාලනය කරන්න කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඉක්මණින් ලූණු ගෙඩියක් ආහාරයට ගැනීමයි.
අධ්‍යනවලින් හෙළිව ඇත්තෙ ලූණු වල අඩංගු S-methylcysteine සහ quercetin යන සල්ෆර් සංයෝග මගින් දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට හැකි බවයි. ඊට අමතරව රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීම, serum lipids, ඔක්සිකාරක ආතතිය පාලනය, ප්‍රතිඔක්සිකාරක එන්සයිම ක්‍රියාකාරිත්වය සහ ඉන්සියුලින් ස්‍රාවය වැඩි කිරීම ආදිය සඳහා ද මෙම සල්ෆර් සංයෝග සහය වනවා.
ලූනු සුද්ද කරන විට කඳුලු ගැලීම පාලනය කරගැනීමට කළ හැක්කේ කුමක්ද..?
ලූණුවල අඩංගු සල්ෆර් සයෝගයන්ගේ අඩංගු වායූ සංඝටක ඔබගේ ඇස්වල ඇති තෙතමනකාරක සමග ක්‍රියා කිරීම හේතුවෙන් ලූණු සුද්ධ කිරීමේදි කදුළු ගැලීම සිදුවනවා. එමනිසා ලූණු සූද්ධ කරන විට ඇස් ආසන්නයට නොගැනීම, සූද්ධ කිරීමට පෙර ලූණු විනාඩි 30ක් පමණ සීත කිරීමෙන්ද කදුළු ගැලීම පාලනය කරගත හැකියි.
දැන් ඔබ ලූණු වලින් ආහාර රසවත් කරනවාට අමතරව ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් නේද..? එසේනම් ආහාර වේල් සඳහා ලූණු වැඩිපුර එක්කර ගැනීමෙන් ඔබගේත් පවුලේ සාමාජිකයන්ගේත් සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරගැනීමට ඔබටත් හැකියාව ලැබෙනවා.