ඔබත් බොහෝ විට බඩේ කැක්කුම් වලින් පෙළෙනවාද? ඒක එන්ඩොමීට්‍රියෝසිස් වෙන්න පුලුවන්

August 17, 2020
5,652
Do you know about endometriosis?
දන්නවාද... ලෝකයේ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් එන්ඩොමීට්‍රියෝසිස් (endometriosis) රෝගයෙන් පීඩා විඳිනවා කියා. අපි කවුරුවත් උදර වේදනාව ඇති වෙනවාට කැමති නෑ, නමුත් ඒ වගේ වේදනාවක් ආවම අපි බොහෝ විට උත්සාහ කරන්නේ සරල වේදනා නාශකයක් අරන්, ගෙදර සෝෆා එකේ සැපපහසුවෙන් හාන්සි වෙලා, වේදනාව අඩු වෙනකල් නෙට්ෆ්ල්ක්ස් එකට ගිහින් සැනසිල්ලේ ෆිල්ම් එකක් බලන එකයි. ඒ වගේම තවත් අය අද කාලයේ කරන්නේ තමන්ගේ වේදනාවේ හේතුව ගැන සොයනවාට වඩා ඒක අමතක කරන්න රූපවාහිණියේ මොනවද බලන්න තියෙන්නේ කියන එක හොයන එකයි. ඒවයින් ඇත්තටම වැඩක් තියනවාද? කොහොම වුණත් හැම උදර වේදනාවක්ම ඔබට කනස්සල්ලට හේතුවක් කරගන්න ඕනේ නෑ. නමුත් ඒවාට හේතු වෙන්න පුලුවන් දේවල් ගැන සැලකිලිමත් වීම හොඳයි. උදාහරණයක් විදිහට ඔබට එන්ඩොමීට්‍රියෝසිස් වැළඳිලා නම් ඒක ඔබේ බඩේ වේදනාවට හේතු වෙන්න පුලුවන්...

සමහර කාන්තාවන් මෙම ආබාධය තමන්ට තියනවා කියලා වත් දන්නේ නෑ.

ඔබට එන්ඩොමීට්‍රියෝසිස් තිබෙනවා නම් ඔබේ ගර්භාෂයේ බිත්ති වල ඇති පටක ඔබේ ඩිම්බ කෝෂ වල, පැලෝපීය නාල සහ උකුළු ප්‍රදේශයේ ඇති පටක වල වර්ධනය වීමයි. ඒ නිසායි ඔබට වේදනාවක් ඇති කරන්නේ. මේකේ තියන අනතුරුසහගත කොටස තමයි බොහෝ කාන්තාවන්ට මේක නිදන්ගත රෝගයක් විදිහට වැලඳිලා තියනවා කියලා තමන් නොදැන සිටීමයි. එහෙම තත්ත්වයක් ඔබට තිබෙනවාද කියලා සොයා ගැනීමට සහ නිසි ප්‍රතිකාර සඳහා නම් ඔබ අනිවාර්‍යෙම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ.

රෝග ලක්ෂණ
එන්ඩොමීට්‍රියෝසිස් රෝග ලක්ෂණ මේවායි :

ඔසප් වේදනාව: වසර ගණනාවක් පුරා පැවතගෙන එන වේදනාව හෙමීට නරක අතට හැරෙන්න පුලුවන්. බොහෝ කාන්තාවන්ට ඔසප් කාලය අතරතුරදී පවා නිදන්ගත වේදනාවක් ඇති වෙනවා.

බඩවැල් හා මුත්‍රාශයේ ගැටළු: බඩවැල් වල කැක්කුම, මලබද්ධය, පාචනය, ඔබ මුත්‍රා කරන විට ඇති වෙන වේදනාව හෝ නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවද්දී ඇති වෙන වේදනාව ගැන සිතන්න.

සංසර්ගය අතරතුර වේදනාව: එන්ඩොමීට්‍රියෝසිස්, ඔබේ ලිංගික සංසර්ගය අතරතුර හෝ ඊට පසුව උදරයේ ගැඹුරට වේදනාවක් ඇති කරන්න පුලුවන්.

වඳභාවයට පත්වීම: ගැබ් ගැනීමට අපහසු කාන්තාවන් දහ දෙනෙකුගෙන් තුන් දෙනෙක්ගේ වඳභාවයට හේතුව එන්ඩොමීට්‍රියෝසිස්.

තෙහෙට්ටුව: එන්ඩොමීට්‍රියෝසිස් රෝගයෙන් පීඩා විඳින කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තෙහෙට්ටුවෙන් ද පෙළෙනවා.

පිට කොන්දේ වේදනාව: ඔබේ උදරයේ වේදනාව ඔබේ පිට කොන්දේට ගමන් කරන්න පුලුවන්.

ප්‍රතිකාර
බොහෝ වේලාවට බරපතල ලෙස ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවුනත් එන්ඩොමීට්‍රියෝසිස් රෝගයෙන් ඔබ බොහෝ දුක් විඳිනවා නම් ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් තිබෙනවා. ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා වේදනා නාශක ඖෂධ නියම කරන්න කියලා ඉල්ලීමක් කරන්න. එහිදී ඔබේ ශරීරයේ සිදුවන්නේ මොකක්ද කියලා බැලීමට ලැපරෝස්කොපි (laparoscopy) සැත්කමක් කරන්නත් තීරණය වෙන්නත් පුලුවන්. ඔබට උදර වේදනාව සමඟ තවත් ගැටලු රාශියක් තිබෙනවාද? එහෙනම් ඔබේ වෛද්‍යවරයා හමු වෙලා ඒ ගැන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීමට පසුබට වෙන්න එපා !

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1777 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:28:42 AM
Script:/article/1777/do-you-know-about-endometriosis.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:28:43 AM
Script:/article/1777/do-you-know-about-endometriosis.html