වැඩිපුර ඇවිද්දම, වාඩිවෙලා හිටියම කකුල් ඉදිමෙනවාද?

August 19, 2018
16,170

Why your feet swell after a walk or sitting too long
”ඇවිද්ද පය දහස් වටී” කියලා කිව්වට අද නම් ගොඩක් දෙනෙක්ට පයින් ඇවිදගෙන ටික දුරක්වත් යන්න බැරි තරම්. ගොඩක් දෙනෙක්ට අද තියෙන ගැටලුවක් තමයි ටිකක් දුර පයින් ඇවිදගෙන ගියාම කකුල් ඉදිමෙන එක. විශේෂයෙන්ම දෙපාවලට දැනෙන වේදනාව එක්ක කකුල් ඉදිමීම ඔබ අනන්තවත් දැකලා ඇති. එහෙමත් නැත්තම්
ඔබත් මේ අත්දැකීම විඳලත් ඇති. අද වන විට මැදි වයසේ පසුවන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මෙම රෝගී තත්ත්වයට මුහුණ දෙනවා. එක දිගට වාහනයක පැය 06 ක් 07ක් ඉඳගෙන ගියත් සමහර අයගේ කකුල්වල ඉදිමීම් ඇති වෙනවා. වෛද්‍ය විද්‍යාවේදී මේ තත්ත්වය DVT DEEP VEIN THROMBOSIS  රෝගය නමින් හඳුන්වනවා.

මේ සඳහා බලපාන්නේ අපේ ශරීරයේ රුධිර සංසරණය කරන රුධිර නාල වර්ග 02 ක්. ඒ ධමනී හා ශිරා. අපට නාඩි ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමානාගමනයයි. අපි එක දිගට ඉදගෙන ගමනක් යන විට අපගේ පාදවල තියෙන ශිරාවල රුධිර ගමනාගමනය තවදුරටත් අවහිර වීමත් සමග එක තැන රැඳීමක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි අපි බත් කෙණ්ඩ ලෙස හදුන්වන ප්‍ර‍දේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වු රුධිරය කැට ගැසීමකට ලක් වෙන්නේ. ශිරාවක් තුළ රුධිරය තුළ රුධිරය කැට ගැසීම DVT  ලෙස හඳුන්වනවා.

පාද ඉදමීමේ රෝග ලක්ෂණ

පාදය ඉදිමීමට ලක්වු ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැ ගැනීම, මතුපිටට පෙනෙන නහර ගැට ගැසීම හෙවත් නහර පිටට නෙරා තිබීම මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණයි. බොහෝ පිරිසකට මේ ආකාරයේ රෝග ලක්ෂණ නොදැනෙන්න පුළුවන්. මේ රෝග තත්ත්වය තීරණය කිරීමට මෙම ලක්ෂණ පමණක් ප්‍රමාණවත් නැහැ. ඇතැම් විට වෙනත් හේතුන් නිසාද මෙවැනි තත්ත්යක් ඇති විය හැකියි.

කකුල් ඉදිමීම භයානක තත්ත්වයක් වෙන්නේ කොහොමද?

ශිරාවකින් කෙරෙන්නේ නැවත හෘද වස්තුව වෙතට රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ භාවිත කළ අපිරිසිදු රුධිරයයි. එම රුධිරය හෘදය මගින් පෙනහලු වෙත පිරිසිදු කිරීම සදහා ලබා දෙනවා. නමුත් ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතැනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියොත් ඇතිවෙන්නේ විනාශයක්. ඒ කියන්නේ හෘදය වෙත යන රුධිර කැටිය හෘදය මගින් පෙහලු වෙත පොම්ප කරනු ලබනවා. මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල මගින් කුඩා හෝ ප්‍රධාන නහරයක් අවහිර කරනවා.

මේ තත්ත්වය සමහර විට මාරාන්තික එකක් වෙන්න පුළුවන්. පෙනහලු ක්‍රි‍යාකාරිත්වයට මෙය බලපෑමෙන් රෝගීයා මිය යෑමට හෝ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වෙනවා.

එක දිගට ඉඳගෙන ගමන් කරීමේදී ඇතිවන අවදානමට අමතරව ශරීරය තුළ ඇති වෙනත් රෝග හා විවිධ රෝග සඳහා ලබා ගන්නා ඖෂධ ද මේ තත්ත්වය ඇති වීමට බලපානවා. ස්ථූලතාවය, ශල්‍යකර්ම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝමෝන පෙති ගැනීම, පිළිකා වර්ග, විෂබීජ අසාදන හා වෙනත් නිධන්ගත රෝගාබාධ නිසාද මෙවැනි තත්ත්වයක් ඇති විය හැකියි.

එක දිගට වාහනයක් තුළ ගමන් කිරීමේදී පැය 02 කට 03 කට එක්වරක් හෝ ඇවිදින්න. සිටගෙන සිටීම, ඉරියව් වෙනස් කිරීම හෝ බැන්ඬේජ් පැළදීම වැනි උපක්‍ර‍ම ඉතා වැදගත්. ඒ වගේම ඔබ මෙවැනි ගැටුලුවකින් පීඩා විඳින්නේ නම් වෛද්‍ය ප්‍ර‍තිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1031 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:07:00 AM
Script:/article/1031/why-your-feet-swell-after-a-walk-or-sitting-too-long.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:07:00 AM
Script:/article/1031/why-your-feet-swell-after-a-walk-or-sitting-too-long.html