ආමාශ උණ (Stomach Flue) වැළඳුනොත් ඔබ කළයුතු දේවල්

September 14, 2020
6,579
Remedies to protect from stomach flue
ආමාශ ආන්ත්‍රයික උණ හෝ Stomach Flue කියන්නේ වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක්. එහිදී පාචනය සහ වමනය වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙම තත්ත්වයෙන් ආමාශ‍ය ආශ්‍රිතව හා බඩවැල්වල දැවිල්ල ඇති කරන අතර එය ආමාශගත උණ ලෙස හදුන්වනවා.

Stomach Flue රෝගය වැළඳෙන්න පුලුවන් වඩාත් පොදු ක්‍රමය තමයි ආසාදිත පුද්ගලයෙකු සමඟ ඍජුවම සම්බන්ධ වීම හෝ අපවිත්‍ර ආහාර / ජලය පරිභෝජනය කිරීම.

නිරෝගී පුද්ගලයන් බොහෝ විට කිසිදු සංකූලතාවයකින් තොරව මෙම තත්වයෙන් සුවය ලබනවා. කොහොම වුණත් ළදරුවන් සහ  වැඩිහිටියන් වැනි දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට ආමාශය ආශ්‍රිත රෝග ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්.

ආමාශය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම තවදුරටත් වැඩි කරන්න පුලුවන් සාධක කිහිපයක් මෙන්න :
* වයස - ළදරුවන්ට සහ වැඩිහිටියන්ට ද ආමාශ ආශ්‍රිත රෝග වැළඳීමේ වැඩි අවදානමක් තියනවා.
* අඛණ්ඩ සෞඛ්‍ය තත්වයක් හේතුවෙන් ප්‍රතිශක්තිය දුර්වල වීම.
* ආසනික්, ඊයම් හෝ රසදිය වැනි බැර ලෝහ වලින් දූෂිත වුණු ජලය පානය කිරීම.
* ආම්ලික ආහාර වැඩියෙන් පරිභෝජනය කිරීම.
* විෂ සහිත, දූෂිත මුහුදු ආහාර අනුභව කිරීම.
* ප්‍රතිජීවක ඖෂධ, ඇන්ටාසිඩ් සහ විරේචක වැනි ඇතැම් ඖෂධ භාවිතය.

Stomach Flue රෝග ලක්ෂණ 
දින කිහිපයක් පුරා පවතින පාචනය, වමනය
මලපහ සමග ලේ යාම
උණ
ඇඟ සීතල කිරීම
අලස බව හෝ ව්‍යාකූල බව
ක්ලාන්ත ගතිය
ඔක්කාරය
කට වියලීම
කඳුළු නො ඒම
පැය 8කට වැඩි කාලයකින් මුත්‍රා නොයෑම හෝ තද පැහැයෙන් වීම
ඇස් ගිලීම
ළදරුවන්ගේ හිසෙහි තෙල් වල ගෙලී තිබීම

ළදරුවන්ට Stomach Flue හැදුනාම ඔවුන්ගේ මලපහ ගැන පමණක් සැලකිළිමත් නොවී, ඔවුන්ට නිතර තිබහ ඇතිවීම, තොල් වියලීම, සම වියලීම වගේ ලක්ෂණ ගැනද සැලකිල්ලෙන් ඉන්න.

Stomach Flue නිසා ඇති වන විජලනය හෙතුවෙන් මෙවැනි සංකූලතා ද ඇති විය හැකියි,
මොළය ඉදිමීම
කෝමා තත්වය
හයිපොවොලමයික් ශොක් (hypovolemic shock) ඇතිවීම
වකුගඩු ක්‍රියා විරහිත වීම

ඔයාට හෝ ඔයාගේ කුඩා දරුවාට Stomach Flue රෝගය ඇති බවට ඔබ සැක කරන්නේ නම්, දෙවරක් නොසිතා වහාම වෛද්‍යවරයකු හමුවන්න.

ප්‍රතිකාර ගන්නා අතරතුර ඔබට රෝගය පාලනය කරන්න, ඉක්මන් සුවය ලබා ගන්න වගේම සහනයක් ලබා ගන්න මේ දේවල් ඔබට උපකාරී වෙයි.

1. ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි වල E. coli වැනි ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියාකරන ප්‍රබල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති අතර බැක්ටීරියා ආමාශ ආශ්‍රිත රෝග සුවපත්  කිරීමට උදව් කරයි.
ඔයාට අවශ්‍ය වන්නේ,
ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1 
උණුසුම් ජලය කෝප්ප 1
ඔයා කළ යුතු දේ:
වතුර කෝප්පයට ඇපල් සයිඩර් විනාකිරි එකතු කර පානය කරන්න. ඔයාගේ රෝග ලක්ෂණ වල අඩුවක් දකින තුරු දිනකට වරක් පානය කරන්න පුළුවන්.

2. ප්‍රෝබියොටික් යෝගට්
ප්‍රොබියොටික් යෝගට් මගින් බඩවැල් යථා තත්වයට පත් කළ හැක. මෙය බඩවැලේ ඇති වන දැවිල්ල අඩු කිරීමට උපකාරී වෙනවා. ඉතින් දිනකට එක් වරක් ප්‍රොයිබොටික් යෝගට් කෝප්පයක් ආහාරයට ගන්න. ඔයාට ලැක්ටික් අම්ලයට අසාත්මික නම් මෙම පිළියම අත්හදා බලන්න යන්න එපා.

3. මී පැණි
මී පැණි වල ඇති ප්‍රතිබැක්ටීරීය හා දැවිල්ල සමනය කරන ගුණාංග මගින් ආමාශ ආන්ත්‍රයෙන් සුවය ලැබීම වේගවත් කළ හැකි අතර එහි රෝග ලක්ෂණ වල කාලසීමාව අඩු කරයි.
ඔයාට අවශ්‍ය වන්නේ,
මී පැණි තේ හැඳි 1-2 
වතුර කෝප්ප 1
ඔයා කළ යුතු දේ:
වතුර කෝප්පයකට මී පැණි එක් කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න. ඔයාට මෙය දිනකට 2-3 වතාවක් පානය කරන්න පුළුවන්. අවුරුදු 1 ට අඩු දරුවන්ට මී පැණි ලබා දෙන්න එපා.

4. ඉඟුරු
ඉඟුරු වල ඉදිමුම සහ දැවිල්ල සමනය කරන සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. ආමාශ ආන්ත්‍රයික ආබාධ සමඟ සම්බන්ධ රෝග ලක්ෂණ අඩු කිරීමට මෙය උපකාරී වෙනවා.
ඔයාට අවශ්‍ය වන්නේ,
පෙති ලෙස කපා ගත් ඉඟුරු කැබැල්ලක් 
වතුර කෝප්පයක්
ඔයා කළ යුතු දේ:
ඉඟුරු පෙති ටික වතුර කෝප්පයකට එක් කර මිනිත්තු කිහිපයක් රත් කරන්න. ඔයාට දිනකට දෙවරක් ඉඟුරු තේ පානය කළ හැක.

5. කුරුඳු
කුරුඳු කියන්නේ දැවිල්ල සමනය කරන, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති බහුකාර්ය ඖෂධයකි. එමනිසා, එය ආමාශ ආන්ත්‍රයික රෝගයට උදව් වන අතර සුවය වේගවත් කරයි.
ඔයාට අවශ්‍ය වන්නේ,
කුරුඳු කැබැල්ලක්
වතුර කෝප්පයක්
මී පැණි (අවශ්‍ය පරිදි)
ඔයා කළ යුතු දේ:
වතුර කෝප්පයකට කුරුඳු කැබැල්ල එක් කර රත් කරන්න. රස ගන්වන්න මී පැණි එකතු කරන්න. ඔයාට මෙය දිනකට 1-2 වතාවක් පානය කළ හැක.

6. ලෙමන්
ලෙමන් කියන්නේ සිට්‍රේට් (citrate) වලින් පොහොසත් ප්‍රභවයන් වන අතර ආමාශ ආන්ත්‍රයේ ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකිය.
ඔයාට අවශ්‍ය වන්නේ,
ලෙමන්
වතුර වීදුරුවක් 
ඔයා කළ යුතු දේ:
ලෙමන් ගෙඩියක සිට යුෂ වතුර වීදුරුවකට මිරිකා ගන්න. හොඳින් මිශ්‍ර කර යුෂ පානය කරන්න. ඔයා මෙය දිනකට වරක් පානය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,591
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,499
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,011
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   71,004
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed