හිතේ උත්සාහය තියෙනවා නම් ජීවිතයට අවධානමක් ගන්න බය වෙන්න එපා

February 7, 2019
8,869
If you have courage do not fear for challengers
අපේ ජීවිතවලට එළඹෙන තීරණාත්මක අවස්ථාවන් වලදී බය වෙන්නෙවත් පසු බසින්නේ වත් නැතුව ඒ දේවල් විසඳ ගන්න සමහර අවස්ථාවන් වලදී අපිට ජීවිතේට අවධානමක් ගන්න වෙනවා. මේ වගේ අවස්ථාවන් වලදී ඒ අවධානම ජීවිතේට අරගෙන හිතේ උත්සාහයෙන් ඒ අවස්ථාව ජය ගන්න වැදගත් වෙන දේවල් ටිකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ ගමනට දිනන්නට ඔබට උරදෙන අරලිය මේ ලිපිය පුරාවටත් ඔබ ළඟින්ම ඉන්නවා.

01. මොනවද මේ ජීවිතේට ගන්න වෙන අවධානම්?

අපි හැමෝම ඉන්නේ අපිට සුව පහසුවෙන් ජිවත් වෙන්න පුළුවන් විදිහට හදාගත්ත වටපිටාවක. සමහර වෙලාවල් වලදී ජීවිතේට එන කරදර, ප්‍රශ්න විසඳ ගන්න අපිට ඒ වටපිටාවෙන් එලියට යන්න වෙනවා. හිතන්නකෝ ඔයාට  හිතෙනවා ඔයා කරන  රැකියාව තව දුරටත් කරන්න බැහැ කියලා නැත්නම් හම්බෙන පඩිය ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් නැහැ කියලා. ඔයාගෙම කියලා අලුත් දෙයක් පටන්ගන්න හිතෙනවා, නැත්නම් හදිසියේම සල්ලි ටිකක් වැඩිපුර ඕනේ වෙනවා. එතකොට ඔයාට ඒ ප්‍රශ්නේ  විසඳ ගන්න ඔයාගේ සුවපහසු වටපිටාවෙන් එලියට යන්න  වෙනවා. මෙන්න මේ වගේ ඔයා මෙච්චර කාලයක් කරගෙන ආපු දේවල් අතෑරලා වෙනම දෙයක් ඔයාට  කරන්න වෙන අවස්ථාවන් වලට තමයි අපි ජීවිතේට එන අවධානම් කියල කියන්නේ.

02. ඇයි අපි ජීවිතේට එන අවධානම් වලට මුහුණ දෙන්න බය වෙන්නේ

ඇත්තටම ජීවිතේට එන අවධානම් වලට අපි මුහුණ දෙන්න බය වෙන්නේ හදාගෙන ඉන්න සුවපහසු වටපිටාව අපිට නැතිවෙයි කියලා බයක් හිතට දැනෙන නිසා. රස්සාවේ කොච්චර ප්‍රශ්න තිබ්බත් බයයි අලුත් රස්සාවකට යන්න, තියෙන ප්‍රශ්න තවත් වැඩිවෙයි කියලා. කර කර ඉන්න පරණ දේවල් අතෑරලා අලුත් දෙයක් කරන්න පටන්ගන්න බයයි  ඒක අසාර්ථක වෙයි කියලා. ගෙයක් දොරක් හදාගන්න අලුත් දෙයක් පටන්ගන්න බැංකු ණයක් ගන්න බයයි අමාරුවේ වැටෙයි කියලා. මේ නිසා අපි කොච්චර ප්‍රශ්න අමාරුකම් තිබුනත් අවධානමක් ජීවිතේට අරගෙන සාර්ථක වෙන්න ට්‍රයි කරන්නේ නැතුව එකම විදිහට තියෙන අමාරුවෙන් බැලන්ස් කරගෙන යනසුවපහසු වටපිටාව ඇතුලෙම ජිවත් වෙන්න උත්සහ කරනවා.

03. ජීවිතේට එන අවධානම් වලට මුහුණ දෙන්න ඕනේ ඇයි?

ඔයා ඉන්න තැනට වඩා ලොකු තැනකට යන්න බලාපොරොත්තු වෙනවා නම්, බය නැතුව ජීවිතේට අවධානමක් අරගෙන ඒක හිතේ උත්සාහයෙන් ජය ගන්න උත්සහ කරන්න. කරන රස්සාව ගැන ඔයාට සතුටක් නැත්නම්, ගන්න පඩිය ජිවත් වෙන්න මදි නම්. අලුත් රස්සාවකට යන්න. අලුත් දෙයක් පටන්ගන්න තියෙන සල්ලි ප්‍රශ්නයක් විසඳගන්න බය නැතුව බැංකු ණයක් ගන්න. එතකොට ඔයාට පුළුවන් හැමෝම  හිරවෙලා ඉන්න තැනින් මිදිලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඔයා ඔයාගේ බලාපොරොත්තු ජය ගන්න ජීවිතේට අවධානමක් අරගෙන ලෝකය වෙනස් විදිහට දකින්න උත්සහ කරනකොට අරලිය ඔයාගේ පසුපසින්ම ඉන්නවා ඔයාට ඔයාගේ හැම පියවරකදීම උරදෙන්න.

04. ජීවිතේට අවධානමක් අරගෙන ඒක ජයගන්න මේ විදිහට

ඔයා දන්නවා නම් අලුත් දෙයක් පටන්ගෙන ඔයාගේ උත්සාහයෙන් එක ජයගන්න පුළුවන් කියලා කවදාවත් ඒ දේ පටන් ගන්න පසුබට වෙන්න එපා. ඔබට අලුත් දෙයක් ලබාගන්න පරණ දේවල් අත්හරින්න වෙනවා නම් බය නැතුව ඒ දේවල් අත්හරින්න හිතේ උත්සාහයෙන් ලබාගත්ත අලුත් දේ ජයගන්න.  ජිවිතේ අමාරුම අවස්ථාවන් වලදී ලැබෙන එකම විසඳුමට බය නැතුව මුහුණ දෙන්න. මේ හැම දෙයක්ම කරන්න ඔයාට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගා ගන්න, මූල්‍ය වගේම මූල්‍ය නොවන සේවාවන් රැසකුත් දැන් අරලිය ඔබට ලබා දෙනවා.

මතක තියාගන්න බලාපොරොත්තු ජය ගන්න නම් ඔබට ලෝකය  වෙනස් විදිහකට දකින්නම වෙනවා. ඒ නිසා ඔබේ ශක්තිය ඔබම දකින්න, එවිට ලෝකය වෙනස් විදිහකට දකින්න ඔයාට පුළුවන්.  ඒ ගමනට ශක්තියක් වෙන්න අරලිය ඔබේ හැම පියවරකදීම ඔබ ළඟින්ම ඉන්නවා. ලෝකය වෙනස් විදිහට දකින්න ඔබට උරදෙන අරලිය ගැන දැනගන්න අවශ්‍ය නම් පහතින් තියෙන ලින්ක් එක click කරන්න. ඔබට අරලිය ගැන හැම දෙයක්ම දැන ගන්න පුළුවන්.

Click Here

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1256 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/1256/if-you-have-courage-do-not-fear-for-challengers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/1256/if-you-have-courage-do-not-fear-for-challengers.html