අනුන්ට 'බැහැ' කියන්න බැරි ප්‍රශ්නේ ඔයාටත් තියෙනවාද?

July 1, 2021
4,239
Do you find hard to say no to people
ඔබත් කවදාහරි ඔබ හිත යටින් බොහෝම අකමැත්තෙන් යම් යම් දේවල් වලට එකඟ වෙලා ඇති.. නැතිනම් බැහැ, නැහැ කියන්න බැරිකමට යම් ‍යම් දේවල් සඳහා එකඟ වෙන්න ඇති.. නමුත් එසේ කල වහාම ඔබට දැනෙන මානසික පීඩාව ඉතාම ඉහළයි නේද.. ඔබ දන්නවාද ඔබ එසේ අකමැත්තෙන් යම්‍ යම් දේවල් සඳහා එකඟ වීම මත ඔබගෙ මානසික ඒකාග්‍රතාවය නැතිවන බව..

මනෝවෛද්‍ය පිළිබඳ විශාරදයින්ට අනුව ඔබ අන් අය පිලිබදව සැලකිල්ල සහ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මූලිකත්වය දී ඔවුන් පවසන දෑ සඳහා ඔබගේ සිත අභ්‍යන්තරයේ දැඩි අකමැත්තෙන් එකඟ වීම දීර්ඝකාලීනව ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳව දැඩි බලපෑමක් එල්ල කරනවා. .

එපා සහ බැහැ කීම දුෂ්කර වන්නේ ඇයි..?

බොහෝ විට ඔබ මුහුණපාන අවස්ථාව අනුව, හෝ එම අවස්ථාවේ ඔබ මත එල්ලවන පීඩනය මත ඔබට බැහැ / නැහැ යන්න පැවසීම දුෂ්කර වනවා.

ඔබ යම් දෙයක් සඳහා එකඟවීම කෙරෙහි හේතුවන පුද්‍ගලයා හට ඔබතුල ඇති ණයගැතිභාවය එසේත් නොමැති නම් එම පුදගලයා ඔබ වෙනුවෙන් සිදුකර ඇති උදවු උපකාර මත පදනම්ව ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ශේප කිරීමට නොහැකි වීම.

ඇතැම් විට ඔබ එකඟ නොවුනහොත් ඔවුන් ඔබ කෙරෙහි නපුරුලෙස හැසිරෙතැයි සිතා, එසේත් නැතිනම් ඔවුන් අමනාප වනු ඇතැයි සිතා හෝ නැතිනම් ඔවුන් ඔබ ආත්මාර්ථකාමි ලෙස හැසිරෙතැයි සිතනවාවට බියෙන් හෝ අපහසුතාවයෙන් යුතුව එකඟ වනවා.

එමෙන්ම අකමැත්තෙන් යම් යම් දේවල් සඳහා එකඟ වීමෙන් තමාට වන හානිය නොදැන අන් අයගේ සතුට උදෙසා යම් යම් දේ සඳහා එකඟ වනවා.





හිතට එකඟව ඔබ අකමැති දෙයට එකඟ නොවී සිටීමට ඔබ කල යුතු දෑ..

**ප්‍රථමයෙන්ම ඔබ, ඔබ සමගම කතා කොට ඔබගේ දුර්වලතාවය හඳුණාගැනීම වැදගත් වනවා.. එසේ නොමැති නම් මේ සම්බන්ධයෙන් උපදෙස් පැතිය හැකි විශේෂඥයකු වෙත යොමුවීම වැදගත්..

1. සෑම දෙයක් සඳහාම විමසා බැලීමකින්, විරුද්ධ නොවී හිස නැමීම නැතිනම් එකඟවීම ඔබගේ පෞරුෂත්වය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබනවා.

2. ඔබ යම් දෙයක් සඳහා එකඟ වන්නේ නම් එසේ කරන්නේ ඇයිදැයි හා එසේ එකඟ වීම ඔබ කෙරෙහි සෘණාත්මකව බලපාන්නේ ද යන්න පිළිබඳ විශ්ලේෂණය කර එයට එකඟ විය යුතුයි.

3. මම යම් දෙයක් සඳහා එකඟ වීම හෝ නොවීම සම්පූර්ණයෙන්ම ඔබගේ කැමැත්ත මත පදනම් විය යුතුයි.. බාහිර සාධක, ඇතැම් පුද්ගලයින් ඔබ කෙරෙහි දක්වන ආකල්ප ආදී දේ මත පදනම්ව ඔබ තීරණ ගත යුතු නැහැ.

ඔබ තුල වන සෑම දෙයක් සඳහාම එකඟ වීමත් පසුව ඒ සම්බන්ධයෙන් පසු තැවීමත් යන දුර්වලතාවය ඉහත සඳහන් ආකාරයට තනිව විසඳා ගැනීමට ඔබට නොහැකි නම් ඔබ වහාම ඒ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස පැතිය යුතු වනවා.. මන්ද අවසාන වශයෙන් ඔබට වැදගත් වන්නේ ඔබ මානසිකව ශක්තිමත් සහ සතුටින් සිටින පුද්ගලයකු වීම නිසා.. ඔබගේ යහපත් මානසික තත්ත්වය මත ඔබගේ ජීවිතයේ සතුට රඳා පවතින බව ඔබ මතක තබා ගත යුතුයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2009 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:20 PM
Script:/article/2009/do-you-find-hard-to-say-no-to-people.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:21 PM
Script:/article/2009/do-you-find-hard-to-say-no-to-people.html