ඔබේ අංකය අනුව ඔබ ගැන තීරණය කරන්න

July 9, 2017
9,216
Your Character
ජීවිතයේදී අපි ගන්න තීන්දු තීරණ අපි කවුද කියලා අනිත් අයට වගේම අපිටත් තේරුම් ගන්න පුළුවන්. සමහර තීරණ වලින් අපිට අපේ ඇතුලාන්තය ගැන අවබෝධයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම තීරණය කරන්න පුළුවන් සිද්ධි කිහිපයක් ගැන අද අපි කතා කරමු.

මුලින්ම අපි සිද්ධි 4ක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ අවස්ථා වලින් ඔබ තෝරාගන්න අංකයට අදාලව, ඔබේ ඇතුලාන්තය ගැන විස්තරයක් ලබා දෙනවා. කියවලා බලන්න ඒවා ඇත්තද කියලා.

1. ඇස් අන්ධ වයසක ආච්චි අම්මා කෙනෙක් අමාරුවෙන් ඇවිදගෙන යනවා

2. පුංචි දරුවෙක් කෑ ගගහා අඬනවා

3. කිහිලිකරුවෙන් ඇවිදගෙන යන කෙනෙක්ට කිහිලිකරුව අත ඇරෙනවා

4. ෆයිල් ගොඩාක් උස්සගෙන යන කෙල්ලේක්ගේ අතින් එක පාරටම ෆයිල් ටික බිමට වැටෙනවා

මේ හැමෝම ඒ වෙලාවේදීම උදව් අවශ්‍යය. ඔබ මේ අතරින් ඉස්සෙල්ලාම උදව් කරන්නේ කාටද? ඒ උත්තරේට හිමි අංකය මොකක්ද?

දැන් පුළුවන් ඔබට හිමි විස්තරේ බලාගන්න.

ඔබ තෝරාගත්තේ අංක 1 නම්,
ජිවිතයේ වගකීම් ගැන ලොකු අවබෝධයක් එක්ක ඉතා හොඳින් ඔබව උස් මහත් කරලා තියෙනවා. ප්‍රශ්නයක් විසදන්නේ ගොඩාක් තර්කනුකුලව ඒ ගැන හොඳින් හිතලා බලලා. අසාධාරණකම් ඉවසන එක තමයි ඔබට කරන්න අමාරුම දේ. ගොඩාක් වෙලාවට අනිත් අය හරිම boring කරන්න බෑ කියලා අහක දාන වැඩ හැමදාම වගේ පැවරෙන්නේ ඔබට.

ඔබ තෝරා ගත්තේ අංක 2 නම්,
ජිවිතේ එක පාරකට දෙපාරකට වඩා ඔබ ගොඩාක් හිත රිද්දගත්ත කෙනෙක්. ගොඩාක් සංවේදී හදවතක් ඔබට තියෙන්නේ. පාට කන්නාඩි දාගෙන ලෝකේ දිහා බලන්න එපා කියලා ගොඩ දෙනෙක් ඔබට කියලා ඇති. ඔබ යාළුකම් රැකගන්න දක්ෂයි. ඒ වගේම ඔබේ යාළුවන්ට ඔබ ළඟ ඉන්නවා කියන එකත් ලොකු ශක්තියක්.

ඔබ තෝරාගත්තේ අංක 3 නම්,
ජිවිතේ හැමවෙලාවකදීම වගේ පට්ටම ෆන් එකක් ගන්න එක තමයි ඔබට ඕනේ මුලිකම දේ. කාත් එක්කවත් ප්‍රශ්න ඇති කර ගන්න ඔබ අකමැතියි. ඒ වගේම තමයි, කෙනෙක් ඔබෙන් බලාපොරොත්තු වන දෙයට වඩා වැඩි කිසිම දෙයක් ඔබ කරන්නේ නෑ. ඔබ හා සමාන, නැත්නම් ඔබට වඩා වැඩි ආර්ථික, සමාජීය ශක්තියක් තියෙන අය එක්ක තමයි,ඔබේ වැඩි යාළුකම් තියෙන්නේ.

ඔබ තෝරාගත්තේ අංක 4 නම්,
හරිම සරල අදහස් තියෙන හැමවෙලේම ජීවිතේ දිහා සුබවාදීව හිතන කෙනෙක් තමයි ඔබ. ලෝකයේ කිසිම ප්‍රශ්නයක් ඔබේ ඇස ගැටෙන්නේ නෑ. ඒ තරමටම සැහැල්ලුවෙන් ලෝකය දිහා බලනවා ඔබ. එකම විදිහට හිතන්න එකම දේ කරන්න ඔබ අකමැතියි. ඒ වගේම තමයි, බිත්ති හතරකට කොටු වෙලා ඉන්නේ නැතිව, එක එක උද්යෝගිමත් අත්දැකීම් ලබා ගන්න ඔබ පෙලෙබෙන්නේ නිතැතින්මයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 341 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:46 AM
Script:/article/341/your-character.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:47 AM
Script:/article/341/your-character.html