සහජයෙන් ඔබවෙත ලැබී තිබෙන බුද්ධියෙන් ප්‍රයෝජන ගන්න ක්‍රම 3ක්

August 12, 2022
7,802
3 simple ways to use your instinct
එක් එක් පුද්ගලයාට ආවෙණික බුද්ධි මට්ටමක් තිබෙනවා. නමුත් කුඩා කල සිටම අප හුරුව තිබෙන්නේ ප්‍රශ්ණයකට මුහුණ දීමේදි එයට පිළිතුර අපගෙන් පරිභාහිරව සෙවීමටයි.. ඒ වගේම කුඩා කාලයේ සිටම අන් අයගේ නීති සහ උපදෙස් අනුගමනය කිරීම වඩා වැදගත් බවටයි අපගේ වැඩිහිටියන් අපට උගන්වා තිබෙන්නේ. බොහෝ විට අප ඇති දැඩි වන්නෙ දෙමවුපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් විසින් පනවන ලද නීති මාලාවකට යටත්වයි. ඒ වගේම රැකියාවක නිරතවන විට සේවා යෝජකයා විසින් අප කල යුතු දේ පවසනවා. එමනිසා බොහෝ විට අපට සහජයෙන් උරුම වී ඇති බුද්ධිමය හැකියාවන් යටපත් වෙනවා.

සන්සුන් වන්න


බොහෝ විට අප ගත කරන්නේ කලබලකාරි ජීවිතයක්. නමුත් හැකි සෑම විටම ඔබව අභ්‍යන්තරයෙන්ම සන්සුන් කරනා ක්‍රියාකාරකම් කෙරෙහි නැඹුරු වන්න.සන්සුන් වීම, නිශ්ශබ්දවීම තුළින් බොහෝ දෑ ජීවිතයට එක්කර ගත හැකියි. භාවනා කිරීම, යාඥාව සහ යෝග අභ්‍යාසයන් හි නිරත වීම මගින් ඔබගේ මනස සන්සුන් වෙන අතර ඔබගේ බුද්ධිය ඔබ කරා පැමිණෙනවා..

ඔබගේ අභ්‍යන්තරය තුළ ඔබ මෙහෙය වන්නෙක් සිටිනා බව විශ්වාස කරන්න


බොහෝ තීරණ ගැනීම් වලදී අප අපගේ ඇතුළාන්තයෙන් අපවෙත ලබාදෙන අනතුරු හැඟවීම් හෝ යෝජනා අප පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට අප වෙනත් බාහිර සාධක මත නිගමනයන්ට හා තීරණයන්ට එළඹෙනවා. නමුත් ඇත්තටම ඔබ, ඔබගේ ඇතුළාන්තයට ඉඩක් ලබාදිය යුතු වෙනවා. ඔබගේ ඇතුලාන්තයෙන් ඔබවෙත ලබාදෙන පණිවුඩ වෙත ඇහුන්කම් දීම තුලින් වඩාත් බුද්ධිමත් තීරණයන් ඔබට ගත හැකිවෙනවා.

ඔබගේ විශ්වාසයන් සහ සහජ ඥානය අතර වෙනස වටහා ගන්න


ඔබ විශ්වාස කරන ඇතැම් කරුනු සහ එමගින් පැන නැගී ඇති සීමාවන් නිසා බුද්ධිය විශ්වාස කිරිමට තරමක් අපහසුයි කියා සිතෙනවාද. එසේ නම් මෙසේ සිතන්න. ඔබ තීරණයක් ගැනීමට නොහැකිව අතරමංව සිටි අවස්ථාවක එකවරම ඔබට කළ යුත්ත සිතට නැගෙනවා නේද. විශ්වාස කරන්න එය ඔබගේ සහජ බුද්ධිය මගින් පවසන ඉගියක්. එය සෑමවිට නිරායාසයෙන් සිතර නැගෙන්නක්. ඒ වගේම එය ඔබට උපකාරයක් වෙන බවට හැඟීම දැනෙනවා..

ඒ වගේම ඔබට ඇතැම් අවස්ථාවල එසේ පැමිණෙන පණිවුඩ විශ්වාස කල නොහැකි බවක් දැනෙනවා නේද. එවිට ඔබ කලයුත්තේ නිශ්ශබ්දව ඔබගේ සිතිවීලි සහ ඔබගේ ඊළඟ පියවර ක්‍රමයෙන් විශ්ලේශණයයි. එහි වෙනස වටහා ගැනීමෙන් වඩාත් බුද්ධිමත් සහ ප්‍රීතිමත් පුද්ගලයකු වීමේ අඩිතාලම ඔබට දමාගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඒ සියල්ලට පෙර ඔබ, ඔබගේ සහජ බුද්ධිය විශ්වාස කිරීමට පටන් ගත යුතු වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2161 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:29:33 AM
Script:/article/2161/3-simple-ways-to-use-your-instinct.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:29:33 AM
Script:/article/2161/3-simple-ways-to-use-your-instinct.html