සතියක් පුරාවට ලෙමන් වතුර බොන්න. ශරීරයට මොකද වෙන්නේ කියලා බලමු

May 6, 2020
6,740
Lets see what happens if you drink lemon for one week
සිරුරේ බර අඩු කිරීමේ සිට පිළිකා වැළැක්වීම දක්වා සෑම දෙයක් සඳහාම ලෙමන් ප්‍රචලිත වී ඇති අතර සෑම ශාරීරික රෝගයක්ම සුව කිරීමට ලෙමන් පානය කරන්න පුළුවන්. ඉතිං මෙම පානය ඔයාගේ සිරුරට ඉතා ගුණදායකය. අද හැඩකාරී අපි සතියක් පුරාවට ලෙමන් වතුර පානය කරන්නේ නම් ඔයාගේ ශරීරයට ලැබෙන වාසි ගැන කියලා දෙනවා.

ඔයා කැමති නම් ලෙමන් වලට අමතරව මින්ට්, මී පැණි හෝ වෙනත් පලතුරක් සමග ලෙමන් පානය කරන්න, ආහාරයට ගන්න පුලුවන්. මෙය උණුසුම්ව හෝ සීතලව පානය කරන්න පුළුවන්. කොහොම වුණත්, ලෙමන් වතුර උණුසුම්ව පානය කිරීම වඩාත් සුදුසුයි. පෙති කපන ලද ලෙමන් ගෙඩියක්, මද රස්නය ඇති ජලයට එකතු කරන්න. එමගින් බර අඩු කර ගැනීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක සංයෝග ශරීරයට ලබාගන්න හැකි වනවා. 

1. මුව නැවුම් කරයි 
ඔයා යමෙකු සමඟ සමීපව කථා කළ යුතු සෑම අවස්ථාවකම චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා නම් ඒ වෙනුවට ලෙමන් වතුර එයට පිළිතුරක් වෙන්න පුළුවන්. ලෙමන් වල සුවඳ ගෙන දෙන නිෂ්පාදන ගණනක් තිබෙනවා. ඒ අතරින් ලෙමන් වල පැඟිරි සුවඳ ඔයාගේ මුඛයේ ගන්ධය උදාසීන කිරීමට සමත් වනවා. ඔයා උදෑසන අවදි වන විට මුඛය වියළී ගිහින් අතිරික්ත බැක්ටීරියා වර්ධනය වී නරක ගන්ධයක් දැනෙනවා නම් ලෙමන් වතුර උත්සහා කරලා බලන්න පුළුවන්.

2. ඔයාගේ සම තරුණ පෙනුමක් ඇතිව තබා ගැනීමට
ඔයා දැනටමත් සෑම දිනකම ලෙමන් වතුර පානය කරනවා නම්,  සමට රැකවරණය සඳහා අවශ්‍ය තෙතමනය එමගින් ලැබෙනවා. නිසි පරිදි සජලනය වූ සම රැළි වැටීම් නොමැතිව, වඩාත් සුමට හා තද පෙනුමකින් යුතු වෙනවා. ඔයාගේ ජලයට ලෙමන් එකතු කිරීම මගින් විටමින් C , පෝෂ්‍ය පදාර්ථයක් වන කොලජන් සහ ඉලාස්ටින් නිපදවීමේදී ප්‍රබල කාර්යභාරයක් ඉටු කරනවා.  විටමින් C අධික ආහාර වේලක් මගින් රැළි වැටීම අඩු කරන බව පරීක්ෂණ වලින් සනාථ කර ගෙන තියෙනවා.

3. සිරුරට විටමින් C ලැබෙනවා
ලෙමන් වල විටමින් C ඇදහිය නොහැකි තරම් පොහොසත්ය. විටමින් C වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි පිළිබඳව තව ටිකක් සොයා බලමු. විටමින් C කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සෛල ආරක්ෂා කරනවා. මීට අමතරව ආතතිය, අධි රුධිර පීඩනය සහ හෘද වාහිනී රෝග වලට ඇති අවදානමද අඩු කරනවා. 

4. පහසුවෙන් බර අඩු කර ගැනීමට පුළුවන්
ලෙමන් වතුර ආශ්චර්යමත් කටයුත්තක් ඉටු කරනවා. සෑම දිනකම ලෙමන් පානය කරන පුද්ගලයින් සමස්තයක් වශයෙන් බර අඩු කර ගෙන ඇති බව වාර්තා වෙලා තියෙනවා. නමුත් එයට හේතුව කුමක්ද යන්න මුළුමනින්ම පැහැදිලි නැහැ.

5. මනෝභාවය ස්ථාවර කරන්න
ලෙමන් වල ඇති ප්‍රබෝධමත් සුවඳ නිසා ආතතිය අඩු කර ඔබව සන්සුන් කරනු ලබනවා. ඒ නිසයි ඇරෝමා තෙරපි වලදී ලෙමන් බොහෝ විට යොදා ගන්නේ. ලෙමන් වල තියෙන පොටෑසියම් අධි රුධිර පීඩනය අඩු කරන්න උදවු වෙනවා. ඒ කියන්නේ ආතතිය නිසා ඇතිවන රුධිර පීඩනය මගරවා ගන්නත් ලෙමන් උපකාරී වෙනවා.

6. වකුගඩු ගල් වලින් වළකින්න පුළුවන්
වකුගඩු ගල් රෝගයෙන් පෙළෙනවා නම් දැඩි වේදනාවක් හට ගන්නවා. ලෙමන් වල සිට්රික් අම්ලය විශාල ප්‍රමාණයෙන් අඩංගු වෙනවා. දිනපතා ලෙමන් වතුර පානය කිරීමෙන් වකුගඩු වල ගල් ඇති වීම වළක්වා ගන්න පුළුවන්. හැබැයි වකුගඩු රෝග වලින් පෙළෙන අය ලෙමන් දිනකට උවමනාවට වඩා ශරීරයට එකතු කෙරීමෙන් වලකින්නත් වගබලා ගන්න ඕනෙ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1586 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:13 AM
Script:/article/1586/lets-see-what-happens-if-you-drink-lemon-for-one-week.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:13 AM
Script:/article/1586/lets-see-what-happens-if-you-drink-lemon-for-one-week.html