දෙතොල් කළු වීම අවම කරන්න පිපිඤ්ඤා යුෂ

March 20, 2018
15,031
Cucumber juice for lips
සුන්දර දෙතොලක් කියන්නේ කාන්තාවගේ සුන්දරත්වය වැඩි කරලා පෙනෙන අංගයක්. ඉස්සර ඉඳලම කාන්තාවන්ගේ දෙතොල් වර්ණනා වුනේ ඒ නිසානේ. හැබැයි ඉතින් ඒ සුන්දරත්වය රැක ගන්න නම් ඔබට ඒ වෙනුවෙන් පොඩි කැප කිරීමක් කරන්න වෙනවා. මොකද අපේ සුන්දරත්වය රැකෙන්නේ අපි ඒ වෙනුවෙන් දක්වන සැලකිල්ල අනුව. කාන්තාවන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දෙතොල් අවපැහැ ගැනීම කියන්නේ. මේ තත්ත්වය ඇතිවෙන්න හේතු කීපයක්ම තියෙනවා.

එකක් තමයි දැඩි අව් රශ්මිය. අව් රශ්මිය නිසා අපේ සම අවපැහැ ගැන්වෙනවා වගේම එය දෙතොල් වලටත් බලපෑම් කරනවා. ප්‍රමිතියෙන් බාල ලිප්ස්ටික් භාවිතය නිසාත් මේ තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම රුධිර සංසරණය ක්‍රමවත්ව සිදු නොවීම, වතුර පානය අවම වීම මේ තත්ත්වය ඇති වෙන්න හේතුවක්. ඒ වගේම දුම්පානය තවත් ප්‍රධාන හේතුවක් වෙනවා.

මේ තත්ත්වයන් නිසා දෙතොල් වලට හානි වුනු අයට සරල ව්සඳුම් කිහිපයක්ම තියෙනවා.පහසුවෙන් වගේම වියදමක් නැතිවම කර ගන්නත් පුළුවන්. පොඩි කාලයක් වෙන් කරන එක විතරයි කරන්න ඕන.

1. පිපිඤ්ඤා යුෂ

පිපිඤ්ඤා යුෂ ස්වල්පයක් දෙතොල් වල ආලේප කර විනාඩි කිහිපයක් සම්භාහනය කරන්න. ඒක ඔබට පහසු වෙයි. එහෙමත් නැත්තන් පිපිඤ්ඤා පෙත්තක් තොල් මත තබාගන්න. විනාඩි 10ක් පමණ දෙතොල්මත තබා සිට ඉවත් කරන්න.

2. මී පැණි

මී පැණි කියන්නේ අවපැහැ දෙතොල් වලට හොඳ විසඳුමක්. රාත්‍රී නින්දට පෙර දෙතොල් වල මී පැණි ආලේප කර උදෑසන ඉවත් කරන්න. හැබැයි ඉතින් පිරිසිදු මී පැණි වෙන්නත් ඕන.

3. සීනි වලින් දෙතොල් වලට ස්ක්‍රබ් එකක්

මෙයට අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩියක් හා සීනි ටිකක් විතරයි. ලෙමන් පෙත්තක් කපාගෙන එය මතට සීනි ස්වල්පයක් ඉසින්න. දැන් ඒ ලෙමන් පෙත්ත විනාඩි කිහිපයක් තොල් මත සෙමින් අතුල්ලන්න. සතියකට වරක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්

4. ග්ලිසරින්

තොල් වියලීම නිසාත් තොල් වලට අඳුරු බවක් එක වෙනවා. ග්ලිසරින් කියන්නේ එයට ප්‍රතිකර්මයක්. ග්ලිසරින් ස්වල්පයක් පුළුන් කැබැල්ලකට ගෙන වියලි තොල් වල ආලේප කරන්න. රාත්‍රී නින්දට පෙර ආලේප කර උදෑසන ඉවත් කරන්න.

5. නින්දට පෙර make up ඉවත් කරන්න

Make up නිසියාකාරයෙන් ඉවත් නොකිරීම තොල් කළු වීමට වහෙම මුහුණ අවපහ වීමට හා තවත් ගැටළු රැසක් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා ඔබ දිනපතා Make up භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යෙන් හොඳින් එය ඉවත් කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මේ කිව්ව සත්කාර වලින් එකක් කරන්න අමතක කරන්න එපා. ඒ පෝෂණය හා ආරක්ෂාව ඉතා වැදගත් වෙනවා.

මේ සත්කාර වලින් එකක් දෙකක් හෝ සතියකට වරක් try කරල බලන්න. ඒ අතරම ඔබ කරන්න ඕන අනිවාර්ය දෙයක් තියෙනවා. ඒ තමයි වැඩිපුර වතුර පානය කරන එක අපිට තියෙන බොහොමයක් රූපලාවන්‍ය හා සෞඛ්‍යය ගැටලු වලට වතුර කියන්නේ තියෙන හොඳම හා අංක එකේ විසඳුම. ඒ නිසා අනිවාර්යයෙන් වැඩිපුර වතුර බොන්න. සමේ තෙතමනය ආරක්ෂා කරන ගමන්ම සැමට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න වතුර වලට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   46,506
   16

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 remedies for dry skin
   31,944
   16

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Match colours of your cloths like this
   42,042
   13

ඇඳුම් වල පාට මේ විදිහට මැච් කරන්න

ඇඳුම් කට්ටල වල වර්ණ ගැලපීම ගැන ඔයාට කරුණු කිහිපයක් Hadakari වෙතින් කියලා දෙන්න තීරණය කළා
Know the meaning of your tattoo
   26,367
   12

තේරුම දැනගෙන පච්ච (Tattoo) ගහන්න - (01 කොටස)

ෆැෂන් එකක් විදිහටත්, ආකාර්ෂණීය බවක් ලබා ගන්නත් ඔයා පච්චයක් ගැහුවට ඇත්තටම පච්චයකින් කියැවෙන අරුතක් තියෙනවා. ඔයාගේ ආගම, සංස්කෘතිය, අත්දැකීම්, රුච් අරුචිකම් මේ හැමදේම බලපානවා ටැටූ එකක් ගහන්න. ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ ටැටූ එකේ නියම තේරුම දැනගෙන ටැටූ එක ගහන්න පුළුවන්
How to win loneliness as a woman - lets identify loneliness
   11,348
   12

තනිකම ජය ගන්නේ කොහොමද දන්නවා ද? 1 කොටස - තනිකම යනු කුමක් දැයි හඳුනාගනිමු

'තනිකම' සමාජයේ විවිධ කොටස් අතර ලැව් ගින්නක් මෙන් පැතිරෙමින් පවතින බව මානසික සෞඛ්‍ය විශේෂඥයෝ පැවසීමයි. ඒ නිසා අද අපි ඔබට කියන්නම් සමාජ දුරස්ථතාව අනුගමනය කරන ගමන් ඔබේ තනිකම හඳුනා ගනිමු..

Latest Articles

Most Viwed