උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති වෙන එක බොහෝ දෙනෙක් අතර දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමෙන් වෛරස වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට බෝවන රෝග වැළදීමේ අවදානමෙන් මිදෙන්න නම් කල යුතු දේවල් කිහිපයක් ගැන කියන්න හිතුවේ.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති නම් ,සතියකට වැඩි කාලයක් කැස්සෙන් පෙළුණා නම්, උණ සමඟ දරුණු හිසරදයක් ඇති නම් වෛද්‍යවරයා හමු වන්න.
බෝවන රෝග වැළඳීමේ අවදානමෙන් මිදීමට වාෂ්ප ඇල්ලීම සාර්ථක ක්‍රමයක් වෙනවා. වාෂ්ප ඇල්ලීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි ආසාදන සමග ඔයාගේ ශරීරය පොරබදමින් ඔයාට හොඳ හැඟීමක් ඇති කරනවා. වාෂ්ප ඇල්ලීම නිවසේදී පහසුවෙන්ම කර ගන්න පුළුවන්. හොඳ පුරුදු ඉගෙන ගැනීම වැදගත් වෙනවා. වාෂ්ප ඇල්ලීමේ ප්‍රධාන වාසිය නම් උගුර සහ පෙනහළු වල ඇති ශ්ලේෂ්මල ලිහිල් කිරීමයි. කෙටි කාලයක් තුළ ඔයාගේ හුස්ම වැටීම යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ සලසනවා. වාෂ්ප ඇල්ලීම මගින් ආසාදනයට වගකිව යුතු වෛරසය විනාශ කරන්නේ නැහැ. නමුත් ඔයාගේ ශරීරය සීතල සමඟ සටන් කරන විට වාෂ්ප ආශ්වාස කිරීමෙන් ඔයාට සහනයක් ඇති කරනවා.
ආහාර පිළියෙළ කිරීමට පෙර සහ පසු, කෑමට පෙර සහ වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු ඔයාගේ අත් හොඳින් සෝදන්න. අත් සේදීමේදී සබන් හා උණු වතුර හෝ විෂබීජ නාශකයක් භාවිතා කරන්න.
එන්නත් ලබා ගැනීම මගින් ප්‍රතිශක්තිකරණය වැඩි කර ගෙන බොහෝ රෝග වැළඳීමේ අවදානම බෙහෙවින් අඩු කර ගන්න පුළුවන්.
ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්න.
ඔයාට ආසාදනයක සලකුණු හා රෝග ලක්ෂණ ඇත්නම් නිවසේ රැඳී සිටින්න. වමනය, පාචනය හෝ උණ වැළඳී ඇත්නම් රැකියාවට හෝ පන්ති වලට යන්න එපා.
ආහාර පිළියෙල කිරීම ගැන බුද්ධිමත් වන්න. ආහාර පිළියෙල කරන විට මුළුතැන්ගෙයි මතුපිට පිරිසිදුව තබා ගන්න. වැඩිපුර ඇති ආහාර වහාම ශීතකරණයට දමන්න. පිසූ ආහාර දීර්ඝ කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගන්න එපා.
විෂබීජ පැතිරීම නැවැත්වීම සඳහා, කුස්සිය හා වැසිකිළිය වැනි විෂබීජ පැතිරීමට යන ස්ථාන පිරිසිදු කිරීමට වග බලා ගන්න.
පුද්ගලික අයිතම අනිත් අය සමග බෙදා නොගන්න. ඔයාටම අයිති දත් බුරුසුවක්, පනාවක් හෝ රේසර් තලයක් භාවිතා කරන්න.