වෙස් මුහුණු දාගත්ත මිනිස්සුන්ගෙන් ඔයා බේරෙන්නේ කොහොමද?

August 1, 2018
14,274
How to escape from two faced people
ඔයා කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් කවදාවත් ඔයාට තනිවම කිසිම කටයුත්තක් කර ගන්න බෑ. කුමන හෝ අවස්ථාවක කුමන හෝ කාය්‍යයකට ඔයාට කා සමග හෝ සම්බන්ධතාවක් පවත්වාගන්න සිදු වෙනවා. ජීවන ගමනේ විවිධ සංධිස්ථාවනවලදී ඔයාට ඕන තරම් මිනිසුන් හමු වෙලා ඇති. ඒ අතරේ ඔයාට උදව් කරපු, ඔයාව දිරිමත් කරපු, වැටුණු තැනින් ඔයාව නැගිටවපු මිනිස්සු ඔයා ළඟ අනන්තවත් ඇති. එහෙම මිනිස්සුන්ගේ මතකයක් ඔයා ගාව නෑ කියලා කියන්නේ ඇත්තටම හොඳ මිනිස්සුන්ට වඩා ඔයාට ඔයාගේ ජීවිතේ මුණගැහිලා තියෙන්නේ ව්‍යාජ මිනිසුන්. එහෙමත් නැත්තම් වෙස් මුහුණු දා ගත්ත මිනිසුන්. ඒ වගේ මිනිස්සු නිතරම කරලා තියෙන්නේ වෙස් මුහුණු දා ගනිමින් විවිධ අවස්ථාවල ඒ ඒ අවශ්‍යතා වෙනුවෙන් පෙනී ඉදමින් ඔයාව පාවිච්චි කරපු එක. අද Hadakari වෙතින් ඉදිරිපත් කරන මේ ලිපිය කියවලම බලන්නකෝ. සමහර විට මේ වැනි යහලූ හිතමිත්‍රාදින් ඔයා ළග තවමත් ඇති. බුද්ධියෙන් නෙමෙයි හදවතට එකගව හිතන්න. සමහර විට අපි මේ කියන ලක්ෂණ ඔයා ගාවත් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්.

වෙස් මුහුණු දැමු පුද්ගලයින් අවධානය යොමු කරන්නේ තෝරාගත් පිරිසකට විතරයි.

ව්‍යාජ රගපෑමකින් ජීවත් වෙන මිනිසුන් හැම විටම ගරු කරන්නේ ධනය හා බලය තියෙන පුද්ගලයන්ට විතරයි. නිර්ව්‍යාජ පුද්ගලයින් තමන්ගේ වාසිය ගැන විතරක් හිතන්නේ නෑ. ඔවුන් අනිත් අයගේ සමාජ තත්ත්වය ගැන අනවශ්‍ය ලෙස සලකන්නේ නැහැ. ඔවුන් හැම විටම අනිත් පුද්ගලයන්ගේ යහපත් ගතිගුණවලට විතරයි. ඒත් වෙස් මුහුණු දාගත්ත මිනිස්සු නිතරම මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ අවස්ථාවට. එහෙමත් නැත්තම් උදව්වක් උපකාරයක් බලාගෙන. ඒ නිසා වෙනත් අයගේ සමාජ තත්ත්වය ගැන හිතලා කරදර වෙමින් ඉහළ සමාජ තත්ත්වයක් ඇති අය පමණක් ඇසුරු කරන්න පෙළඹෙනවා.

නිතරම අනිත් අයගේ අවධානය ගන්න උත්සාහ කරනවා

ව්‍යාජ මිනිස්සු සමාජයේ හොඳ නම දිනා ගන්න, ආකාර්ෂණය ලබා ගන්න එහෙමත් නැත්තම් සමාජයේ කැපී පෙනෙන්න උත්සාහ කරනවා. ඒත් නිර්ව්‍යාජ මිනිසුන්ට එකී අවශ්‍යතාව නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ සමාජයේ අවධානය දිනා ගන්න එක නෙමෙයි. අත්තටම හොද මිනිස්සු තමන්ගේ යහපත් කම ගැන සමාජයට ඔප්පු කරන්න යන්නේ නෑ. ක්‍රියාවෙන් තමන් ළඟ හොඳ ගතිගුණ තියෙනවා කියලා සමාජයට පෙන්නවා. ඒ කරන්නෙත් ලාභ අපේක්ෂාවෙන් නම් නෙවෙයි.

ව්‍යාජ පුද්ගලයින් නිතරම පුරසාරම් කියනවා

වෙස් මුහුණු දා ගත්ත පුද්ගලයින් නිතරම උත්සාහ කරන්නේ තමන්ට තියෙන දේවල් හා තමන් දිනාගත් දේවල් ගැන පුරසාරම් කියන එක. ඒත් නිර්ව්‍යාජ මිනිසුන් නිරහංකාරයි. ඔවුන්ට සමාජයේ අවධානය ගන්න අමුතුවෙන් පුරසාරම් දොඩවන්න අවශ්‍ය වෙන්නේ නෑ. දැන් ඔයාම තීරණය කරන්න. ඔයාගේ අවට ඉන්න මිනිස්සු කොතරම් ව්‍යාජද ? නිර්ව්‍යාජද ? කියලා ඔයාම තීරණය කරන්න.

ව්‍යාජ පුද්ගලයින් නිතරම ඕපදූප කියන්න උත්සාහ කරනවා

ව්‍යාජ පුද්ගලයින් නිතරම වාගේ ඕපදූප කියමින් කාලය කා දමන්න උත්සාහ කරනවා. ඒත් නිර්ව්‍යාජ පුද්ගලයින් එහෙම නෑ. ඔවුන් ඔවුන්ගේ අදහස මතය සෘජුව ඉදිරිපත් කරනවා. ව්‍යාජ පුද්ගලයින්ගේ පුරුද්ද තමයි ඕහේ ඕපාදූප කියවන එක. හේතුවක් ඇතුව හෝ නැතුව තොරතෝංචියක් නැතුව කියවන එක ඔවුන්ගේ පුරුද්ද. ඒත් නිර්ව්‍යාජ පුද්ගලයා තමන්ගේ මතය හිරි නම් කතාව දුරදිග යවන්නේ නැ. ඒ වගේම බය වෙන්නේ නැතුව සෘජුවම තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා.

වෙස් මුහුණු දා ගත්ත මිනිස්සුන්ට කවදාවත් පොරොන්දු රකින්න බෑ

ව්‍යාජ මිනිසුන් කවදාවත් පොරොන්දු රකින්නේ නෑ. ඔවුන්ට යම් කෙනෙක් පොරොන්දුවක් රැකීමේ කිසිම වැදගත්කමක් දකින්නේ නෑ. ඔවුන් නිතරම හිතන්නේ තමාට පොරොන්දු ඉටු කරන්න බැරි වුණු හේතුව අනිත් අය දැනගත යුතුයි කියලා. එයින් අනිත් කෙනා පීඩාවට පත් වෙනවා කියලා ඔවුන් සැළකිලිමත් වෙන්නේ නෑ. ඔවුන් ඒ වගේම නිතරම සැලසුම් වෙනස් කරනවා. ඒත් නිර්ව්‍යාජ මිනිසුන් කවදාවත් එහෙම කරන්නේ නෑ. ඔවුන් තමන් දුන් වචනය උපරිමයෙන් රකින්න උත්සාහ කරනවා.

තවත් කෙනෙක්ව විවේචනය කර අපහසුතාවට පත් කරන එක ව්‍යාජ මිනිසුන්ගේ පුරුද්දක්

වෙස්මුහුණු දාගෙන ඉන්න ගොඩක් දෙනෙක් තවත් කෙනෙක්ව අපහසුතාවට පත්වෙන විදිහට අපහසුතාවට පත් කරනවා. ගොඩක් වේලාවට කරන්නේ තවත් කෙනෙක්ව පහත් කරලා කතා කරලා තමන්ගේ තත්ත්වය උසස් කර ගන්න. ඒත් නිර්ව්‍යාජ පුද්ගලයන් තමාගේ මිතුරන් හෝ තමන්ගේ සේවකයන් ප්‍රශංසා කරමින් ඔවුන්ට හැකි හැම විටම උපකාර කරනවා.

ව්‍යාජ පුද්ගලයින් ප්‍රියජනක විදිහට හැසිරෙන්නේ තමන්ගේ අවශ්‍යතාවට පමණයි

ව්‍යාජ පුද්ගලයින් ආචාරශීලීව කටයුතු කරන්නේ තමන්ට ප්‍රයෝජනවත් වන මිනිසුන් ඉදිරියේ විතරයි. එහෙමත් නැත්තම් යම් දෙයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට විතරයි. ඔවුන් තමන්ට ප්‍රයෝජනයක් නැති මිනිස්සු ඉදිරියේ ආචාරශිලීව හැසිරෙන්නනේ නෑ. ඒත් නිර්ව්‍යාජ පුද්ගලයෙක් හැම විටම ප්‍රියජනක හා ආචාරශීලි විදිහට හැසිරනෙවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 992 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:32 AM
Script:/article/992/how-to-escape-from-two-faced-people.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/992/how-to-escape-from-two-faced-people.html