අමාරුවේ නොවැටී මේ විදියට අනවශ්‍ය වියදම් පාලනය කර ගන්න

April 5, 2018
4,695
Spend without spending for unnecessary
මේ කියන්නේ හැමෝමටම තියෙන ප්‍රශ්නයක් ගැන. සල්ලි නම් ඉතින් කොච්චර තිබුනත් මදි කියලනේ හැමෝම කියන්නේ. මොකද අපි හම්බකරන ගානට වඩා අපිට වෙන වියදම් වැඩියි. ඒ වගේම ඉතින් අද ඔයා ළඟ තියෙන සල්ලි හෙට තව කෙනෙක් ළඟ. සල්ලි සබන් පෙණ කියන්නේ එකනේ. මේ තියෙනවා, මේ නෑ. කොහොම හරි කමක් නෑ මේ කියන්නේ මුදල් පරිහරණය කරද්දී ඔයා කොහොමද ඒක බුද්ධිමත් විදියට කරන්න ඕන කියලා.

1. විශේෂයෙන් කාන්තා පාර්ශවයට අවශ්‍යතා එමටයිනේ. පඩිය අතට ගත්තට පස්සේ හම්ම්බ කරාටත් වඩා වියදම් කරලා, මාසේ අන්තිමට බලද්දී ණයත් වෙලා. බුද්ධිමත් කාන්තාවක්, තරුණියක් විදියට ඔයා කරන්න ඕන උපයන මුදලට වඩා වියදම් නොකරන එක. හොඳම දේ තමයි වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියළු වියදම් කිරීම.

2. තේරුමක් නැති, ප්‍රයෝජනයක් නැති දේවල් මිලදී ගන්න එපා. තරුණ, වැඩිහිටි කියලා භේදයක් නැතුව කාන්තාවන් කරන තවත් දෙයක් තමයි මේක. ලස්සනට, අසාවට දේවල් මිලදී ගත්තට ඔයාට ඇත්තටම ඒවායින් ප්‍රයෝජනයක් නැත්තන් ඇති අමාරුවෙන් උපයන සල්ලි නිකරුනේ නාස්ති කරලා දාන්නේ. ඒ නිසා දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න. එක ඔයාට අත්‍යාවශ්‍යමද නැද්ද කියලා.

3. ඔයාටත් දකින දකින දේ මිලදී ගන්න ඕන වෙන පුරුද්දක් තියෙනවා නම් ඒක දැන්ම අත් හරින්න. අතේ තියෙන සල්ලි ටික වියදම් වෙන්න මේකත් එක හේතුවක්. විශේෂයෙන් සේල් මඟහරින්න. නැත්තන් ගෙදරින් එනකොට අරගෙන ආව සල්ලි වලට මොකද වුනේ කියලා හිත හිතා ඉන්න වෙයි.

4. ඒ වගේම පුළුවන් හැම වෙලාවකම ඔයාට සහ අනිත් අයට අවශ්‍ය ආහාර පාන ගෙදරම සකස් කර ගන්න. කන බොන දේවලුත් එළියෙන් ගන්න ගියහම වියදම නොදැනම තවත් වැඩි වෙනවා. ඒ වගේම වෙන වෙන අවශ්‍යතා වලට එලියට යද්දී බඩගින්නේ ගෙදරින් එලියට බහින්න එපා. එහෙම උනොත් අතර මඟදී තව වියදම් එකතු වෙනවා.

5. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මුදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔයාට අනවශ්‍ය කරදර ඇති වෙනවා.

6. විදුලිය, ජලය භාවිතා කරද්දී අනවශ්‍ය ලෙස ඒ දේවල් වැය කරන්න එපා. අපතේ යවන්න එපා. ඒකෙන් විදුලිය, ජලය විතරක් නෙවෙයි ඔයාගේ මුදලුත් නාස්ති වෙනවා. තවත් දෙයක් තමයි ජල බිල්, විදුලි බිල් නිසි වෙලාවට ගෙවා නිම කරන්න. ඒවා එකතු වෙනකන් හිටියම තියෙන කරදරේ ඔයා දන්නවා ඇතිනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 748 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:36 PM
Script:/article/748/spend-without-spending-for-unnecessary.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:37 PM
Script:/article/748/spend-without-spending-for-unnecessary.html